Tredicesima බදාන්තේ, ගෘහ සේවකයන්ට හා part Time කරන අයට ලැබෙන්​නේ කොහොමද?

ගෘහ සේවිකාවන්ට හා බදාන්​​ත රැකියා කරන අය සඳහා දහතුන්වන මාසයේ වැටුප සඳහා හිමිකමක් ඇති අතර එය නත්තලට කලින් ගෙවිය යුතුය. මෙම දහතුන්වන මාසයේ වැටුප සඳහා part time කරන අයට​ද හිමිකම් තිබේ.

දැන් අප මෙය ගනනය කරන්නේ කෙසේද යන්න බලමු.

බොහෝ අවස්ථාවල රැකියාවේ සම්මුඛ පරීක්ෂණයට යන අවස්තාවෙදීම 13 මාසයේ වැටුප් ලැබෙන්නේ කෙසේද යන්න ගැන බොහෝ දුරට කතා කරනවා.සාමාන්‍ය ක්‍රමයේදී නම් මාසික වැටුප​ක් ලබාදීම තමා බොහෝදුරට සිදුවන්නේ.

යම් හෙයකින් ඔබ සේවායෝජකයන් කිහිපදෙනෙක් යටතේ වැඩකරනවා නම් එය ගනනය කරන ආකරය දැන් බලමු.

ඔබ වැටුප ගෙවන්නේ වැඩකරන පැය ගනන අනුව නම්,

නිදසුනක් වශයෙන් ඔ​බ සතියකට පැය 30 ක් පැයකට යූරෝ 8 ක වැටුපක් ලබා ගන්නේ නම්, දහතුන්වන මුදල පහත පරිදි ගණනය කෙරේ,

මෙය උදාහරනයක් පමනී.ඔබ වැඩ කරන පැය ගනන් අනුව මෙය ගනනය කරගන්න. හරියාකරව අවුරුද්දක් වැඩකර තිබේනම් ඔබට සම්පූර්න මාසයක වැටුපක් ලැබෙයි.

ඔබ රැකියාවකට ගිහිල්ලා අවුරුද්දකට වඩා අ​ඩු කාලයක් නම් ගනනය කරන්නේ කොහොමද?

අපි හිතමු ඔබ මැයි 20 රැකියාවට ගියේ. ඔබට මාසිකව 1200 ක වැටුපක් ලබෙනවා. එවිට

මැයි සිට දෙසැම්බර් වෙනතුරු මාස ගනන = මාස 07 මාසික වැටුප 12න් බෙදනවා = යූරෝ 1200 / 12 = යූරෝ 100
යූරෝ 100 X මාස 7 = යූරෝ 700
එවිට ඔබට 13 වන මාසයේ ලැබෙන වැටුප යූරෝ 700

Similar Posts