ඉතාලි පුරවැසිභාවය අයදුම්  කිරීමෙන් පසු​ව ඔබ දැනගත යුතු කරුණු.

අයදුම්පත් යොමු කළ පසු ඔබට K 10 නමින් අංකයක් ලැබෙනු ඇත. ඉදිරි යොමු සහ විමසීම් වලදී එය භාවිතා කළ හැකි වනු ඇත. පුරවැසිභාවය අයදුම් කල පසුද ඔබගේ ආදායම් එලෙසම තිබිය යුතුය. එමෙන්ම පදිංචිය (රෙසිඩන්ස්) නොකඩවා තිබිය යුතු වේ. අයදුම්පත් යොමු කළ පසු Fase 1/2 ඉතාමත් දීර්ඝ කාලයක් ගන්නා අතර එහිදී ඉතාලිය තුළ සියලු අදාල ආයතන තුළින් ඔබ පිළිබඳ තොරතුරු ලබා ගැනීම Prefettura අයතයනය මගින් සිදු කරයි.

ඉන් පසුව සියල්ල නිවැරදි නම් Fase 3 වෙත ඔබ යොමු කරයි. එය සාමාන්‍යයෙන් සති දෙකක් පමණ පවතින අතර අනතුරුව Fase 5 වෙත මාරු වේ. ඉන් අනතුරුව මාස දෙකක් තුනක් අතර කාලය තුළ බොහෝ දුරට Fase 7 එනම් Pratica Definita වේ. ඉහත කාලසීමාවන් ගේ වෙනස්වීම් නගරයෙන් නගරයට වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න.

හැකි සෑම විටම spid මාර්ගයෙන් ඔබගේ pratica එක ඔබ විසින්ම පරීක්ෂා කරගන්න. තවද පහත අංක වලින් සම්බන්ධ වී ඔබගේ K 10 අංකය සහ ඔවුන් වෙත ඔබගේ අනන්‍යතාව ඔප්පු කර තොරතුරු ලබා ගත හැක. එම දින තුන තුල උදැසන 10 සිට 12 දක්වා දුරකථන ඇමතුම් ලබා ගැනීමට හැකි අතර වරක් දෙවරක් උත්සාහ කළ පමණින් ඇමතුම ලබා ගත නොහැකි වනු ඇත. මේ අතර තවත් මතක් කළ යුතු කරුණක් වන්නේ අයදුම් කල ලිපිනය සහ ඔබගේ දැනට පදිංචිය වෙනස් නම් ඒ පිළිබඳව සැලකිලිමත් වන්න.

අඩුපාඩු ඇතොත් ඔවුන් ලිපියක් මගින් ඔබ දැනුවත් කරනු ලබන අතර දින 10 තුළ එම අඩුපාඩු Prefettura ආයතනය වෙත යොමු කළ යුතුම වේ. නැතහොත් ඔබගේ අයදුම්පත නිෂ්ප්‍රභා කිරීමට අයිතිය ඔවුන් සතු වේ.

විස්තර දැනගත් හැකි දුරකතන අංක

  • 3346909996 සඳුදා
  • 07/46539955 බදාදා
  • 3316536673 සිකුරාදා

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *