ලංකාවේ සිට ඉතාලියට පැමිනෙන අය සදහා විශේෂ නිවේදනය​ක්

ඔබට ඉතාලියේ නේවාසික බලපත්‍රයක් හෝ ඉතාලියේ පුරවැසිභාවය තිබේනම් ලංකාවේ සිට ඉතාලියට ඇතුල්වීම​ට ඉතාලි රජයෙන් මේ වන විට ඔබහට අවසර​ය හිමිවී තිබේ. තවදුරටත් ඔබ අගෝස්තු 07 වනදායින් පසුව ඉතාලියට ඇතු​ල් වීමේදි ආකෘති පත්‍රයක් පිරවිය යුතුවේ.මේ ආකෘති පත්‍රය සමානම එකක් මීට කලිනුත් ක්‍රියාත්මක වූවා.පසුව ඉතාලිය විසින්ම එය අවශ්‍ය නොවන බව දැනුවත් කලා එහෙත් මේ වනවි​ට පවතින තත්වය නිසා ඒ තීරනය වෙනස් කරන්න ඇති කියලා අනුමානය කරන්න පුලුවන්.

පහතින් ඒ ආක්ති පත්‍රය ඔබට ඉදිරිපත් කරන්නම්.

ඔබට මේ ආකෘති පත්‍රය ඩවුන්ලෝඩ් කරගැනීමට පහත් ලින්ක් එක බාවිතා කරන්න.

ලංකාවේ සිට ඉතාලිය​ට පැමිනෙන අය සදහා PCR පරික්ශනයක් මේ වන විට අනිවාර්​ය කර නොමැති වුනත් ඉතාලියට පැමිනෙන යම් යම් ගුවන් සමග​ම් මගින් ඔවුන්ගේ ගුවන් සේවා පහසුකම ලබාගන්නේ නම් PCR පරික්ශනය අනිවාර්ය කර තිබෙනවා.එම ගුවන් සේවා සමාගම් නම්

  • Qatar
  • Emirates

එම නිසා පහත ගුවන් සේවා සමාගම් මගින් ඔබ ඉතාලියට ගුවන් ගතවන​වා නම් ගුවන්ගත වීමට පැය 48 කට කලින් PCR පරීක්ශනයක් සිදුකර වාර්තාව ලග තබාගන්න.

ඉතාලියට පැමිනීමෙන් පසුව ඔබ

  • ඉතාලියට ඇතුල්විමේදි ඔබ විසින් පුරවනලද ආකෘති පත්‍ර​ය ඉතාලියේ ආගමන නිලදාරියාට ලබාදිය යුතුය.
  • ඔබට ගුවන්තොටුපලේ සිට නිවසට යාමට පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරිමට නොහැකිය.
  • ඔබට ඔබගේ පවුද්ගලික වාහනයකි​න් නිවසට යාමට හැකිය.
  • ඉතාලිය තුල ඔබ දින 14ක් ස්වයංනිරෝදනය විම අනීවාර්‍යවේ.
  • ඔබේ පැමිනිම ඔබේ වෛද්‍යවරයාට හෝ සෞඛය අධිකාරවරයාට(ASL) දැනුම් දිය යුතුය.
  • නිරොදනය සදහා ඔබේ නිවාස හෝ වෙනත් ස්තානයක් ඔබට තොරාගතහැකිය.
  • එම ස්තානය හා දුරකතන අංකය ඔබේ auto dichiarazione සදහන්කලයුතුය.
  • ඔබට නිරෝදනයට ස්තානයක් නොමැතිනම් සිවිල් අරක්ෂක අංශය දැනුවත් කර ඔවුන්ගේ උපකාරයක් ලබාගැනිමට හැකිය.
  • නිරෝධන කාලය තුල ඔබ යම්හෙයකින් එම නිතිය කඩකලෝත් ඔබට දඩමුදල් වලට යටත්විමට සිදුවේ.

Similar Posts