|

හැමදේටම අවශ්‍යවන CUD එක ගත්තද? [2022]

Inps මගින් නිකුත් කරන 2022 Modello CUD මාර්තු 16 වනදා සිට ලබා ගත හැකි වනු ඇතැයි අනුමාන කෙරේ.ගිය වසරේදීද මාර්තු මැද සිට මෙම දත්ත නිකුත් කෙරිණි .
එය 730 පෝරමය සකස් කිරීම, Isee සහ වෙනත් බොහෝ අත්‍යවශ්‍ය ලේඛන සදහා අනිවාර්ය වන අතර, 2021 තුළ INPS වෙතින් ආදායමක් ලබා ඇති පහත සදහන් පුද්ගලයින් සඳහා inps වෙබ් අඩවියෙන් CUD ලේඛනය ලබාගත හැක.

  • විශ්‍රාමිකයින් (pensionati)
  • රැකියා විරහිතභාවය (Naspi )
  • Cassa integrazione
  • Maternità Inps

නමුත් ඔබ Inps CUD බාගත කරන්නේ කෙසේද? ඔබේ spid එක මගින් ඇතුලු වීමෙන් පහසුවෙන්ම ඔබේ Modello Cud 2022 ඔබට ලබා ගන්න පුලුවන්. තවද විශ්‍රාමිකයින්ට CU Inps 2022 විද්‍යුත් තැපෑලෙන් එවන ලෙස ඉල්ලා සිටිය හැක.

Lavoro dipendenti සදහා ඔබේ ආයතනයෙන් CUD 2022 විමසිය හැකි අතර ගෘහ සේවකයින් සදහා සේවායෝජකයින් විසිත් නිකුත් කරන modello CUD එකක් ලබා දේ.
ඔබට පසුගිය වර්ෂ වල CUD ලබා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා Agenzia delle Entrate වෙතින් ලබගැනීමට හැකිය.

INPS වෙබ් අඩවියෙන් CUD එක ගන්න ආකාරය බලමු.

ඔබ මේ වෙබ් අඩවියට ලොග් වෙන විදිය තෝරගන්න.

ඔබ ලොග් වුනාට පසුව Fascicolo යන වචනය ලියා සර්ච් කරන්​න. ඉන් පසුව FAscicolo Previdenzilae del Cittadino යන්න තෝරන්න.

දැන් මේ ආකරයට CUD එක බලාගන්න පුලුවන්.ඔබට අවශ්‍ය නම් මෙය ප්‍රින්ට් කරගන්නත් පුලුවන්.

ඉදිරි ලිපියෙන් Agenzia delle Entrate වෙබ් අඩවියෙන් CUD එක ගන්න ආකරය පැහැදිලි කරන්නම්.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *