Assegno di maternità දරුවන් අපේක්ශිත මව් වරුන්ට ලැබෙන දීම​නා

දරුවෙ​ක් අපේක්ෂිත මව් වරුන්​ට ලැබෙන තවත් දීමනාවක් තමයි මෙම Assegno di Maternità නමින් හදුන්වන ආර්ථික සහනය. මෙම දීමනාව

  1. Assegno di maternità dello stato
  2. Assegno di maternità dei comune යනුවෙන් වර්ග දෙකකට බෙදේ.

Assegno di maternità dello stato

ස්ථිර නොවන කඩින් කඩ රැකියා වල නියුතු වන සේවාදායිකාවන් සදහා රජය මගින් ලබා දෙන මාතෘ දීමනාවක් වන අතර INPS ආයතනය හරහා මුදල් ලබා දීම සිදු කරයි. දරුවා​ගේ මව, පියා හෝ දරුවන් හ​දාගැනීමට ගන්නා භාරකරුවන්ට මේ සදහා ඉල්ලුම් කල හැක .

සුදුසුකම්

  • ඉතාලියේ ස්ථිර පදිංචිය තිබිය යුතුයි.
  • විදේශීකයන් සදහා permesso di soggiorno per lungo periodo තිබිය යුතුය.

මව විසින් ඉල්ලුම් කරන්නේ නම්,

ඇය රැකියාවක නිරත වන්නේ නම් දරු​වා ඉපදීමට මාස 9 ක් හෝ 18 කටවත් පෙර මාස 3ක් contribuiti ගෙවා තිබිය යුතුයි. මෙය මෙම ආකාරයට ම දරු​ව​කු හදා ගැනීම සමිබන්ධයෙන්ද අදාල ය. ඇය අඩුම තරමේ මාස 3ක් රැකියාවක නිරත වී සිට රැකියාව අහිමි වී රජයෙන් ලැබිය යුතු දීමනා (Mamme in Disoccupazione NASPI,in cassa integrazione) ලබා ගත්තා නම් අවසන් වරට INPS මගින් මුදල් ලැබී මාස 9ක් පසු වී නොතිබිය යුතුය.

ගර්භණී කාලය තුළ තම කැමැත්තෙන් රැකියා වෙන් ඉවත් වූයේ නම් මාස 3ක් වත් contribuiti ගෙවා තිබිය යුතුයි. (දරු​වා ඉපදීමට මාස 9 ක් හෝ 18 කටවත් පෙර)

  • Mamme in gestione separata එනම් වෘත්තීය සුදුසුකම් මත INPS ආයතනයෙහි ලියාපදිංචි වී අවම වශයෙන් මාස 3ක් contribuiti ගෙවා ඇත්නම්

පියා විසින් ඉල්ලුම් කරන්නේ නම්,

මව විසින් දරු​වා හැර ගොස් පියා තනි භාරකරු විය යුතුයි. මෙහිදීත් මව ගෙවා ඇති contribuiti පුමාණය සලකයි.
මව හෝ භාරකාර මව මිය ගොස් ඇති අවස්ථා වක . මෙහිදී contribuiti ගෙවා ඇති පුමාණය නොසලකන අතර දෙමව්පියන් ගේ ස්ථිර පදිංචිය හා සොජෝර්නෝ ව පරීක්ෂා කරයි. දරු​වා ඉපදී හෝ දරු කම​ට හදා ගැනීමට පවුලට එකතු වී මාස 6ක් ඇතුලත www.inps.it මගින් ඉල්ලුම් කල යුතුය.

මෙහිදි මසකට €348,12 බැගින් මාස 5ක් සමිපූර්ණ මුදල ලෙස 1.740,60 ලැබෙනු ඇත. මෙම දීමනාව සදහා අයදුම් කිරීමට ISEE 2020 අගය 17.416,60 වඩා අඩු විය යුතුය.

Assegno di maternità dei comuni

මෙය තමන්ගේ ස්ථිර පදිංචිය හිමි නගර සභාව මගින් INPS ආයතනය හා එක්ව රැකියා විරහිත ගෘහණියන්ට ලබා දෙන ආධාර යකි. දරු​වා ඉපදී හෝ දරුකම​ට හදා ගැනීමට ගන්නා දරු​වා පවුලට ඇතුලත් වී මාස 6ක් ඇතුලත තම නගර සභාවෙන් ඉල්ලුම් කල යුතුය.

වර්ෂයෙන් වර්ෂය ISTAT අගයන් අනුව මෙම දීමනාවෙහි අගය වෙනස් වන අතර ගර්භණී භාවය වෙනුවෙන් වෙනත් Assegno di Maternità දීමනාවක් INPS ආයතනයෙන් ලබා ගන්නේ නම් මෙම දීමනාව ලබා ගත නොහැක. එනම් මෙය රැකියා විරහිත මවිවරැන්ට ලබාදෙන දීමනාව කි. (අදාල නගරසභාවෙහි නීති රීති අනුව වෙනස් කම් ඇති විය හැක)

Permesso soggiorno per soggiornante di lungo periodo තිබිය යුතුය.මෙහිදි මසකට €348,12 බැගින් මාස 5ක් සමිපූර්ණ මුදල ලෙස 1.740,60 ලැබෙනු ඇත. මෙම දීමනාව සදහා අයදුම් කිරීමට ISEE 2020 අගය 17.416,60 වඩා අඩු විය යුතුය.

අදාල නගරසභාවෙහි servizi sociali අංශයෙන් විමසන්න. බොහෝ විට එම නිලධාරීන් ම ඉල්ලුම් පත්‍රය පිරවීමට සහය ලබා දෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *