ඉතාලියේදි ඔබේ රියදුරු බලපත්‍රය නැතිවෙන්නේ මේ හේතූ නිසයි.

රියදුරෙකු විසින් කරන්නාවු වැරදි නිසා රියදුරු බලපත පිලිස් නිළදාරියෙකුට ලබාගැනීමේ හැකියාව තිබෙනවා.ඔබ කරන්නාවු වැරැද්දේ ස්භාවය අනුව එය කෙටි කාලීනද දිගු කාලීනද යන්න තීරනය වෙන්න පුලුවන්. මෙය මෙලෙස බෙදා වෙන්කල හැක.

  • Ritiro Della patente
  • Sospensione della patente

Ritiro Della Patente.

රිය ධාවනයේ​දී ඔබ කරන්නවු දරුනු නොවන වැරදි සදහා ඔබේ රියදුරු බලපත පොලිස් නිළධාරියෙකු විසි​න් කෙටිකාලීනව ලබාගැනීම Ritiro Della Patente ලෙස හදුන්වා දෙන්න පුලුව​න්.මෙය සතියක් හෝ දෙකක් වගේ කාලයක් වෙන්න පුලුවන්. පහත වැරදි අඩුපාඩු නිසා Ritiro එකක් සිදුවිය හැක.

  • අවලංගු වූ රියදුරු බලපත්‍රයකින් ධාවනය කිරීම.
  • මත් ද්රව​ය භාවිතා කර රිය පැදවීම.
  • රිය දාවනයේදී ප්‍රමුඛත්වය ලබාදිය යුතු වාහන හා රේල් පීලි උඩ ගමන් කරන වාහන සදහා ප්‍රමුඛත්වය ල​බා නොදී​ම.
  • වාහනයේ ගෙනයන පැටවුම නිසියාකර නොමැති වීම.
  • රිය අනතුරකදි
  • අනතුරකදි ඔබට මාර්ග ස​ංඤා පිලිබද අවබදයක් නමැති හෝ අසාමාන්‍ය අනතරක් කරගන ඇති විට  නැවත විභාගය ලියලා රියදරු බලපත්‍රය ගන්න යැයි කියා තබෙන මහොතක එය නොකර ධාවනයේ යෙදීම.

Sospensione della patente

රිය ධාවනයේදි ඔබ විසින් සිදුකරන වැරදි නිසා ඔබේ රියදුරු බලපත දිගුකාලීනව ලබාගැනීම Sospensione එකක් විදියට හදුන්වන්න පුලුවන්.මෙය ඔබව පරික්ශා කරන පොලිස් නිළදාරියාට කල හැකි දෙයක් නොවෙයි.ඔබ කරන්නාවු වැරැද්දක් සදහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට හා උසාවියට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව දිගුකාලීනව ඔබේ රියදුරු බලපත අත් හිටුවනු ලබයි. මෙය බොහෝ විට මාස 9 කට වඩා කාලයක් දක්වා යන්න පුලුවන්.

  • අවුරුදු දෙකක් ඇතුලත එකම වැරැද්ද දෙවරක් සි​දු කර තිබී​ම.
  • අලුතෙන් රියදුරු බලපත්‍රය ලබාගෙන අවුරුදු තුනක් ඇතුලත පාරේ වේග සීමාවන් වලට අදාලව ගමන් නොකිරීම හා නීති රිති අනුගමනය නොකිරීම
  • මාර්ගයේ වේග සීමාවට වඩා 40km/h වැඩි ප්‍රමානයකින් දාවනය
  • අධිවේගී මාර්ගයේ එමර්ජන්සි තීරුවේ ගමන් කිරීම
  • අධික මත් ද්රව්‍ය භාවිතය
  • මත් ද්රව්‍ය භාවිතා කර සිටියදී පරීක්ශා කිරීමක් සිදු කිරීමේදි එයට සහය නොදැක්වීම
  • රිය අනතුරක් කර පලා යාම.
  • උසාවිය මගින් තහනම් කර තිබෙන වාහනයක් පැදවීම
  • ව්‍යාජ ඩොකුයුමන්ට්
  • ශාරීරික හා මාන්සීක යෝග්‍යතාවය නොමැති වීම.
  • තමන්ට නිකු​ත් කර තිබෙන රියදුරු බලපත්‍රයට අදාල නොවන වාහනයක් පැදවීම.

La Rivisione della Patente – ඔබ කරන්නාවු වැරැදක් නිසා නැවත විභාගයට පෙනී සිටීමට සිදුවීම හෝ නැවත පරික්ශනයක් සිදු කරන්න වෙන්නේ කුමන අවස්තාවකද?

ඔබේ රියදුරු බලපත ඔබට සදහටම නැතිවන්නේ කුමන හේතු වලටද?

මීලග ලිපියෙන් ඔබට එය ගෙන එන්නම්.

Similar Posts