Reddito di cittadinanza 2023 වෙනස් වෙයි ද?

Reddito di Cittadinanza: 10 novità nel 2023

RDC 2023 වසරේ අනුමාන කල හැකි වෙනස්වීම් ( මේ පිලිබදව ඉතාලියේ වේබ් පිටුව​ක පලවු පුවතක පරිවර්තනයක්)

01. Nel 2023 il Reddito di Cittadinanza viene erogato per un massimo di 7 mensilità. 2023 වසරේ සිට Rdc දීමනාව ලබා දෙන්නේ උපරිම මාස 7ක් දක්වා පමණි.

02. Continuano a percepire normalmente il Reddito, senza il limite delle 7 mensilità, i nuclei dove ci sono minori, queste disabilità o persone con più di 60 anni. බාලවයස්කරැවන්, ආබාධිත තත්වයේ පසුවෙන පුද්ගලයන් හා වයස අවුරුදු 60 ට වඩා වැඩි පුද්ගලයන් සිටින පවුල් වලට මෙම මාස 7 සීමාව බලපාන්නේ නැත.

03. Gli occupabili, soggetti tra i 18 e i 59 anni, che hanno sottoscritto un Patto per il Lavoro, devono essere inseriti, per un periodo di 6 mesi, in un corso di formazione o di riqualificazione professionale. රජය සමග රැකියා එකගතා ගිවිසුමකට එළඹී ඇති වයස අවුරුදු 18ත් 59 ත් අතර රැකියාවක නිරතවිය හැකි පුද්ගලයන් , මාස 6ක වෘත්තීය පුහුණුව හෝ නැවත පුහුණු කිරීමේ පාඨමාලාවකට අනුගත කරනු ඇත.

04. In caso di mancata frequenza al programma formativo assegnato il nucleo familiare del beneficiario decade dal diritto al RdC. යම් හෙයකින් මෙම පාඨමාලාවන්ට සම්බන්ධ නොවන්නේ නම් RDC දීමනාව අහිමි වෙනු ඇත.

05. I percettori tra i 18 e 29 anni che non hanno concluso la scuola dell’obbligo sono tenuti a iscriversi e frequentare percorsi di istruzione degli adulti di primo livello. වයස අවුරුදු 18ත් 29 ත් අතර RDC ප්‍රතිලාභීන් අනීවාර්‍ය පාසැල් අධ්‍යාපනය සම්පූර්ණ කර නොමැතිනම්, ඔවුන් ප්‍රථම මට්ටමේ වැඩිහිටි අධ්‍යාපන පාඨමාලා සඳහා ලියාපදිංචි වී සහභාගී වීමට අවශ්‍ය වේ.

06. I percettori che ricevono la quota a rimborso dell’affitto non la riceveranno più perchè sarà erogata direttamente al Locatore dell’Immobile dall’Inps, spetterà al beneficiario comunicare all’Istituto il nome del Locatore. RDC යටතේ නිවසේ කුලී ප්‍රතිපූරණය ලබන ප්‍රතිලාභීන්ට එය තවදුරටත් නොලැබෙනු ඇත, මන්ද එය නිවසේ හිමිකරැට INPS මගින් සෘජුවම ගෙවනු ලැබේ, නිවෙස් හිමිකරැගේ නම INPS ආයතනයට සන්නිවේදනය කිරීම ප්‍රතිලාභියාට පැවරේ.

07. Se il percettore svolge lavoro stagionale o intermittente entro il valore di 3.000 euro questo non sarà utile per la quantificazione dell’importo spettante del RdC. RDC ප්‍රතිලාභීන් යුරෝ 3,000ක වටිනාකමක් තුළ සෘතුමය හෝ කඩින් කඩ වැඩ කරන්නේ නම්, RDC වෙතින් ලැබිය යුතු මුදල ප්‍රමාණය තීරණය කිරීමට එම මුදල අදාල නොවනු ඇත.

08. I comuni dovranno inserire nei PUC tutti i percettori che hanno firmato un Patto per il Lavoro e non più solo per 1/3 del totale. රැකියා සඳහා ගිවිසුමක් අත්සන් කර ඇති සහ තවදුරටත් මුළු එකතුවෙන් 1/3ක් පමණක් නොවන සියලුම ලබන්නන් PUC තුළ ඇතුළත් කිරීමට මහ නගර සභාවලට සිදු වනු ඇත.

09. Decade dal Reddito chi rifiuta anche solo la prima offerta di lavoro පලමු රැකියා යෝජනාව ප්‍රතික්ෂේප කිරීමම RDC දීමනාව අහිමිවීමට හේතුවකි.

10. Per il momento non cambia nulla in merito alla qualità dell’offerta di lavoro fatta al percettore මේ මොහොතේ, RDC ප්‍රතිලාභීයාට ලබා දෙන රැකියාවේ ගුණාත්මකභාවය,රැකියා යෝජනාව පිලිගැනීම හෝ නොපිලිගැනිමට බලපෑමක් ඇති නොකරයි.

Similar Posts