අවුරුදු 16 ට අඩු දරුවන් සදහා ගමන් බලපත්‍ර අයදුම් කිරීම

වයස අවුරුදු 16ට අඩු දරුවෙකුට නව ගමන් බලපත්‍රයක් අයදුම් කිරීම

මුල් අයදුම්පත්‍රය සහ තවත් එක් පිටපතක්ද අනිකුත් සියලුම ලේඛණ වල මුල්පිටපත්a A-4 කඩදාසියේ පිටපත්කර කට්ටල දෙකකින් ඉදිරිපත්කල යුතුය. අළුත උපන් දරුවන් සදහා තාවකාලික ගමන් බලපත්‍රයක් (Stop Gap) ඉල්ලුම් කරන්නේනම් කට්ටල තුනක් අවශ්‍යවේ දරුවාද සමග මව/පියා පුද්ගලිකවම ඉදිරිපත් විය යුතුය.

1. සම්පූර්ණ කරන ලද  ඉල්ලුම්පත්‍රය.

  • කුඩා දරුවන්ගේ අත්සන වෙනුවට නමෙහි එක් නමක්  ඊට අදාල කොටු දෙකෙහි කළු ඉරිවල නොගෑවෙන පරිදි ලිවිය යුතුය. ලිපිනය සදහන් කිරීමේදි ඔබගේ ඉතාලි ලිපිනය සදහන් කල යුතුය

2.  ඡායාරූප 4 (ප්‍රමාණය 4.5 X 3.5 සෙන්ටි මීටර් )

  • දෙකන් පැහැදිලිව පෙනෙන ඉදිරිය බලා සිටින අදුරු පැහැ නොගැන්වුණු
  • භාහිර ස්වරූපයට හානි නොවන අයුරින් ලබාගත් සංස්කරණය නොකරන ලද.
  • ඡායාරූපයේ පසුපස වර්ණ ඇදුමෙහි වර්ණයට සමාන නොවන පැහැදිලි ඡායාරූප විය යුතුය.
  • කණ්නාඩි පැලැද ඡායාරූප නොගත යුතුය.

3. ශ්‍රී ලංකා රජය නිකුත් කල උප්පැන්න සහතිකය.

4. ශ්‍රී ලංකාවන් පිටත ඉපදී ඇත්නම් පුරවැසි සහතිකය හෝ ඒ සදහා මුදල් ගෙවන ලද කුවිතාන්සි පිටපත.

5.දෙමාපියන්ගේ ගමන් බල පත්‍ර සහ ඒවායේ පහත පිටුවල ඡායා පිටපත් (දත්ත ඇතුලත් පිටු , “වෙනස් කිරීම් හා නිරීක්ෂණ” සහිත පිටු)

  •    (පිටු අංක 4 සහ 5 ) ළමයින් ඇතුළත් පිටු( පිටු අංක 8 සහ 9)

6. ඉතාලි රජයේ උප්පැන්න සහතිකය. (NASCITA )මෙහි මව  පියාගේ  නම් ඇතුලත්විය යුතුය)

7.දෙමාපියන්ගේ විවාහ සහතිකය. (නීතියෙන් වෙන්වී ඇතිවිට දික්කසාද සහතිකයද මව හෝ පියා මිය ගොස් ඇත්නම් මරණ සහතිකයද ඉදිරිපත් කලයුතුය.)

8.දරුවාට වෙනම ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට දෙමාපියන්ගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය.

ගමන් බලපත්‍ර අයදුම්පත 

ගමන් බලපත්‍රය සදහා සුදුසු ඡායාරූප

දෙමාපියන්ගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය

උපුටාගැනීම https://www.srilankaembassyrome.org/ වෙබ් අඩවියෙන්

Similar Posts