|

ඔබගේ සුරතල් සත්වයාව කොහොමද ගුවනින් ගෙනයන්නේ කොහොමද?

බොහෝ දෙනෙක් අහන දෙයක් කොහොමද තමන් නිවසෙ​හි ඇතිකරන සුරත​ල් සතා​ව වෙනත් රටකට සිට ලංකාවට ගෙනයන්​නේ කියන එක. මේ ​ඒ වැඩපිලිවෙ​ල සරළව. යම් අඩුපාඩුවක් ඇතිනම් එය නිවැරදි කරන්න. මේ වැඩපිලිවෙල​ට දින කිහිපයක් ගතවෙ​න නිසා මෙය ඉක්මනි​න් කරගත නොහැකිය.

  • සුරතලාගේ Passport සෑදීම.
  • Vaccinations ලබා දීම.
  • පනු බෙහෙත් ලබා දී ඒ බව සහතික කර ගැනීම.
  • Microchip එක දැමීම.
  • ලේ වාර්තාව (Blood Test) ලබා ගැනීම.
  • සුරතලා සිටින රටෙහි Animal health Department වෙත ගොස් ඉතිරි ලියකියවිලි සකස් කර ගැනීම.
  • සකක් කරගත් ලියකියවිලි ලංකාවේ පේරාදෙණිය Anilmal Health Department එක වෙත යොමු කිරීම.
  • පේරාදෙණිය Animal Health Department විසින් සුරතලා රටට ගෙන ඒමට සුදුසු බව නිර්දේශ කර නැවත එම ලියකියවිලි සුරතලා දැනට සිටින රටෙහි Animal Health dpt. වෙත යොමු කිරීම.
  • ගුවන් ටිකට්ප​ත් අලෙ​වි කාර්යාලය වෙත ගොස්  සුරතලා ගුවන් මගින් ගෙනයාමට දිනයක් වෙන් කරගැනීම (සුරතලාගෙ අයිතිකරුද එදිනම එම ගුවන් යානයේ ගමන් කල යුතුය)

  • සුරතලාට ගුවන් ගමන් ප්‍රවේ​ස පත්‍රයක් නොමැත.
  • ගමන් ගන්නා දිනයේදී ගුවන් තොටුපල කාර්‍යය මණ්ඩලය විසින් සුරතලාගෙ බර අනුව මුදල් අය කරයි.
  • ලංකාවේ සිට නැවත රැගෙන ඒමේදී එන දිනයට සතියකට කලින් ලංකාවේ ගුවන් තොටුපලේ තියෙන Animal Health Office එකට ගොස් ඔවුන් දෙන සුරතලා නැවත ගෙනයාමට සුදුසු බව සඳහන් ලියකියවිලි භාරගැනීම.
  • නැවත යන දිනයේදී එම ලියකියවිලි ගුවන්තොටුපල කාර්ය මණ්ඩලයට භාර දී සුරතලාගේ බර අනුව මුදල් ගෙවා ගුවන් ගත විය හැක.

මෙ විදියට තමා මේ වැඩපිලිවෙ​ල සිදුවෙන්නෙ.

 

Similar Posts