TRCSL Register නැතිනම් ෆෝන් එකට සිග්නල් නෑ.

මේ දැන්වීම පලකර තිබෙනුයේ Telecommunications Regulatory Commission of Sri Lanka හෙවත් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නිල ෆේස්බුක් පිටුවෙයි. එම දැන්වීම පහතින්

මහජනතාව වෙත කෙරෙන නිවේදනයයි

ඔබ විදුලි සංදේශ උපකරණ මිලදී ගැනීමේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි වෙළඳ ආයතනයකින් මිලදී ගැනීමට නිරන්තරයෙන් කල්පනාකාරී වන්න.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදංචි නොකළ විදුලි සංදේශ උපකරණ (සිම්පත් භාවිතයෙන් ක්‍රියා කරන) දුරකථන ජාලවලට සම්බන්ධ කිරීම නුදුරේදීම අත්හිටවනු ලැබේ.
දැනට ඔබ භාවිතා කරන සිම්පත් සහිත උපකරණ සඳහා මෙය අදාල නොවේ.
#TRCSL #SriLanka

பொதுமக்களுக்கு விடுக்கப்படும் அறிவித்தல்

சிம் அட்டையினால் செயற்படும் தொலைத்தொடர்பு உபகரணங்களை கொள்வனவு செய்தல் அல்லது ஏதாவது சேவைகளை இலங்கை தொலைத்தொடர்புகள் ஒழுங்குபடுத்தும் ஆணைக்குழுவால் வழங்கப்படும் அனுமதிப்பத்திர உரிமத்தை கொண்டுள்ள விற்பனையாளர்களிடமிருந்து மட்டும் பெற்றுக்கொள்ளுமாறு பொதுமக்களுக்கு இத்தால் அறிவிக்கப்படுகின்றது.
இலங்கை தொலைத்தொடர்புகள் ஒழுங்குபடுத்தும் ஆணைக்குழுவில் பதிவு செய்யப்படாத தொலைத்தொடர்பு உபகரணங்கள் (சிம் அட்டையினால் செயற்படும்) தொலைத்தொடர்பு வலையமைப்புடன் இணைக்கப்படுதல் விரைவில் நிறுத்தப்படும். தற்போது கையடக்கத் தொலைபேசி வலையமைப்புடன் இணைக்கப்பட்டுள்ள மேற்படி உபகரணங்களுக்கு இது ஏற்புடையதாகாது.

මේ දේ වුනොත් ඇතිවන අවාසි මොනවාද?

  • ලංකාවට නිවාඩුවට යන ඔබට ලංකාවෙන් දුරකතනයක් මිලදීගනීමට හෝ TRCSL ආයතනයේ ලියාපදිංචි දුරකතනයක් පාවිච්චි කිරීමට සිදුවීම
  • ඔබ ඔබගේ පවුද්ගලික දුරකතනය ලංකාවේ භාවිතාකරනවා නම් TRCSL ආයතනයේ ලියාපදිංචි කිරීමට සිදුවීම(මේ සදහා කොපමන කාලයක් යනවද කියලා නම් නිශ්චිතව කියන්න අමාරුයි)
  • ඉහත කී කරුනු දෙක සදහා විදේශන්හී සිට පැමිනෙන සංචාරකයන්ටද කිරීමට සිදුවීම.මෙය සංචාරක කර්මාන්තයටද බලපෑමක් ඇතිවෙන්නත් පුලුවන්.

මේ දේ වුනොත් ඇතිවන වාසි මොනවාද?

  • TRCSL ආයතනයේ ලියාපදිංචි දුරකතනයක් සොරකම්කලහොත් ඉක්මනින්ම එය සොයාගැනීමේ හැකියාවක් ලැබීම.
  • TRCSL ආයතනයේ Approved දුරකතනයක් මිලදීගැනීමේදී එය ව්‍යාජ දුරකතනයක් නොවන බවට තහවුරු වීම-
  • සංඛයට අහිතකර බාල දුරකතන වෙලදපලේ විකිනීමට නොහැකිවීම.
  • එකලස් කර විකුනන දුරකතන ලියාප්දිංචි කිරීමට නොහැකිවීම නිසා වංචාවලින් ආරක්ශාවීමට හැකිවී​ම.

තවමත් මෙ​ය නීතිගත්වී නැහැ.ඔවුන් පවසන්නේ නුදුරේම මේ නිතිය ගේන​වා කියලයි. ඉතාලියේ සිට කෙටි නිවාඩුවකට ලංකාවට යන ඔබට මෙය කෙසේ බලපායිද? ඔබගේ අදහස් අප සමග බෙදාගන්න.

Similar Posts