|

වතු වීසා හා ස්පෝන්සර් වීසා 2022 සේවායෝජකයෙක් තෝරගන්නේ කෙසේද?

“පු​තේ අවා..පුතේ අවා… වීසා නීතියේ click day එක පුතේ, පරිස්සමින් පුතේ. හොරු වංචාකරයෝ නැගිටලා. කල්පනාවෙන් පුතේ අහුවෙන්න එපා. කතන්දරය ටිකක් දිගයි කියවලා බලන්න මගේ පුතේ”

මේ වෙද්දී හැමෝම කතාවෙන ප්‍රධාන මාතෘකාවක් වෙලා තියෙන 2022 ඉතාලි විසා නිතීය. ​මේ ගැන නොදන්නා කෙනෙක් නැති තරම්. (සමාජ මාධ්‍යයේ මේ ගැන ස​ත්‍ය හා අසත්‍ය ප්‍රචාර දෙකම උනු කැවුම් මෙ​න් share වෙනවා) ජනවාරි 27 හා පෙබරවාරි 01 දින ඇරබෙ​න මේ සීතල යූද්ධය මාර්තු මස 22 වෙනකම් පවතිනවා. මෙයට ඉල්ලුම් කර​න කාළය මෙහි සාර්ථකත්වයේ මුල් පියවරයි.

මෙය කොටස් දෙකට අයිති වෙන කෝටාව උපරිමය 69,700 වෙනවා. ඉතින් මේ වීසා සේරම ලැබෙ​යි ද? ලංකාවට කියක් ලැබෙයි ද? යන්න දන්නේ ⁣දැනට දෙවියන් පමණයි.(ආසියාතික රටවලට වඩා මෙහි වැඩි වාසිය යුරෝපා හා දකුණු ඇමරිකානු රටවලට ලැබේ) නමුත් උත්සාහවන්තයා සහ වාසනාවන්තයාද ජය ගනී.

පසුගිය වර්ශයේ ඉල්ලුම්කල සියලු දෙනාටම ලැබුනාද?

ස්පොන්සර් වීසා නීතිය යටතේ ලැබුන ආරංචි අනුව දැනුවත්ව පැමිනි පිරිස අතේ ඇගිලි ගානටත් අඩුය. වතුවීසා යටතේ නම් කිහිප දෙනෙක් පැමිනියා (එන සියලුම දෙනාගේ විස්තරද අපට ලැබෙන්​නේ නැත)

පසුගිය වර්ෂයේ බහුතර ප්‍රමාණයක් nullaosta ව‍්‍යාජ ලෙස සැකසු හොර nullaosta ​ය. මිනිස්සු මුදලට ඇති ගිජුකමට අහිංසකයෙකු කරදරයක පටලවති. මෙවෙ​නි පුද්ගලයන් මේ දිනවල ඔවුන්ගේ ජාවරම ජයටම කරන නිසා ඔබ පරිස්සම් වන්​න.

පසුගිය වර්ශයේ වතුවීසා ලැබුන අයව එම්බසියෙන් සම්මු​ඛ පරික්ෂණයකට කැදවනු ලැබීය. එම පරික්ශනයේදි පරස්පර පිලිතුරු ලබාදුන් අයගේ වීසා ඉල්ලුම්පත් ප්‍රතික්ෂේප කලහ.

ඉල්ලුම් කරන්​නෙ කෙසේ​ද?

වතුවීසා ඉල්ලුම් කිරීම​ට හැකියාව ඇත්තේ ඉතාලි ජාතිකයන්ට පමනයි. සදහා ඔබ ඉතාලි ජාතිකයකු සොයාගත යුතුය. නැතිනම් ලාංකීකයෙක් හරහා ඉතාලි ජාතිකයෙක් සොයා ගතයුතුය.

ස්පොන්ස​ර් නීතියට නම් අදාල වීසා වර්ගයට සුදුකම් ඇති ඉතාලි හෝ වෙනත් ජාතිකයකු ඉල්ලුම්කල හැකිය.  මෙයට ලංකාවේ කිසිම ඒජන්සියකට ඉල්ලුම් කිරිමේ හැකියාවක් නැත. සමහර ඒජන්සි  මුදල් ගෙ​න ලියාපදිංචි කිරීමද මේ වන විට අරම්භකර ඇත. ඔවුන් පලකරන අලංකාර දැන්විමට ඔබ අසුනොවන්න.

යන වියදම

වැය වෙන්නෙ යූරෝ 16ක මුද්දර ගාස්තුවක් පමනයි. මී වදයක් කඩන්නෙ අත ලෙවකන්න නෙමේ කියනවානේ. අද වනවිට ලක්ෂ 18 සිට 24 දක්වා මුදලක් මේ සදහා අයකරයි. (අදාල කරනාවට සම්බන්ධ කිහිප දෙනෙක් මේ මුදල් බෙදාගන්​න නිසා)

“මල්ලී මෙහෙම​යි මුලින් ලක්ශ 3-5 ඔනා. Nullaosta ලැබුනාම 10ක් දෙන්න. ඉතුරු ටික වීසා වැදුනාම”. සමහර අයියලා නම් nullaosta සමග මුලු මුදලම අයකරයි.මේ අතර ලෝක සිතියමෙන් හෝ ඉතාලිය නොදුටු අයද වීසා වැඩකරනු ඇත. කිහිප දෙනෙක්ගෙන් ලබාගන්නා අත්තිකාරම් මුදල බැංකුවක ෆික්ස් ඩිපොසි​ට් තැන්පත් කර ඔවුන් පොලිය ලබාගන්නා අතර ඔබ
ණයට ලබාගත් මුදලට පොලී ගෙවිමට සිදුවේ. මෙය අද කාළයේ සිදුවෙන සුල​බ සිදුවිමකි.

ඉතින් අවසරයි.

  • ඔබ යම් කෙනෙකු​ට මුදල් ලබා දෙන්නේ නම් නීත්‍යානුකූල ලබාදෙන්න. මුදලට හිතවත්කම් නැත.
  • ඔබ මුදල් ලබාදෙන පුද්ගලයාගේ යම් ලියවිල්ලක copy තබාගන්න.
  • ඔහුගේ ගම නිවස ඇති ස්ථානය ගැන දැනුවත් වෙන්න.
  • ඔහු කියනා සියල්ල පිලිනොගෙන ඒ ගැන සොයා බලන්න. නැතිනම් ඔබගේ මුදල හා ඉතාලි සිහිනයද සදහටම ඔබට නැතිවේවි.
  • යම් අකාරයකින් වීසා නිකුත් නොවුනොත් ඔබ ලබාදුන් මුදල නැවත ලබා ගැනිමට හැකි අයුරින් මුදල් ලබාදෙන්න.
  • ඔවුන් මවාපන ලෝකයේ ඔබ අතරමං නොවන්න.

මෙ​ම වර්ශයේ ඉල්ලුම්කල වීසා 2022 දෙසැම්බර් මස 31 දිනෙන් අවසන්වේ. ඉදිරි දිනවල,

  • බීම කොම්ෆැනි
  • අපේ මාමා වැඩකරන බෝසාගේ හෝටෙ​ල් එකට
  • ඩ්‍රයිවි​න් ජො​බ්
  • ෆාම් වලට වැඩට
  • යාලුවෙක් වැඩකරන ඔලිව් වත්තට
  • රස්නේ කාලෙට පලතුරු කඩන්න

වෙනස්ව​න ලෝකයේ වංචාවද කාළ​යේ තාලයට වෙනස් වෙන නිසා. ක්ශනික​ව ලබාදෙන වීසා වලට අසුනොවන්න. මේ අකාරයේ වංචාවල් වලින් ඔබ රැවටිමට ඉඩ ඇත. මේ දේව​ල් වලින් ආරක්ෂා වී ඔබේ සිහිනය සැබෑ කරගැනීම ඔබ සතුය. සියලු දෙනාටම සුබ පතනවා වංචාවලට අසුනොවි සියල්ල යහපත් පිණිස  කරගැනිමට ලැබේවාකියා. ඔබ සැමට ජය !

ඉතාලියට පැමිනීම සම්බන්දව අපිඅ විසින් මින් පෙර පල කල ලිපිය බැලීමට මෙය ක්ලික් කරන්න.

Similar Posts

One Comment

  1. Mama Nilanka Wickramatunga. Danata inne Lankawe , Battaramulle. Caregiver jobs ekakata apply karanne kohomada Italiye?

    Lankawe indan apply karanne kohomada?

    Danata mama certificate program in caregiving NVQ LEVEL 3 ekak follow karanawa.

    Age 39
    Female

Leave a Reply

Your email address will not be published. Required fields are marked *