730 මගින් ලැබෙන මුදල් ඔබගේ ගිණුමට ලබාගන්නේ කොහොමද?

730 යනු ඉතාලියේ සේවය කරන පුද්ගලයින් හා විශාමිකයන් සෑදිය යුතු ආදායම් බදු ගනනය කිරීමේ ආකෘතියයි.මෙම ගණනය කිරීමේදි ඔබට යම් මුදලක් ලැබිය යුතු නම් මෙය ලබගන්නේ කොහොමද යන්න දැනුවත් කිරීම අපගේ අරමුණයි.

730 ගණනය කිරීමේදී ඔබට මුදල් ලැබිය යුතු නම් එය ලැබෙන ආකාරයන්.

  1. ඔබට ලැබෙනුයේ බුස්ත පාගා නම් ඔබගේ බුස්තා වලට මාසික​ව එම මුදල් එකතු වෙනු ලබනවා.
  2. ඔබ කරනුයේ බුස්තපාගා නොලැබෙන රැකියාවක් නම් ඔබට දෙසැම්බර් මාසයේදී මෙම මුදල් ඔබගේ බැංකු ගිනුමට ලබා ගැනිමේ හැකියාව තිබෙනවා.

අද අපි කතා කරන්නේ මුදල ලබා ගැනීමට ඔබගේ බැංකු ගිණුම කොහොමද ලබා දෙන්නේ කියලයි.මෙයත් ක්‍රම දෙකකට කිරීමට හැකියාව තිබෙනවා.

  1.  Agenzia Entrate එකෙන් ගන්න ෆෝම් එක පුරවලා Agenzia Entrate එකට බරදෙන එක.මේක ටිකක් කරදර වැඩක්.සමහර තැන්වල මේ සදහා දිනයක් හා වෙලාවක් වෙනකරවා ගන්න වනවා.
  2. ඔබට spid එක තිබෙනවා නම් Agenzia Entrate වෙබ් අඩවියෙන් ඔන්ලයින් දත්ත ඇතුලත් කරීම.

ඔබ පලමු ක්‍රමයට නම් කරන්නේ මෙන්න ඔබට අවශ්‍ය වන මොදෙල්ලෝ එක.මෙය පුරවන්න.මෙය ඩවුන්ලෝඩ් කර ගැනීමට ලින්ක් එක පහතින් දාන්නම්.





ලින්ක් එක මෙන්න. ක්ලික් කරන්​න.

spid එක හරහා දත්ත ඇතුලත් කරන්නේ මෙහෙමයි.





ඉස්සර තිබ්බට වඩා සයිට් එක වෙනස් වෙලා නේ. අලුත් ක්‍රමයට වෙනස් වුනාට පස්සේ මේ විදියට කරන්න.


බැංකු නම්බර් එක දාද්දි ප්‍රවේසමින් දාන්න. බැංකු නම්බර් එක කියන්නේ ඔබට ලැබෙන බැංකු කාඩ් එකේ එකේ තියෙන නම්බර් එක නෙමෙයි. මේ නම්බර් එක පටන් ගන්නේ IT කියලා නම්බර් එකකින්.


ඔය විදියට තමයි එකවුන්ට් නම්බර් එක ඇතුලත් කරන්නේ. වැඩේ හරියට කර ගත්තා නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න.මේ වගේ ලිපියක් ලියන්නම පැය ගානක් යන්වා.ඔබගේ දිරිගැන්වීම් නිසා ඉදිරියේත් මේ වගේ ලිපි ඉදිරිපත් කරන්න පුලුවන්.

ස්තූතියි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *