|

ඉතාලි එන්නේ කොහොමද?

ඉතාලියට එන එක බොහෝ දෙනෙක්ගේ හීනයක් හා ආශාවක්. මේ නිසාම බොහෝ දෙනෙක් ඉතාලියට පැමිනෙන්න ගොස් වැඩ වරද්දා ගත් අවස්ථා හා හරි පාරෙන් ඉතාලියට ආව අවස්ථා අසන්නට දකින්නට තිබෙනවා.

මේ නිසාම අපිත් තීරනය කලා හරි පාරෙන් ඉතාලියට එන්නේ කොහොමද කියලා ඔබව දැනුවත් කරන්න. මේ සියලුම ලිපි ඉතාලියේ අපි ජොබ් බෑන්ක් සමූහයේ පලවූ ලිපි වේ.

ඉතාලියට එන්න පුලුවන් වීසා වර්​ග

  • Tourist Visa (සංචාරක වීසා)
  • FAMILIARE වීසා 
  • සෘතු වීසා (වතු වීසා)
  • Student Visa
  • Schengen වීසා
  • BLUE Card
  • Sponsor Visa

Tourist visa 

 සංචාරක වීසා කොටස් දෙකකට බෙදන්න පුලුවන්.

  1. ඉතාලියේ සිට ලංකාවේ සිටින පුද්ගලයෙකුට ආරාධනාවක් කරමින් ඉල්ලීම
  2. ආරාධනාවක් නොකර සංචාරය සදහා ඉල්ලන වීසා.

මේ ගැන සම්පූර්න විස්තර පහත ලින්ක් එකෙන් බලාගන්න පුලුවන්.

මෙය ක්ලික් කරන්​න

ෆැමීලියාර් වීසා 

නිත්‍යානුකුල ඉතාලියේ රැදී සිටින, වෙනත් රටක කෙනෙක්ට තමන්ගේ ස්වාමී පුරුශ​යා ,භාර්‍යාව, ළමයි හා තම දෙමාපියන් මේ රටට ගෙන්වා ගැනිමට ඉතාලි රජයෙන් ලබා දි ඇති අවස්තාව තමා FAMILIARE වීසා කියන්නේ.

මේ ගැන සම්පූර්න විස්තර කියවීමට මෙය ක්ලික් කරන්​න.

වතු වීසා

බොහෝ දෙනෙක්ට වතු වැඩ සදහා විසා ලැබීම නිසා ලාංකීකයින් අතර මෙය වතු වීසා නමින් ප්‍රසිද්ද වුනා. මෙම වීසා එක් කාර්තුවකට නොහොත් සෘතුවකට පමනක් ලැබෙන වීසා එකකී. මෙම සෘතු විසා ඛාන්ඩ කිහිපයක් යටතේ ඉල්ලුම් කල හැකිවේ.මේ අතරින් ප්‍රසිද්දම ඛාන්ඩ දෙක වන්නේ,

  • එක් කාලයකට පමනක් විවෘත වන සංචාරක හෝටල් හා බා​ර් සදහා ලැබෙන වී​සා
  • වතු වැඩ සදහා ලැබෙන වීසා

මෙම වීසා වර්ග ලැබෙනුයේ මාස 6-9 ක් වගේ කෙටි කාලයකටය. මේ ගැන සම්පූර්න ලිපිය කියවන්න මෙය ක්ලික් කරන්​න.

2022 වර්ශයේ 2023 වර්ශයටද වතු වීසා නිකුත් කිරීමක් සිදුවුනා.මේ සම්බන්දව.

Student visa 

ඉගෙනීමට හෝ රැකියා පුහුණුවට ඇති වීසා.

මෙම වීසා ගැන දැන ගැනීමට පලවෙනි ලිපිය , දෙවෙනි ලිපිය

BLUE CARD වෘත්තීය සුදුසුකම් මත වීසා

වෘත්තීය සුදුසුකම් මත ඉතාලියට එන්න ඉන්න අයටයි මේ පනිවිඩය. මේ ගැන වැඩි විස්තර සදහා මෙය ක්ලික් කරන්න.

Schengen Visa 

Schengen යනු යුරෝපීය රටවල් බොහොමයක් ආවරණය කරන යුරෝපා සංගම් විදේශ ගමන් බලපත්‍ර රහිත කලාපයයි. කොහොමද මේ කලාපයට ඇතුල් වන්නේ?

  1. පලමු ලිපිය
  2. දෙවන ලිපිය 

Sponsor Visa

ලංකාවේ ඉන්න බහුතරයක් රැවටෙන වීසා එකක් තමයි මේ ස්පොන්සර් වීසා. ස්පොන්සර් වීසා එකක් ඕනම දවසක ඕනම කෙනෙක්ට ලබාදීමේ හැකියාවක් නැහැ. ඉතාලි රජයෙන් නියම කරන දිනක නියම කරන රැකියාවන් සදහා පමනක් මේ සදහා අයදුම් කරන්න පුලුවන්. 

2010 වගේ ස්පොන්සර් වීසා ලබාදීම සිදුවූවා.ඉන්පසුව සෑහෙන කාලයක් යනතුරුම ස්පොන්සර් වීසා ලබාදීමක් වුනේ නැහෑ. පුදුමයට කරනුන නම් 2020 අවුරුද්දේ ඉතාලියේ කොරෝනා රැල්ලත් දරුනුවටම තියෙද්දි ස්පොන්සර් විසා ලබාදෙන්න ගැසට් එකක් නිකුත් වුනා. 

මේ තියෙන්නෙ 2020 අවුරුද්දේ ආව ස්පොන්සර් වීසා එකේ විස්තරය. ලිපිය කියවන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න. මේ ගැන ඉදිරියේ සවිස්තරාත්මකව ලිපියක් ඔබ වෙත ගෙන එන්නම්.එතෙක් අදහසක් ලබාගැනීමට මේ ලිපිය කියවන්න.

2022 අවුරුද්දටත් ස්පොන්සර් වීසා නීතියක් ආවා.ඒ සදහා ලාංකීකයින් විශාල පිරිසක් සුදුසුකම් ලබලා ඉතාලියට ඇතුල් වුනා.මේ ඒ සම්බන්ද ලිපිය. එය කියවන්න මෙය ක්ලික් කරන්න.

2023 වර්ශයේ මාර්තු මාසයේ ආව ස්පොන්සර් නීතිය ගැන දැනගන්න මේ ලිපිය බලන්න.

Similar Posts