| |

අවුරුදු 18 දී CITTADINANZA ITALIANA

අවුරුදු 18 දී CITTADINANZA ITALIANA ගන්නෙ කොහොමද?
La Legge n. 91 del 5 febbraio 1992 (art. 4 2° comma)

ඉතාලියේ ඉන්න අවුරුදු 18 දරුවන්ට Cittadinanza Italiana එක ලබා ගන්නෙ කොහොමද කියල ඔබට මේ ලිපියෙන් දැන ගන්න පුලුවන්.

උපත

දරුවා ඉතාලියේ උපත ලබා තිබිය යුතුයි.

Residenza

දරුවා උපන් දා සිට ඉතාලිය ඇතුලත අඛණ්ඩව ස්ථීර පදිංචිය අවුරුදු 18 වන තුරු තිබිය යුතුයි. Residenza Anagrafica එකම Comune තිබීම අවශ්‍ය නොවේ.

යම් කිසි හේතූන් මත Residenza අඛණ්ඩව නොමැති නම් Documentazione Idonea යටතේ

  • ඉතාලියේ පාසල් සහතික (Certificati Scolastici )
  • වෛද්ය සහතික Ccertificat iMmedici) ඉදිරිපත් කිරීමෙන් ඉතාලිය තුල පදිංචිය ඔප්පු කිරීමට හැකි​ය.

වලංගු වීසා බලපත්‍රය

අවුරුදු 18 සම්පූර්ණ වන අවස්ථාවේදී දරුවාට දෙමාපියන්ගේ වීසා බලපත්‍රය යටතේ Permesso di Soggiorno හෝ Permesso di Soggiorno lungo periodo තිබිය යුතුයි.
මීට අමතරව බොහෝ අවස්ථාවලදී Certificato Frequenza Scolastica (ඉතාලියේ පාසල් සහතිකය) ඉල්ලා සිටිනු ඇත.

දරුවාගේ වයස 18 සම්පූර්ණ වීමට පෙර පදිංචි Comune මගින් අනිවාර්යයෙන් දැනුම්දීමක් කරනු ලැබේ. ඉන්පසුව පදිංචි Comune ඇති Ufficio di stato civile අංශයට සම්බන්ධ වීමෙන් පසු අවශ්‍ය ලියකියවිලි පිලිබද ඔබව දැනුවත් කරනු ඇත. මේ සදහා ලබා දී ඇති කාලය අවුරුදු 18ත් 19ත් අතර වේ. ඔබට Comune මගින් දැනුම්දී නොමැති අවස්ථාවකදී වයස 19 ඉක්මවා ගොස් ඇති වූවත් Cittadinanza Italiana ඉල්ලුම් කිරීමේ හැකියාව ඇත. නමුත් ඔබ අවධානයෙන් සිටීමෙන් ප්‍රශ්න ඇතිකර ගැනීම වලක්වා ගත හැකිය. දරුවා විසින් Dichiarazione di Volontà di Acquisto ඉදිරිපත් කලයුතුය. ඉතාලි ජාතිකයෙක් වීමට තමා කැමති බව මේ ලිපිය මගින් අදහස් කෙරේ. Matteo Salvini විසින් 2018 දී යාවත්කාලීන කරන ලද නීතියට අනුව 250 Euro මුදලක් postale මගින් ගෙවීම අනිවාර්ය කර ඇත.

ඉතාලියේ Cittadinanza ලබාගැනීම නිසා ලැබෙන ප්‍රධාන වාසි අතර,

    1. ඡන්ද අයිතිය
    2. ඉතාලි රජයේ රැකියාවක් කිරීමට හැකිවීම
    3. යුරෝපා සංගමයේ සෑම පුරවැසියෙකුටම ලැබෙන සියලුම පහසුකම් අයත් වේ.

ඉතාලියේ උපන් අවස්ථාවේදීම (Ius soli) හෝ උපත ලබා නොමැති වුවත් ස්ථිර අධ්යාපනය ලබන දරුවන්ටත් (Ius culturae ) ඉතාලි පුරවැසිභාවය (cittadinanza) ලබාදීම පිලිබදව වසර ගණනාවක් පාර්ලිමේන්තුවේ පුරා සාකච්ඡා පවතින අතර බොහෝ ඉක්මනින් එය ස්ථීර වේයැයි බලාපොරොත්තු වෙමු.

ඉතාලියේ උපත ලැබුවත් ලංකාවට ගොස් අවුරුදු 18 සම්පූර්න වීමට කලින් ඉතාලියට පැමිනියොත් පුරවැසිභාවය ලැබෙනවද?

මේ ගැන ඉහත සදහන් කල පරිදිම ඒ සදහා මූලික සුදුසුකම් අවශ්‍යය වේ. නමුත් යම් යම් අවස්තාවන්හීදි එක එක පලාත් වල ඉහත සුදුසුකම් නොමැතිව අයදුම්ක​ල දරුවන්ටද වයස අවුරුදු 18 වන විට පුරවැසි​භාවය ලැබි තිබෙනවා. මෙය හුදෙක්ම වාසනාව මත සිදුවන දෙයක් බවද මතක් කල යුතුවේ.

යම් ආකාරයකින් ඉහත මූලික සුදුසුකම් නොමැති දරුවන්ට වයස අවුරුදු 18 සම්පූර්න වූ පසුව, නොකඩවා අවුරුදු තුනක රෙසිඩන්ට් හා දෙමව්පියන්ගේ ආදායම් ඉදිරිපත් කර පුරවැසිබාවය සදහා ඉල්ලුම් කිරීමට හැකියාව තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *