කාර්තා සොජෝර්නෝව අයදුම් කිරීමේදී විභාගය කිරීමට අවශ්‍ය නොවන කාණ්ඩයන්. ඔබත් මේ ඛාන්ඩයට අයත් ද?

Test di conoscenza della lingua Italiana

අවුරුදු 5කට වඩා නීතයානුකූලව ඉතාලියේ ජීවත්වෙන සැමදෙනාටම Permesso di Soggiorno lungo periodo(articolo 9 testo unico immigrazione ) දීර්ඝකාලීන රැදී සිටීමේ බලපත්‍රය ලබාගැනීමට පුළුවන් බව අපි සැමදෙනාම දන්නවා. ඒ සදහා අවම වශයෙන් A2 මට්ටමේ ඉතාලි භාශාවේ දැනුමක් අවශ්‍යයි.

විභාගය කිරීමට අවශ්‍ය නොවන කාණ්ඩයන්, Chi sono esentati dal Test?

  • වයස අවුරුදු 14ට අඩු දරැවන්
  • භාශාව තේරැම් ගැනීමට හා කතා කිරීමට නොහැකි තරම් බරපතල සෞඛ්‍යමය අපහසුතාවයන් තිබෙන පුද්ගලයන් (මේ සදහා රජයේ වෛද්‍ය ආයතනයකින් නිකුත් කල සහතිකයක් ඉදිරිපත් කල යුතුයි)
    එසේම පහත සදහන් කාණ්ඩායම්ද භාශාවේ දැණුම පිලිබද සහතික ඉදිරිපත් කල යුතු නැත.
  • පහත සදහන් විශ්වවිද්‍යාල හා ආයතන වලින් A2 මට්ටමට වඩා අඩු නොවන භාශාව පිලිබද සහතික හා අධ්‍යාපන සුදුසුකම් ඇති පුද්ගලයන්
    ( Università per stranieri di Perugia, Università di stranieri di Siena, Università degli studi di Roma tre e dalla società Dante Alighieri)
  • CPIA ආයතනයකින් පාඨමාලවක් හදාරා A2 මට්ටමට වඩා අඩු නොවන සහතික පත් ලාභීන්
  • ACCORDO INTEGRAZIONE ඒකාබද්ධ ගිවිසුමෙහි ලකුණු ප්‍රමාණය ලබාගෙන ඉතාලි භාශාවේ A2 මට්ටමේ වඩා අඩු නොවන සහතික පත් ලාභීන්
  • ඉතාලි රජයේ SCUOLA MEDIA හෝ SCUOLA SUPERIORE සහතිකය , ඉතාලියේ විශ්වවිද්‍යාලයක උපාධි හෝ පශ්වාත් උපාධිලාභීන්
  • ඉතාලියේ පිහිටා ඇති සමාගමක හෝ අධ්‍යාපන ආයතනයක රැකියාවට පැමිණි කළමනාකරුවකු හෝ ඉහළ සුදුසුකම් ලත් සේවකයෙක්
    (විශ්වවිද්‍යාල මහාචාර්යවරැ, ඉතාලි රජයේ හෝ ආයතනයක අවසරය සහිත පර්යේෂකයන්, භාශා පරිවර්තකවරයන්, මාධ්‍යවේදීන්)

ඉහත සදහන් කාණ්ඩයන් සදහා ඇතුළත් නොවන සියළුදෙනා දීර්ඝකාලීන රැදීසිටීමේ බලපත්‍රය ලබාගැනීමේදී අවමවශයෙන් A2 මට්ටමේ ඉතාලි භාශාව පිලිබද සහතිකය ලබාගත යුතුය.

Mallika Gamage – 3893130877

Similar Posts