|

Reddito di emergenza Inps 2021 සදහා තනිව අයදුම්කර​මු

කො_රෝනා වෛ_රසය නිසා ඉතාලියේ ජනතාවගේ දිවි පැවැත්ම බොහෝ සෙයින් වෙනස් වී තිබෙනවා. ආර්ථික අපහසුතාවයෙන් පසුවෙන බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තු ඉටුකරමින්, රජයෙන් ලබාදෙන Reddito di Emergenza (REM) ආර්ථික සහනය සදහා ඉල්ලුම් කරන්න https://www.inps.it/ වෙබ් අඩවිය හරහා අවස්ථාව උදාවී තියෙනවා. මෙය ගිය වසරෙත් ලබාදෙනු ලැබුවා.එමෙන්ම අවස්තා කිහිපයකදීම දීර්ග කරනු ලැබුවා.

මෙවරත් මාර්තු,අප්‍රියෙල්,මැයි යන මාස තුන සදහා එම දීමනාව ලබාදීමටයි inps ආයතනය කටයුතු කරනුයේ.

  • ගිය වසරේ REM ප්‍රථිලාභීන් නැවතත් අයදුම්පත් යොමුකළ යුතුයි .
  • (ISEE 2021 < 15.000)
  • ඔබ සිටින්නේ කුලියට ගත් නිවසක නම්, අයදුම්පත් යොමුකිරීමේදී; ඔබගේ පවුලේ 2021 පෙබරවාරි මාසයේ ආදායමට අමතරව,ඔබ ගෙවන මාසික කුලී වාරිකයද ,(මෙම කුලී ගිවිසුම ISEE හි ඇතුළත් විය යුතුයි )
  • REM 2021සදහා ඔබ සුදුසුදැයි තීරණය කිරීමේදී සැලකිල්ලට ගනී. (ISEE 2021< 15.000) ඔබ 2020 ජූලි 01 වෙනිදා සිට 2021 පෙබරවාරි 28 දක්වා NASPI දීමනාව ලබා අවසන්වූ අයෙකු නම්, ඔබටද REM 2021 සදහා අයදුම්පත් යොමුකළ හැකි අතර, ISEE 2021 අගය යූරෝ 30.000ක් දක්වා සලකා බලයි.

​පලමු පියවර inps වෙබ් අඩවියට යන්න.

ඉන්පසුව Entra in MYINPSකියන එක ක්ලික් කරන්න.පහත ආකරයට ඔබට දක්නට ලැබේවි.

 ඔබ INPS වෙබ් අඩවියට ලොග් වන්නේ SPID/PIN යන කොයි ආකාරයකින් වුනත් ඔබට මේ සදහා ඇතුල්වන්න පුලුවන්.


මම ඇතුලුවුනේ SPID එක මාර්ගයෙන්.

ඉහත ආකාරයට ගියාම ඔබේ දුරකතනයෙන් Autorizzare කලයුතුවනවා. මේ පියවරයන් බොහෝ දෙනෙක්ට පහසුවෙන් කලහැකිවේ. 

දුරකතනයෙන් Autorizzare කල පසු මේ පියවර දකින්නට ලැබෙනවා.

 

දැන් පහ​ත ආකරයට කරගෙන යන්න.

ඔය කොටුව ක්ලික් කරන්න.

DSU වාර්තාවේ සටහන් පුද්ගලයන් , මෙම ඉල්ලුම් පත්‍රය යොමු කරන අවස්ථාවේ

1) සිරදඩුවම් විදිම හෝ ළමා නිවාස වල සිටීනම් උදා;comunità, casa protetta, casa mamma e bambino)

2) රජයේ සම්පූර්ණ වියදමින් දිගු කාලීනව වැඩිහිටි නිවාස වල හෝ වෛද්‍ය මධ්‍යස්ථාන වල සිටීනම්

මේ සදහා ක්ලික් කරන්න.

ඒ වගේම ඔබගේ බැංකු ගිනුම් අංකය ඇතුලත් කරද්දි ඔබගේ බැංකු කාඩ් පතේ අංකය ඇතුලත් කරන්න එප.එය සම්පූර්නයෙන්ම වැරදි.

ඉහත පියවර අවසන් වුනාම continua කරන්න එවිට මේ අකාරයට දකින්න ලැබේවි.ඒ එන එකෙත් හරි ලකුන දාන්න.

ඉන්පසුව conferma කරන්න.


දැන් මේ වෙද්දි ඔබ අයදුම් කරලා ඉවරයි.ඔබ හරියාකරව අයදුම් කලා නම් පහත පියවර අනුව විස්තර බලාගන්න පුලුවන්.

ඔබට අවශ්‍ය නම් පහත සදහන් ලකුනු ක්ලික් කරලා ප්‍රින් කරගැනීමේ හැකියාව තිබෙනවා.

 

මෙය හුදෙක් ඉතාලියේ වෙසෙන ජනතාව සදහා උපකාරයක් කිරීමේ අරමුනෙන් පමනක් පලකරන ලද්දකි.ලිපි ලේඛන සෑදීමේ ඒජන්සි කරගෙන යන අයගේ රැකියාවන් සදහා බාදාවක් කිරීමේ අරමුනෙන් පලනොකෙරුවෙමු. 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *