REDDITO DI EMERGENZA -REM

කොරෝනා වෛරසය නිසා ඉතාලියේ ජනතාවගේ දිවි පැවැත්ම බොහෝ සෙයින් වෙනස් වී තිබෙනවා. ආර්ථික අපහසුතාවයෙන් පසුවෙන බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තු ඉටුකරමින්, රජයෙන් ලබාදෙන Reddito di Emergenza (REM) ආර්ථික සහනය සදහා ඉල්ලුම් කරන්න https://www.inps.it/ වෙබ් අඩවිය හරහා අවස්ථාව උදාවී තියෙනවා.

විවිධකාර ආයතනවලින් ප්‍රචාරය කරනා ආකාරයට, මෙය ඉතාලියේ ජීවත්වෙන හැමදෙනාටම ලබාගන්න පුළුවන් කියන අදහසට රැවටී, ඉල්ලුම් පත්‍ර දැමීම සදහා නිකරැනේ මුදල් වියදම් කර ගන්න පෙර , බලන්න අයදුම්කරැ සතුවිය යුතු, INPS ආයතනය බලාපොරොත්තු වෙන සුදුසුකම් මොනවාද යන්න,

REQUISITI අපි බලමු මේ අවශ්‍ය සදහා සුදුසුකම්

මැයි 19 වෙනි දින අංක 34 දරණ Decreto Rilancio ගැසට් පත්‍රයට අනුව මෙම හදිසි ආර්ථික සහනය හෙවත් REM අයදුම් කිරීමට නම්,පහත සදහන් සුදුසුකම් තිබිය යුතුයි.

  1. අයදුම්පත් යොමු කරන අවස්ථාවේ ඉතාලියේ ස්ථිර පදිංචිය තිබිය යුතුයි .
  2. 2020 අප්‍රේල් මාසයේ ආදායම, INPS ආයතනය මගින් නියම කර ඇති අගයට වඩා අඩු විය යුතුයි .
  3. 2019/12/31 දිනට පවුලේ මූල්‍ය වත්කම් යූරෝ 10.000ට වඩා අඩු විය යුතුයි. මෙම සීමාව පවුලේ සිටින එක සාමාජිකයෙකු වෙනුවෙන් යූරෝ 5.000 දක්වා එකතු වී යූරෝ 20.000 ක අගයක් දක්වා උපරිමයකට ලගා විය හැක. පවුලේ ආබාධිත සමාජිකයකු සිටීනම් මෙම උපරීම අගය තවත් යූරෝ 5.000කින් වැඩි වීමක් දක්වා සලකා බලයි.
  4. ISEE අගය යූරෝ 15.000 ට වඩා අඩු විය යුතුයි .

මේ සදහා සුදුසුකම් ලැබීමට නම් 2020 අප්‍රේල් මාසයේ ආදායම පහත අගයන් නොඉක්මිය යුතුයි . එම අගයන් හොදින් නිරීක්ෂණය කිරීමෙන් පසුව, REM සදහා අයදුම්පත් ඉදිරිපත් කිරීමට ඔබට සුදුසුකම් තිබේදැයි තීරණය කරන්න .
Di seguito alcuni esempi di calcolo del valore massimo di reddito familiare compatibile con il REm:

Composizione nucleo Scala di equivalenza Soglia del reddito familiare ad aprile 2020

  1. Un adulto 1 400 euro
  2. Due adulti 1.4 560 euro
  3. Due adulti e un minorenne 1.6 640 euro
  4. Due adulti e due minorenni 1.8 720 euro
  5. Tre adulti e due minorenni 2 x 800 euro
  6. Tre adulti (di cui un disabile grave) e tre minorenni 2.1x 840 euro

INCOMPATIBILITÀ CON REDDITI E PRESTAZIONI-එසේම DECRETO CURA ITALIA යටතේ සහනයන් ලද පුරවැසියන්ට හෝ ඔබගේ පවුලේ සාමාජිකයෙකු එම සහනයන් ලබා ගත්තේනම්, මෙම සහනය REM සදහා ඉල්ලුම් කල නොහැක.


Il Rem non è compatibile con la presenza, nel nucleo familiare, di componenti che percepiscono o hanno percepito una delle indennità di cui agli articoli 27, 28, 29, 30 e 38 del decreto-legge 17 marzo 2020, n. 18, convertito con modificazioni dalla legge 24 aprile 2020, n. 27, ovvero di una delle indennità disciplinate in attuazione dell’articolo 44 del medesimo decreto-legge ovvero di una delle indennità di cui agli articoli 84 e 85 del decreto legge n. 34 del 19 maggio 2020
Si tratta delle indennità per i lavoratori danneggiati dall’emergenza epidemiologica da COVID-19 appartenenti alle seguenti categorie:

• lavoratori autonomi iscritti alle gestioni INPS; INPS ආයතනයේ ලියාපදිංචි වී ඇති ස්වයංරැකියාලාභීන්

• liberi professionisti titolari di partita IVA iscritti alla gestione separata; වෙනම කලමණාකරනයක් සහිත වෘත්තිකයන්

• lavoratori titolari di rapporti di collaborazione coordinata e continuativa, iscritti alla Gestione separata; වෙනම කළමනාකරණයකට බැඳී ඇති සම්බන්ධීකරණ හා අඛණ්ඩ සහයෝගීතා සම්බන්ධතා ඇති වෘත්තිකයන්

• lavoratori stagionali del turismo e degli stabilimenti termali; සංචාරක හා ස්පා වල සෘතුමය සේවකයින්;

• lavoratori dello spettacolo; සංදර්ශන සේවකයින්

• lavoratori agricoli; කෘෂිකාර්මික අංශයේ සේවකයින්

• lavoratori dipendenti stagionali appartenenti a settori diversi da quelli del turismo e degli stabilimenti termali; අනෙකුත් සෘතුමය සේවකයින්

• lavoratori intermittenti; අතරමැදි සේවකයින්

• lavoratori autonomi, privi di partita IVA, non iscritti ad altre forme previdenziali obbligatorie; බදු ගිණුම් අංකයක් නොමැති,ස්වයංරැකියා ලාභීන්

• incaricati alle vendite a domicilio; ගෙයින් ගෙට ගොස් භාණ්ඩ හා සේවා සපයන්නන්

• lavoratori domestici. ගෘහස්ථ සේවකයන්


එසේම පහත සදහන් පුරවැසියන්ට හා පවුලේ සාමාජිකයන්ට මෙම REM සදහා ඉල්ලුම් කල නොහැක.

• සෘජු හෝ වක්‍ර ආකාරයෙන් විශ්‍රාම වැටුප් ලබා ගන්නා පුද්ගලයන් (නමුත් ආබාධිත විශ්‍රාම වැටුප ලබාගන්නන්ට අයදුම් කල හැක)

• රැකියා ගිවිසුමක් යටතේ වැඩ කරනා (un rapporto di lavoro dipendente ) පුද්ගලයන්ගේ මාසික දළ ආදායම පවුලේ සිටිනා සාමාජිකයන්ගේ ප්‍රමාණයට සාපේක්ෂව, ඉහත වගුවේ අගයන්ට වඩා වැඩි නම්

• Reddito /Pensione Cittadinanza ලබා ගන්නේ නම් මේ සදහා අයදුම් කල නොහැක.

IMPORTO DEL BENEFICIO

පවුලේ සිටිනා සාමාජිකයන් හා අයදුම්කරුගේ ආදායම සැලකිල්ලට ගනිමින් යූරෝ 400 සිට යූරෝ 800 දක්වා උපරිමයකට යටත්ව මාසික සහන මුදලක් හිමිවේ. ආබාධිත පුද්ගලයන් සහිත පවුල් ඒකකයන් සදහා යූරෝ 840 උපරිමයකට යටත්ව සහනය ලබා දීමට තීරණය කර ඇත.


DURATA DEL BENEFICIO

අයදුම්පත් යොමු කල මාසයේ සිට මාස 2ක් දක්වා මෙම මුදල ලබා දේ.
ඔබ 2020 මැයි 31ට පෙර අයදුම්පත් යොමු කරන්නේ නම්, 2020 මැයි හා ජුනි මාසයන් සදහා මෙම දීමනාව ලැබේ.
ඔබ 2020 ජුනි මාසයේ අයදුම්පත් යොමු කරන්නේ නම්, 2020 ජුනි හා ජූලි මාසයන් සදහා මෙම දීමනාව ලැබේ.
SPID හෝ INPS PIN DISPOSITIVA මගින් https://www.inps.it/වෙබ් අඩවියෙන් අයදුම්පත් යොමු කල හැක.

තනිවම මේ සදහා අයදුම් කල නොහැකි නම්, CAF/Patronato ආයතනයක සහය ලබා ගන්න, ඒත් පලමුව බලන්න ඔබ මේ සදහා සුදුසුකම් ලබනවාද යන්න, මේ දිනවල තිබෙනා සහනයන් සියල්ලම හැම කෙනාටම අයදුම් කල පමණින් ලැබෙන්නේ නෑ , ඒ නිසයි නිතරම අපේ ශ්‍රී ලාංකිකයන් කියන්නේ මම බෝනස් වලට දැම්මා, ඒත් මුදල් ආවේ නෑනේ කියලා. මොකද මුදල් සෙවීමේ පරමාර්ථය ම කරගත් ව්‍යවසායකයින් ඉල්ලුම් පත්‍රය යොමුකර දී, මුදල් ඉපයීම පමණක්ම හිතන නිසා, ඔබට මේ සදහා සුදුසුකම් තිබෙනවාද නැද්ද පිලිබද හෙලිකරන්නේ නෑ.

Similar Posts