|

දික්කසාද සහතිකය VFS ආයතනයෙන් ලෙගලිස්සාරෙ කර ගන්න බැරිව ඔබ කනස්සල්ලෙන් ද?

ෆමිලියාරෙ වීසා මගින් ඉතාලියෙ සිටින තම සැමියා/බිරිඳ ලඟට යාමට බලන් හිටි අයට අළුතින් ප්‍රශ්ණයක් මතු වෙලා. ඇත්තටම මේ ප්‍රශ්ණය මතුවෙලා තියෙන්නෙ දෙවන වරට කල විවාහයක් මගින් ෆමිලියාරෙ වීසා අයදුම් කල අයටයි. (පලමු සහ එකම විවාහයක් පමණක් කර ගත් අයට මෙය අදාල නොවන බව මතක තබා ගන්න)

VFS ආයතනයට අවශ්‍යයි පලමු විවාහයේ දෙදෙනා තව දුරටත් කිසිම විදියකින් එකිනෙකා සමග නොඉන්නා බවට තහවුරු කර ගැනීමක්. ඔවුන් ඒ සඳහා ඔබ අයත් කුස්තූරා එකට, ඔබ දෙදෙනා දැන් නීතිමය වශයෙන් වෙන් වී ඇති බවට දැනුම් දුන් ලිපියක් හෝ ඒ ලිපිය කුස්තූරා ආයතනයට ලැබී ඇති බවට සහතික කර ගැනීමක් අවශයයි.

මේ සම්බන්ධයෙන් ඔබ විසින් පිළියෙළ කල යුතු යැයි අනුමාන කෙරෙන ලිපියක් අපි සකස් කලා. ලිපියේ නීත්‍යානුකූල භාවය වැඩි දියුණු කරනු උදෙසා, මෙය පළමුවෙන්ම පළාතේ කොමුනේ එකෙන් සහතික කර ගැනීම උචිත යැයි සිතමු.

දෙවනුව A/R raccomandata ක්‍රමයට හෝ fax හෝ email මගින් කුස්තූරා එකට යොමු කරන්න. (PEC Email එකක් භාවිතයෙන් වැඩි නීත්‍යානුකූල භාවයක් වගේම ඔබේ ලිපිය කුස්තුරා ආයතනයට ලැබුනු බවට ඔබට පණිවිඩයක් ස්වයංක්‍රීයවම ලැබේ)

PEC email නැති කෙනෙක්ට පහත වෙබ් අඩවියෙන් මාස 6ක කාලයකට නොමිලේ pec email address එකක් හදා ගන්න පුළුවන්. www.register.it

කුස්තූරා ආයතනයට ඔබ යැවූ ලිපිය ලැබුනු බවට කුස්තූරා එකෙන් එන කවර ආකාරයේ හෝ පණිවිඩයක් /පිළිතුරක්/ රිසිප්ට් එකක් සුරැකිව තබා ගන්න. මේ ලිපියේ පිටපතක් ඔබ ලබා ගත් පසුව, ඔබේ ගැහැණු/පිරිමි සහ අනෙකුත් අදාල කරුණුවල ස්වරූපය අනුව අදාල හිස් තැන් පුරවා ගන්න.

මෙන්න ඔබට අවශය වන ලිපිය.පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.

ඔබ කුස්තූරා එකට යවන ලිපිය සමග ඇමිණීමට පහත ලියකියවිලි කලින් සකසා තබා ගැනීම සුදුසුයි.

  1. නියත සහතිකය (decreto definitivo per lo scioglimento del matrimonio)
  2. නෛසර්ගික සහතිකය (decreto NISI per lo scioglimento del matrimonio
  3. අළුත් ව්වාහයෙ කසාද සහතිකය ( l’atto del nuovo matrimonio)
  4. පරණ සැමියා/බිරිඳ ගේ විසීමේ අවසර පත්වල කොපි (le copie di permesso soggiorno di ex-marito/moglie) පරණ සැමියා/බිරිඳ ගේ අවසර පත දික්කසාදයෙන් පසු යාවත් කාලීන (aggiornamento) කිරීමක් මගින් අළුත් කර තිබිය යුතුයි.
  5. තමන්ගෙ විසීමේ අවසර පතේ කොපියක් (una copia di permesso soggiorno in possesso) දික්කසාදයකින් පසු මෙයද aggiornamento ක් මගින් motivo familiare තත්වයෙන් ඉවත්ව තිබිය යුතුය.

පසු සටහන:

කලින් විවාහයේ සැමියා/බිරිඳ ගැන කිසිම විස්තරයක් සොයා ගත නොහැකි අය auto dichirazione එකක් දෙන්න වේවි ex-coniuge irreperibile යටතේ ,VFS ආයතනයට (එය කොතෙක් දුරට VFS ආයතනය බාර ගන්නේදැයි තවම නොදන්නෙමු)

Similar Posts