[කාර්තා සොර්ජෝර්නෝ] Permesso di soggiorno UE per Soggiornanti di lungo periodo

දීර්​ග කාලින රැදිසිටිමේ බලපත ලබාගැනිමට අවශ්‍යවන දේවල්

සිංහලෙන් අපි කියන්නේ කාර්තා soggiorno කියලානේ. නමුත් මෙකෙ හරි නම permesso di soggiorno lungo periodo. Cata soggiorno ලැබෙන්නෙ යුරෝපා හවුලේ රටවලින් ඉතාලියට පැමිණෙන සහ ඉතාලි ජාතිකයන්ගේ හෝ ඉතාලි පුරවැසිභාවය ලබාගත් අයගේ පවුලේ අයට පමණයි.

​අවශ්‍යකරන ලිපිවල ලේඛ​ණ හා සුදුකම්

අවම වශයෙන් අවුරුදු 5 ක් ඉතාලියේ රැඳී සිටීම.

මෙය ගනනය කරනුයේ පලමු වර​ට permesso di soggiorno ​ව නිකුත්කර දින සිට වසර 5ක් වශයෙනී. බොහෝ දෙනෙක් මෙයට වැරදි අර්ථකනයන් ලබාදී තිබෙන්වා. එන​ම් රේසිඩන්ස් වසර 5ක් සම්පුර්ණ වීයයුතුයි කියා එය වැරදි මතයකි.

ඉතාලි භාෂාව

භාෂාව පිළිබඳ හොඳ දැනුමක්. A2 සමත්විම. දිගුකාලීන පදිංචිකරුවන් සඳහා යුරෝපා සංගම් පදිංචිය සඳහා අවසර පත්‍රය ලබා ගැනීම සඳහා ඉතාලි භාෂාව හොඳින් කථා කිරීමට හා ලිවීමට ඔබ දන්නා බව ඔප්පු කළ යුතුය. විශේෂයෙන් A2 මට්ටමක් තිබිය යුතුය.

පහත සඳහන් ලියකියවිලි වලින් එකක් ඉදිරිපත් කිරීමෙන් ඔබට A2 දැනුම නිරූපණය කළ හැකිය.

  • බලයලත් ආයතන හතරෙන් එකක් නිකුත් කළ සහතිකය​ක් (විදේශිකයන් සඳහා විශ්ව විද්‍යාලය – (පේරුජියා, රෝමා ,මිලාන්, සියෙනා)
  • CTP විසින් නිකුත් කරන ලද සහතිකය.
  • ඉතාලි අධ්‍යාපන සුදුසුකම් (මධ්‍යම පාසල් හැරයාමේ සහතිකය, උසස් පාසල් ඩිප්ලෝමාව හෝ උපාධිය)
  • ඉතාලි උපාධියක්, ආචාර්ය උපාධියක් හෝ ශාස්ත්‍රපති පා course මාලාවක් හැදෑරීමේ සහතික.
  • සමාගමක, පරිවර්තකයෙකු, පුවත්පත්වල හෝ ප්‍රකාශන ආයතනවල සේවකයෙකු, විශ්ව විද්‍යාල මහාචාර්යවරයකුගේ
  • කළමනාකරුගේ හෝ සැලකිය යුතු සුදුසුකම් ඇති පුද්ගලයින්ගේ ක්‍රියාකාරකම් සිදු කිරීම සඳහා ඉතාලියට ඇතුළු වීම පෙන්නුම් කරන සහතික කිරීම.
  • විශේෂ ඉතාලි භාෂා පරීක්ෂණයකින් සමත් වීම.

එමෙන්ම වය​ස අවුරුදු 14 ට අඩු ළමුන් හා රජ​ය මගින් නිකුත් කර ඇති විශේෂ සෞඛ්‍ය සහතිකයක් ඇති පුද්ගලයන්ට A2 සමත්විම අනිවාර්‍ය් නැත.

A2 විභාගය ලිවීමට අවශ්‍ය වන ආදර්ශ ප්‍රශ්ණ පත්‍ර 20 ක් මෙම ලින්ක් එකෙන් ගන්න.

අදායම.

 

ලියකියවිලි.

  • Marca da bollo da 16 euro
  • Fotocopia del passaporto
  • Fotocopia del permesso di soggiorno
  • Fotocopia del certificato fiscale
  • Fotocopia del certificato di residenza e dello stato di famiglia (le puoi chiedere in Comune)
  • 4 fototessere
  • සමහර නගරවල උසාවියෙන් ලබාගන්නා ලියුමද අවශ්‍යවේ. මේය සමහර නගරවලට අවශ්‍ය නැත.

Certificato di Idoneita Alloggiativo

යම් පුද්ගලයෙකු තනිවම කාර්තා සොජෝර්නෝ ව ඉල්ලුම් කරන අවස්ථාවේ බොහෝ විට certificato di idoneità alloggiativo අවශ්‍ය නොවේ(ඉල්ලන කුස්තූරා ආයතනද තිබේ), කාර්තා සොජෝර්නෝ ව ඉල්ලුම් කරන්නේ motivi famiglia යටතේ නම් stato familiare සහතිකයේ සිටින සාමාජිකයන් සියලුම දෙනාට ජීවත් වීමට සරිලන නිවසෙහි certificato di idoneità alloggiativo ඉදිරිපත් කල යුතුයි.
මේ සියලුම දේ ඔබටත් තිබේ නම් මේ සදහා අයදුම් කල හැකිවේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *