පිටරට සිට එන අයට භාණ්ඩ රැගෙන ඒමට ආනයන සීමා බාධාවක් නොවෙයි – මුදල් අමාත්‍යංශය

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් යළි මෙරටට පැමිණීමේදී පෞද්ගලික පරිභෝජනය සදහා රැගෙන එන භාණ්ඩවලට නව සීමා පනවා නොමැති බව මුදල් අමාත්‍යංශය පවසනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව මගින් භාණ්ඩ වර්ග 623 ක් ආනයනය කිරීම සඳහා ඉකුත්දා සිදුකළ කොන්දේසි පැනවීම සිදු කර ඇත්තේ ආනයනකරුවන් සඳහා පමණක් බවයි අමාත්‍යංශය සඳහන් කළේ.

ඒ අනුව තමන් ආපසු මෙරටට පැමිණීමේදී වෙනදා මෙන් ටොෆි, චොක්ලට් වැනි ආහාර වර්ග මෙන්ම රූපවාහිනී යන්ත්‍ර වැනි උපකරණ පෞද්ගලික පරිහරණය සඳහා රැගෙන යාමට මෙම සීමා ගැටලුවක් නොමැති බවයි මුදල් අමාත්‍යංශය ප්‍රකාශ කළේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *