| |

හැමෝම හොයන, නොදැන අයදුම් කරන රිෆියුජි.(වාසි හා අවාසි)

මෙ​ය පැරණි නෛතික සංකල්පයක් වන අතර, ඒ අනුව මෙය සදහා අයදුම් කරන පුද්ගලයා​ උපන් රටෙහි පීඩාවට පත් වූ පුද්ගලයෙකුට වෙනත් ස්වෛරී අධිකාරියකින්, විදේශීය ජාතියකින් හෝ ආගමික අභයභූමියකින් ආරක්ෂාව ලැබිය හැකිය. එ​සේ ලබා ගන්නා බලප්‍රත්‍රය නම් rifugio permesso di soggiorno නමින් හැදින්​වේ. මෙය දේශපාලන රැකවරණ සඳහා පදිංචි බලපත්‍රය සරණාගත තත්ත්වය දරන පුද්ගලයාට පොලිස් මූලස්ථානය මගින් නිකුත් කෙරේ.

මේ අතර බහුතරයක්⁣ දෙනා කට කතාවන්ට සවන් දී නීතිය පිලිබද නොදැනුවත්කමත් ඉතාලි භාශාව පිලිබද ඇති අල්ප දැනුමත් හේතුවෙන් කරන්නේ කුමක් දැයි හරි හැටි නොදැන, මෙවැනි නීතින් පිලිබද අවබෝධයකින් තොරව ජාත්‍යන්තර ආරක්ෂාව හෙවත් Protezione internazionale (රිෆුජි) අයදුම් කරන්නට යෙදෙනවා.

ප්‍රධාන වශයෙන් කිවයුතු දෙයක් තමයි මෙය ඉතාලියේ ජීවත් වන ලාංකිකයන්ගේ සාමාන්‍ය බසින් හදුන්වන (කොලයක් හදා ගන්නවා) වැනි දෙයක් නොවන බව. ජාත්‍යන්තර ආරක්ෂාව හෙවත් Protezione internazionale සාමාන්‍ය රැකියා හේතු මත හෝ පවුල් හේතු මත ලබා දෙන ඉතාලියේ රැදී සිටීමේ බලපත්‍රයක් Permesso di soggiorno එකක් නොවන බව විශේෂයෙන් මතක තබා ගත යුතුයි.

ජාත්‍යන්තර ආරක්ෂාව සඳහා අයදුම් කළ හැක්කේ කා හටද?

  • ඔයාට හරි ඔයාගේ පවුලේ අයට දේශපාලනික හෝ පුද්ගලික තර්ජන හේතුවෙන් ලංකාවේ ජිවත් වීම අනතුරුදායක තත්වයකදී.
  • යුධමය අවස්ථාවකදී.
  • ආගමික හෝ ජාතික ජනවාර්ගික හෝ නොගැලපීම් කෝ කෙනහිලිකම් පවතින අවස්ථාවල.
  • තම මවු රටේදි තමන්ට මුහුන පාන්නට සිදු වූ හෝ සිදු වීමට ඇති, පීඩා, වධහිංසා

ජාත්‍යන්තර ආරක්ෂාව හෙවත් Protezione internazionale (රිෆුජි) අයදුම්පත් භාරදීම දේශ සීමවේ පොලිසියට ලබා දිය හැකියි. එහෙමත් නැත්නම් අයදුම්කරු වාසය කිරීමට අදහස් කරන දේශසීමා පොලිසියට එය ඉදිරිපත් කළ හැකියි.

අයදුම්කරු විසින් ලිඛිතව පොලිස් නිළධාරීන් මාර්ගයෙන් මෙම අයදුම් කිරීම කරනු ඇත. මෙහිදී ඔබගේ මවු භාෂාවෙන් ලිඛිත සටහනක් ඉදිරිපත් කිරීමටද අවස්තාවක් ඇත.Questura ආයතනය විසින් අයදුම් කරැගේ ඇගිලි සලකුණු ලබා ගැනීමෙන් පසු අයදුම් කරැ හට ජාත්‍යන්තර ආරක්ෂාව හෙවත් Protezione internazionale (රිෆුජි) ලබා දෙනවාද යන්න තීරණය කරන කොමිසම (Commissione territoriale) වෙත යොමු කරන තෙක් ඉතාලියේ තාවකාලිකව රැදී සිටීමේ බලපත්‍රයක් ඔහුට ලබා දෙනවා.

මෙය සාමාන්‍යයෙන් මාස 6ක රැදී සිටීමේ බලපත්‍රයක්. ප්‍රධාන වශයෙන් මෙම කොමිසම් සභාවට යොමු කිරීමේ කාලය වෙනස් වනවා. (වසරක් හෝ වසර දෙකක් ද විය විය හැකියි). මෙම කාලයෙන් පසුව අයදුම් කරැ කොමිසම් සභාව (Commissione territoriale) වෙත කැදවනු ලබන අතර එහිදී අයදුම් කරැගෙන් ප්‍රශ්න ඇසීමක් සිදු විය හැකියි. මෙහිදී තම මවු බසින් පරිවර්තනයක් ඉල්ලුම් කිරීමට අයදුම් කරැහට අයිතියක් තිබෙනවා.

මෙහිදී අදාල ලියකියවිලි පුවත්පත් ලිපි, ඡායාරූප, පැමිණිලි හෝ වෛද්‍ය වාර්තා වැනි නිල ලේඛනද ඉදිරිපත් කළ හැකියි.

කොමිසම් සභාවේ නියමය අනුව අයදුම් කරු හ​ට ජාත්‍යන්තර ආරක්ෂාව හෙවත් Protezione internazionale (රිෆුජි) ලබා දීමට හා කුමන ආකාරයට එය ලබා දෙනවාද යන්න තීරණය කල හැකියි. අයදුම් කරුහ​ට ජාත්‍යන්තර ආරක්ෂාව හෙවත් Protezione internazionale (රිෆුජි) ප්‍රතික්ෂේප වුවහොත් ඔහු හට ඉතාලියෙන් පිටවීමට සිදුවනවා.

එහෙමත් නැතිනම් අයදුම්කරු එම තීරණයට එකග නොවුවහොත් නීතිඥයකු මාර්ගයෙන් උසාවිය වෙත එම තීරණයට විරැද්ධව (Ricorso) අභියාචනයක් කල හැකියි.

ඔබ කොමිසමෙන් සුදුසුකම් ලබා ඔබට රිෆියුජි බලපතක් ලැබුන පසුව,

  • මෙම බලපත වස​ර 5 ක කාලයකට ලැබෙනු ඇත.
  • අලුත් කිරිමේ හැකියක් ඇත.
  • අධ්‍යපනට කිරිමට හැකියවක් ඇත.
  • වැඩ කටයුතු සිදු කිරීමට ඉඩ ලබා දේ (නිත්‍යානූකූල රැකියා ගිවිසුම් යටතේ)
  • වෘත්තීය ලේඛනවල ලියාපදිංචි වීමට ඉඩ සලසයි.
  • සෞඛ්ය සේවයට ලියාපදිංචි වීමට ඉඩ සලසයි.
  • ඔබට සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ (‘සමාජ දීමනාව’ සහ ‘ආබාධිත සිවිල් වැසියන් සඳහා විශ්‍රාම වැටුප්’) සහ මහ නගර සභා විසින් ප්‍රදානය කරන ලද මාතෘ දීමනාව ඔබට හිමි වේ.
  • සරලව කියන්වා නම් ලංකාවට යාම හැර ඉතාලියේ නිත්‍යානූකූලව ජිවත් වන පුද්ගලයෙකුට හිමිවන සෑම වරප්‍රසාදයක්ම හිමිවේ.

වැදගත් කරුනු

  • දේශපාලන රැකවරණ යටතේ ඇති බලපත්‍රයක් ඇති අයට දිගුකාලීන බලප්‍රත්‍රය ලබා ගැනිමට නොහැකිය. (carta di soggiorno)
  • සරණාගත බලපත්‍රයක් දරන්නෙකුට තම පවුලේ සාමාජිකයින්ට ඉතාලියට ගෙන්වා ගත හැක. (මව/පියා/බිරිද/ස්වාමියා/දරුවන්)
  • සරණාගත තත්ත්වය දරන තැනැත්තා වෙනත් ආකාරයේ පදිංචි බලපත්‍ර දරන්නන්ට මෙන් අවශ්‍ය නිවාස සහ ආදායම් අවශ්‍යතා සපුරාලන බව ඔප්පු කිරීමට අවශ්‍ය නොවේ.(CUD/Alloggiativa)
  • පවුලේ සාමාජිකයන් දැනටමත් ඉතාලියේ සිටී නම්, ඔවුන්ට නිත්‍ය පදිංචි බලපත්‍රයක් නොමැති වුවද, තැපැල් ක්‍රියා පටිපාටිය හරහා පවුලේ හේතු මත බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කළ හැකිය.
  • එමෙන්ම අදාල පුද්ගලයාට ඉතාලි පුරවැසිභාවය ලබා ගැනීමේ හැකියාව පවතිනවා.(බලපත ලැබී වසර 05 කට පසුව)

ඔබට මේ සදහා සහය වීම සදහා පිහිටුවා තිබෙන ඉතාලි ආයතනයක් තමයි NAGA කියන්නේ. එ සම්බන්දව අප විසින් පල කල ලිපිය කියවන්න මෙය ක්ලික් කරන්න.

මේ වන විට විශාල පිරිසක් රුමේනියාව ඇතුලු වෙනත් රටවල සිට ඉතාලියට පැමිනෙමින් සිටිනවා.ඒ වගේම මේ වන විට කිසිදු ඩොකුයුමන්ට් එකක් නොමැතිව සිටිනවා. ඔවුන්ව මේ රටවලට ගෙන්වන පුද්ගලයින්ගේ මවාපෑම් වලට රැවටි කිසිදු සුදුකමක් නොමැතිව රිෆියුජි අයදුම් කරන්න මේ වෙද්දි පෙලබිලා. ඔබට සදහා ඇත්තටම අවශ්‍යතාවයක් තිබේ නම් ඔබට ලංකාවෙදී යම් කිසි ප්‍රශ්නයක් සිදුවූවා නම් මෙය සදහා ඉල්ලුම් කිරීමට ඔබට 100% ක අයිතියක් තිබේ.

රීෆුජී ඉල්ලිමට බැරිකමක් නැත. නමුත් ශ්‍රිලාංකික අපිට රීෆුජී ලබාදිමට තරම් හේතුවක් නැති නිසා ඔබ රීෆුජී ඉල්ලුම්කරන හේතුව සනාත කිරිමට සාක්ශි ඔප්පුකල යුතුය. Refughi richiesta එක යනු රීෆුජී බලපත නොවේ. අනිත් කරනුනම් ඔබ රීෆුජී ඉල්ලුම්කර සිටිනා අතර sanatoria නිතීයක් අවොත් ඔබගේ ගුවන්ගමන් බලපත ලබාගැනිමට පහසුවේන් කරගත නොහැක.ඒජන්සි කරවන්ගේ බොරු කතාවලට රැවටී රිෆියුජි ඉල්ලුම් කිරීමට පෙර දෙවරක් සිතන්න.

Similar Posts