|

ලීගලයිස් කිරීමේ ක්‍රමවේදයේ නව වෙනසක්

ඉතාලි තානපති කාර්යාලය විසින් සිදුකරනු ලබන, ලේඛ​න නීතිගත කිරීමේ ක්‍රියාවලියට පෙර,පළමු පියවර ලෙසින් ලේඛන පරිවර්තනය කිරීම හා ලේඛන වල සත්‍යතාවය තහවුරු කරගැනීම සුදුකල යුතු අතර, මෙම ශාඛාව හරහා ඔබට එම සේවාවන් සදහා ලේඛන බාර දීම සිදු කල හැක.

New procedure for legalizations
Dear customer please be informed that from May 2nd 2022 to submit your legalization application you will have to visit the new office of Forsiter Global Pvt Ltd, located at No 98, Jawatta road, Colombo 05.

පලමු පියවර.

පරිවර්තනය සදා සත්‍යතාව තහවුරු කරගැනීමේ සේවාව සදා අදාල අයදුම් පත්‍රය පුරවා, ලේඛන සියල්ල ඉදිරිපත් කරන අයදුම්කරු ෆොසයිටර් ග්ලෝබල් සර්විස් ආයතනය වෙත පැමින අයදුම් පත්‍රය භාරදීමට අදාල ගාස්තු ගෙවා වෙලාවක් වෙන්කරවා ගත යුතුවේ.

දෙවන පියවර.

ඔබගේ නම සහා විදේශ ගමන් බලපත්‍රය ඔබ වෙන් කර ගන්නා වෙලාව සමග සම්බන්ද වන බැවින්, ඔබ වෙලාවක් වෙන්කරවා ගැනීමේදී ඔබගේ විදේශ ගමන් බලපත්‍රය ලග තබාගැනීම අනිවාර්ය වේ.
වෙන් කරවා ගන්න වෙලාව වෙනත් පාර්ශවයකට පැවරිය නොහැක. වෙනස් කිරීමක් කරන අවස්තාවක ඔබ ගෙවූ මුදල නැවත හිමි නොවේ.
(මේ අවස්තාව නිසා කලු කපුටන්ට පගාව ගන්න ටිකක් අමාරුවෙයි)

තුන් වන පියවර.

ඔබ වෙලාව වෙන්කරවා ගත් දිනයේ ෆොසයිටර් ග්ලෝබල් සර්විස් ආයතනයේ පිලිගනීමේ කවුලුව වෙත විනාඩි 15 කට පෙර යන්න.වෙන් කරගත් වේලාව පසුවී ඉදිරිපත් කරන කිසිදු අයදුම්පතක් බාර ගැනීම සිදුවන්නේ නෑ.

හතර වන පියවර.

අසම්පූර්ණ හා වැරදි අයදුම්පත් ඉදිරිපත් කිරීම අවම කරගැන්නීම සදා ඉතාලි තානපති කාර්යාලයේ වෙබ් අඩවියේ සදහන් සියලු උපදෙස් හා විඩානයන් ඉතා සැලකිල්ලෙන් කියවා පිලිපදින්න.

ඔවුන පවසන ආකරයට ලිපි ලේඛන බාරදීමට තවදුරටත් පෝලිම් වල රැදී සිටීම අනවශය බවද දැනුම් දී තිබෙනවා. ඉදිරිය්‍යේදී තැරැව්කරුවන් වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයින්ට හා කලු කපුටන්ට යන එනමන් නැති වෙන මාර්ගයක්ද උදාවනු ආත.මෙය ඉතාලියේ සිටින ශ්‍රීලාංකිකයන්ට තිබූ විශාල ගැටලුවකට ලබා දුන් යහපත් ප්‍රතිචාරයකි.ස්තානය වෙනස් කිරීම මගින් වැඩි පිරිසකට වඩා කාර්‍යක්ෂම සේවාවක් ලබ දෙනු ඇතැයි අනුමාන කරන්නෙමු.

ඩොකුයුමන්ට් ලීගලයිස් කිරීමට බාර දීමට නව කාර්‍යාලයේ ලිපිනය – Forsiter Global pvt Limited,No 98, Jawatta road, Colombo 05

ලීගලයිස් කිරීමේ ආකෘති පත්‍රය.
මීට පෙර VFS ආයතනය මගින් ලීගලයිස් කීරීමට අය කල මුදලට වඩා අඩු මුදලක් තමයි මෙවර අයකරන බව දන්වලා තිබෙන්නේ.සාමානයයෙන් ලංකාවේ තිබෙන තත්වයත් එක්ක මේවගේ අඩු කිරීමක් වෙන්න පුලුවන්ද කියන සැකයත් එනවා. මේ අඩු කරන මුදල ආයේ වෙනත් කොහෙන්වත් අයකරයිද???

අලුත් වීසා ඛාන්ඩ දෙකක්??

අවුරුදු දෙක තුනක සිටම සංචාරක වීසා හා විසිට් වීසා ලබාදීම සිදුවූයේ නෑ. එය කෙසේ වෙතත් මේ වන විට වීසා ඛාන්ඩ යටතට අලුත් ඛාන්ඩ දෙකක් එකතු වී තිබෙනවා. ඉදිරියේදි සංචාරක වීසා හා විසිට් වීසා සදහා බලාපොරොත්තුවක් තබාගත හැකිවේද?

Similar Posts