|

ලංකාවේ ඉදලා පෙන්ශන් එක ගමු.

පසුගි​ය වසර කිහිපයක් තිස්සේම සංක්‍රමණිකයින් හා බැඳුනු විශේෂත්වයක් ගත් දෙයක් ගැන සංඛ්‍යා ලේඛන කතා කරන්න පටන් ගත්තා. ඒ ඉතාලියෙන් නික්ම තම මුල් රටවලට ගිහින් පෙන්ෂන් එක ගන්නා ජනතාවගේ අඛන්ඩ වැඩි වීම ගැන. විදේශිකයින් පමණක් නෙවෙයි ඉතාලි ජාතිකයිනුත් දැන් පුරුදු වෙලා ඉන්නෙ විශ්‍රාමික දිවිය ස්පාඤ්ඤය, ග්‍රීසිය වගේ යුරෝපීය රටක හරි, නැතිනම් තායිලන්තය , මොරොක්කෝව,ටියුනීසියාව වගේ ඝර්ම කලාපීය රටක ගත කරන්න.INPS දත්තවලට අනුව 400,000 ක ජනතාවක් විදේශ රටක ඉඳ ගෙන පෙන්ෂන් එක ලබා ගන්නවා.

කොහොමද වෙනත් රටක ඉඳ ගෙන ඉතාලි​යේ පෙන්ෂන් එක ඉල්ලුම් කරන්නෙ? කොහොමද ඒක ක්‍රියාත්මක වෙන්නෙ? මොන වගේ රටවල්ද මේ යටතට ගැනෙන්නෙ?

Pagamento pensione estero 2020 INPS INPDAP

ඉතාලි පෙන්ෂන් ලාභියෙක්ට අයිතියක් තියෙනවා ඔහුගේ පෙන්ෂන් එක ඉතාලියේම හෝ විදේශ රටක බැංකුවකට ගෙන්ව ගන්න. විදේශ රටක පදිංචියට යනව නම් මේ පෙන්ෂන් එක ක්‍රම 3කට ලබා ගන්න පුළුවන් .
1) පදිංචි වෙන විදේශ රටේ බැංකුවකට ගෙන්වා ගැනීම
2) වෙනත් රටක බැංකුවකට ගෙන්වා ගැනීම
3) ඉතාලියේම තමන්ගෙ ගිණුමකට ගෙන්වා ගැනීම හෝ බලය පැවරූ පුද්ගලයෙක් ඉතාලි බැංකු කවුන්ටරයෙන් කෙලින්ම පෙන්ෂන් එක ලබා ගැනීම

ඉතාලි පුරවැසියන්ට නම් විදේශ රටකදි මේ ගෙවීම කෙරෙන්නෙ යුරෝවලින්ම, Citi Bank හරහා, ඉතාලියේ ක්‍රියාත්මක වෙන ආකාරයටම. යුරෝපා සංගමයට අයත් රටවල හෝ ඉතාලිය සමග සමග සහයෝගාත්මක ගිවිසුමකින් බැඳුනු EU නොවෙන රටවල ඉන්න ඉතාලි පුරවැසියන්ට මේ විදියට ගෙවනවා. Extra UE ,රටවල් ඉතාලිය සමග සහයෝගාත්මක ගිවිසුමකට එලඹ සිටීම මෙහිදී වැදගත්. නැතිනම් ඉතාලියට වගේම පදිංචිව ඉන්න අනෙක් රටටත් INPS එකට අදාල ටැක්ස් ගෙවන්න වෙන නිසා.

කොහොමද පෙන්ෂන් එක ඉන්න රටට ගෙන්නව ගන්නෙ?

මේ සඳහා විශ්‍රාම වැටුප හිමිකරු අන්තර්ජාලය ඔස්සේ, INPS වෙබ් අඩවිය හරහා අයදුම්පතක් එවිය යුතුයි. මේ අයදුම්පතේ තමන්ගේ පෞද්ගලික තොරතුරු වගේම අදාල බැංකුවේ තමන්ගේ ගිණුමේ විස්තර පැහැදිලිව සහ නිවැරදිව සඳහන් කිරීම වැදගත්.

  • Accertamento esistenza in vita e redditi pensionato all’estero: INPS එකට මේ එවන දොමන්දා එක හැරෙන්න වාර්ෂිකව තවත් ලියවිලි දෙකක් ලැබෙන්න සැලැස්විය යුතුයි . 1) accertamento esistenza in vita තමන් ජීවත් වන බවට වූ සහතිකයක් 2) redditi (ආදායම)
  • l’accertamento di esistenza in vita කියන්නෙ INPS අදාල බැංකුව හරහා විශ්‍රාම වැටුප් හිමියාට යවන මොදුලෝ එකක්. මේ මොදුලෝ එක ලබා දී ඇති නියමිත කාලය තුල, පැහැදිලිව පුරවා, INPS ආයතනය නම් කර ඇති බලධාරියෙක් ඉදිරියේ අත්සන් කර, වලංගු හැඳුනුම් පතක කොපියක් හෝ (මාස 3ක කාලයක් ඇතුලත ගත් estratto conto එකක් හෝ මාස 3ක් ඇතුලත් ලැබුනු ලයිට්,ගෑස්,ටෙලිපෝන් බිලක්) සමග නැවත INPS ආයතනයට ලැබීමට සලස්වන්න ඕනෙ.
  • Redditi – විදේශ රටක පදිංචිව ඉන්න සෑම විශ්‍රාම වැටුප් ලාභියෙක්ගෙම වාර්ෂික ආදායම ගැන INPS එක හොයා බලනවා. මේක කරන්නෙ RED/EST කියන මෝදුලෝ එක මගින්…..විශ්‍රාම ලාභියා assegno familiare හිමිකරුවෙක් නම් පවුලේ සෙසු සාමාජිකයන්ගෙන් ආදායමුත් ඉදිරිපත් කල යුතුයි …

INPS විශ්‍රාම වැටුප විදේශ රටකට ගෙන්න ගන්න ඉල්ලන්න කලින් ඒ රට, ඉතාලිය සමග මේ සම්බන්ධයෙන් එකඟතා ගිවිසුමක ඉන්නවද කියල හොයල බලන එක වැදගත් . මොකද සමහර රටවල ඉඳන් පෙන්ෂන් එක මේ විදියට ගන්න බෑ.
එහෙම ගන්න පුළුවන් රටක නම් විශ්‍රාම්ක දිවිය ගත කරන්නෙ කෙලින්ම බැංකු ගිණුමට විශ්‍රාම වැටුප ලැබෙන විදියට හෝ බැංකු කවුන්ටරයෙන් දේශීය ව්‍යවහාරයේ පවතින මුදල් ලෙස ලබා ගැනීමට (හෝ එහෙමත් නැතිනම් සමහර රටවලදී නම් western union එකෙන් මුදල් ලබා ගත හැකි ආකාරයට) කටයුතු සැලසෙනවා.

ලංකාවෙ ඉන්න විශ්‍රාම වැටුප් ලාභියෙක් නම් ඔහුගේ මේ කටයුතු යාමනය කෙරෙන්නෙ citi බැංකුව හරහා. මේ පහතින් තියෙන්නෙ ලංකාවෙ ඉන්න විශ්‍රාම වැටුප් හිමියෙක් INPS ආයතනයට city බැංකුව හරහා වාර්ෂිකව එවිය යුතු, cerificto di l’accertamento esistenza in vita වල(ජීවතුන් අතර සිටින බවට වූ සහතික කිරීම) කොපියක්….

ඉතින් දැන් දුක් වෙන්න දෙයක් නැහැ “ඉතාලියේ කඹුරලා, අපි ගෙවපු INPS දායක මුදල් අපිට ආයෙ ගන්න විදියක් නැහැ නේ” කියල.

SUJITH YADDEHIGE 02/01/2020

Similar Posts