සරණාගත වීසා බලපතක් ලැබු කෙනෙක්ට පවුලේ කෙනෙක් ගෙන්විය හැකිද?

ඔබ සරණාගතයෙකු හෝ උප රැකවරණය ලබන පුද්ගලයෙක් නම්, ඔබේ පවුල සමඟ නැවත එක්වීමට ඉල්ලීමට ඔබට අයිතියක් ඇත. සරණාගතයින්, තාවකාලික රැකවරණයක් හෝ මානුෂීය ආරක්ෂාවක් ඇති පුද්ගලයින් පවුල් නැවත එක්වීම ඉල්ලා සිටීමේ හැකියාවෙන් බැහැර කරනු නොලැබේ. එම අයිතිය ඉතාලි රජය විසින් ඔබට සලසා දි ඇත.

මෙයට ඉල්ලුම්කල හැක්කේ කාටද?

  • බිරිඳ හෝ සැමියා
  • වයස අවුරුදු 18 ට අඩු දරුවන්
  • සෞඛ්‍ය තත්වයන් හෝ වෙනත් ආබාධ හේතුවෙන් ඔබ මත යැපෙන 18 ට වැඩි දරුවන්,ඔවුන් ඔබ මත යැපෙන්නේ නම් සහ ඔවුන්ගේ උපන් රටෙහි ඔවුන් රැකබලා ගැනීමට වෙනත් දරුවන් නොමැති නම්
  • දෙමව්පියන්, ඔවුන් 65 ට වැඩි නම් සහ ඔවුන්ගේ උපන් රටේ සිටින අනෙක් දරුවන්ට බරපතල සෞඛ්‍ය ගැටලු හේතුවෙන් ඔවුන් රැකබලා ගත නොහැකි නම්.

වයස 65 අඩු දෙමාපියන්ට නම් සරණාගත හෝ මානුශීක යටතේ රැකවරණය ලබන කෙනෙක්ට ඉල්ලුම්කල නොහැකිය. මිට අමතරව වයස අවුරුදු 18 ට වැඩි දරුවන්, ඔවුන් ඔබ මත යැපුනත් මුළුමනින්ම ආබාධිත නොවූවත් ඔබේ සහෝදර සහෝදරියන්, ඔවුන් කොතරම් වයසක වුවත් ඉල්ලුම්කල නොහැකිය.

දින 180 ක් ඇතුළත, Spotello unico ඔබේ Nullaosta ලබා දිය යුතුය, නැතහොත් ඔබගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ යුතුය.
ඔබගේ ඉල්ලීම ප්‍රතික්ෂේප වුවහොත් ඔබට අභියාචනයක් ඉල්ලා සිටිය හැකිය.

සරණාගත රැකවරණය ලැබුනු විගස මෙය සදහා ඔබට ඉල්ලුම් කලහැකිය.මේ සදහා ඉල්ලුම්කරැට Cud,Alloggiativa අවශය නොවේ. අවශය්‍ය වනුයේ යුරෝ 16 මුද්දරය හා අදාල පුද්ගලයාගේ ගමන් බලපත්‍රයේ ඡායා පිටපතක් පමනි.

 යම් පුද්ගලයෙකුට සරණාගත රැකවරණය ලබා වසර 5කට පසු එම පුද්ගලයාට ඉතාලිපුරවැසිභාවයට ඉල්ලුම්කිරිමේ හැකියාව ඇත.ඒ සදහා ආදයම් හෝ පොලිස්සහතික අවශය නොවේ.
 සරණාගත රැකවරනය ලැබු පසු ගොඩාක් අය Lavoro subordinario එකට මාරුවෙනවා.එහෙම මාරැකල පසු ඉහත සදහන් දේවලට ඉල්ලුම්කල නොහැකි අතර, Lavoro subordinario විදියට ඒ සදහා ඉල්ලුම්කල හැකිය.

Rifiugiati richiesta කියන්නේ රිෆුජි එකට නොව ඉල්ලුම්පත්‍රය සලකා බැලිම උදේසා දෙන කාල සීමාව සදහා දෙන තාවකාලික Soggiorno එක බවත් මතක තබාගන්න. Casi speciali යනු රිෆුජි නොවන බවද මතක් කරන අතර, මේ සම්බන්දව තව topic ගොඩාක් ඇති නිසා සරලව ඔබට යම් අදහසක් ලබාගැනිම සදහා මෙම ලිපිය ඉදිරිපත්කල බව කරැනාවෙන් සලකන්න.

අවසාන වසයෙන් දැන් රිෆුජි/මානුශික රැකවරණයන් ඉල්ලන අයගෙන් සදාරන හේතුන් නොමැතිනම් එය නොලැබිමට ඇති ඉඩ වැඩිය.

Rifugi කියන්නේ මොකක් ද?


ජාත්‍යන්තර ආරක්ෂාව හෙවත් Protezione internazionale (රිෆුජි) ඉල්ලුම් කිරීමයි. සරණාගතභාවය ඉල්ලන්න පුළුවන්.

  • ඔයාට හරි ඔයාගේ පවුලේ අයට දේශපාලනික හෝ පුද්ගලික තර්ජන හේතුවෙන් ලංකාවේ ජිවත් වීම අනතුරුදායක තත්වයකදී.
  • යුධමය අවස්ථාවකදී.
  • ආගමික හෝ ජාතික ජනවාර්ගික හෝ නොගැලපීම් කෝ කෙනහිලිකම් පවතින අවස්ථාවල.

මේ වගේ දේවල් හේතු වශයෙන් ඉදිරිපත් කරන්න පුළුවන් හැබැයි තමන්ගේ ආර්ථික තත්වය මෙයට කිසි සේත්ම අදාල නොවේ එක කරුණක් ලෙස ඉදිරිඅත් කර නොහැක.(සමහර අය දැන් එකත් ඉදිරිපත් කරනවා)

  • හැබැයි තමන්ගේ දේපල පැහැර ගැනීම
  • රාජසන්තක කිරීම
  • යම් උවදුරක් හේතුවෙන් විනාශ වීම,
    • ප්‍රදාන කාරණාවට අණු කරුණක් වශයෙන් සදහන් කරන්න පුළුවන්. පුද්ගලික කණ්ඩායම් හෝ පුද්ගලයන්ගෙන් පවතින අනතුරුදායක තත්වයන් යටතේ ඉදිරිපත් කරන්න පුළුවන්.

මේ වගේ අවස්ථාවක Lawyer කෙනෙක්ගෙන් සහය ගන්න.මොකද නීති රීති වෙනස් වෙනවා ඒ වගේම දැනට Apply කරලා Reject උන අයගේ එසේ වීමට හේතු Lawyer දන්නා නිසා. ඔබටම ඔප්පු කරගන්න ප්‍රමාණවත් දේවල් තියනවනම් ඔබම තනියම කරගන්න.

මතක තියාගන්න කලින් ගත්තු අය ඒ අයගේ අත්දැකීම් අනුව උපදෙස් දෙන්නේ එත් දැන් පවතින තත්වය හාත්පසින්ම වෙනස්. මෙය සදහා මුදලක් වැය නොවේ ඔබටම ආදාල අංශයෙන් ඉල්ලුම්කල හැකි අතර Lowyer (Immigrazione e diritti umani avacato) කෙනෙක්ගෙ සහයගන්නවා නම් වඩාත් හොදයි.


මේ අතර බහුතරයක්⁣ දෙනා කට කතාවන්ට සවන් දී නීතිය පිලිබද නොදැනුවත්කමත් හේතුවෙන් කරන්නේ කුමක් දැයි හරි හැටි නොදැන, මෙවැනි නීතින් පිළිබඳ අවබෝධයකින් තොරව ජාත්‍යන්තර ආරක්ෂාව හෙවත් Protezione internazionale (රිෆුජි) අයදුම් කරන්නට යෙදෙනවා. ප්‍රධාන වශයෙන් කිවයුතු දෙයක් තමයි මෙය ඉතාලියේ ජීවත් වන ලාංකිකයන්ගේ සාමාන්‍ය බසින් හදුන්වන (කොලයක් හදා ගන්නවා) වැනි දෙයක් නොවන බව. ජාත්‍යන්තර ආරක්ෂාව හෙවත් Protezione Internazionale සාමාන්‍ය රැකියා හේතු මත හෝ පවුල් හේතු මත ලබා දෙන ඉතාලියේ රැදී සිටීමේ බලපත්‍රයක් Permesso di soggiorno එකක් නොවන බව විශේෂයෙන් මතක තබා ගත යුතුයි.


Similar Posts