වීසා අයදුම්පත් බාරදීමට දිනයක් වෙන්කරවා ගන්නා ආකාරය පියවරෙන් පියව​ර

2022 ඔක්තෝබර් මස 14 වන දින සිට බලපැවැත්වෙන පරිදි සියලුම වීසා අයදුම්පත් බාර දීම සදහා ඔන්ලයින් දිනයක් වෙන්කරවා ගත යුතු වනවා. මෙය මේවන විට VFS ආයතනය ඉදිරිපිට පෝලිම් වල මාස ගනන් සිටින 1500 කට අධික වීසා අයදුම්කරවුන්ට නම් සහණයක් වනු නොඅනුමානයි. මෙම ලිපිය අවසානයේ දිනයක් වෙන්කරවා ගන්න ආකරය පියවරෙන් පියවර දක්වා තිබෙනවා.වීසා අයදුම්පත් බාරදීමට සූදනමින් සිටින අය මෙය බලල දිනයක් වෙන් කරගන්න.

මුදලට තැරැව්කරුවන්ගෙන් ලක්ශ ගනන් වලට දින ගන්න යන්න එ​පා. අවසන් වතාවට එපොයිමන්ට් සිස්ටම් එක නැතිවෙන්නත් හේතුවුනේ මුදලට එපොයිමන්ට් විකිණීමයි. ඒ නිසා පුළුවන් අය මේක බලන් කරගන්න. හැකියාවක් නැතිනම් දරුවෙක්ට හෝ තාක්ශනික දැනුමක් තිබෙන පුද්ගලයෙකුට කියලා මේ වැඩේ කරගන්න. කාටවත් සල්ලි දෙන්න එපා. ඒ වගේම මේක බලාගෙනම කරලා සල්ලි ගන්න එපා.

කවුරුන්ද මේ ආකරයට දිනයන් වෙන්කරවා ගත යුත්තේ?

  • Business
  • Employment
  • Family Reunion
  • Maldivian Citizens/Residents
  • Religious Purposes
  • Study
  • Tourist

යනාදි ඛාන්ඩවල අය දිනයක් වෙන්කරවාගත යුතු වනවා. වැදගත්ම දේ නම් ෆයිල් එක සමුපූර්ණ නැත්නම් එපොයිමන්ට් ගන්න එපා. ඔබ එපොයිමන්ට් ගන්නවා කියන්නේ නුල්ලා ඔස්තා එකක් අවසන් වෙන්න යන කෙනෙක්ගේ දිනයක් වෙලාවක් නැතිකිරීම හා සමානයි. දිනයක් වෙන්කරගන්න එකෙන් ඔබ යන්නෙ නැත්නම් ඔබගෙන් අය කල මුදලද ඔබට නැවත නොලැබෙන බවද මතක තබා ගන්න. දින වෙන් කරගැනීමට ලියාපදිංචි විය යුතු ලිපිනය.

https://visa.vfsglobal.com/lka/en/ita/book-an-appointment?fbclid=IwAR0yHF_rk6SlrKlDT2Td0A0wTYshIW9bQ0iN4SOwMKGVjEyUiGhkXRcuARs


මෙතනින් ඔබට අදාල කැටගරි එක තෝරගන්න. මේ වෙද්දි දින නෑ කියලයි පෙන්වන්නේ.ඒ නිසා සයිට් එකේ දින ඕපන් වෙන වෙලාවක තමයි මේ පියවරෙන් පස්සේ ඉස්සරහට යන්න වෙන්නෙ.


වීසා අයදුම්කරුගේ විස්තර ඔබ ලබාදෙන්න.


මේ සර්විස් එක කැමති නම් දාගන්න පුලුවන්.

මෙම වෙබ් අඩවි​යේ වීම නම් කලින් කරලා තියාගන්න පුලුවන්. නමුත් දිනක​ට ලැබෙන දින ප්‍රමානය සීමා සහිත වීමත් සයිට් එකේ දිනයන් පෙන්වන වෙලාවට බහුතරයක් අයදුම් කරන නිසත් ඔබ ඉක්මනින් ඉක්මනින් මේ පියවරයන් කරන්න ඕනා. බොහෝ විට ඔබ දිනය හා වෙලාව තෝරාගත්තත් ගෙවීම් කරන මොහොතේ ඔබට ගෙවීම් කිරීමට හැකියාව ලැබෙන්නේ නෑ. යම් විදියකින් එසේ වුනොත් ඔබට සිතගන්න වෙන්නේ ඔබ පරක්කු වූ නිසා ඔබේ වෙලාව තවත් කෙනෙ ලබා ඇති බවයි.ඒ නිසා මේ පියවරයන් ඉක්මනින් ඉක්මනට කරගන්න.

ඔබට මේ ලිපිය වැදගත් වූවා නම් ඔබේ මිතුරන් සමග බෙදාගන්න අමතක කරන්න එපා. ඔබ ලබාදෙන්නාවු සහය නිසයි අපි වැඩි වැඩියෙන් ලියන්නේ.

ඉතාලි පුරවැසියන්ටත් ඔන්ලයින් දින් වෙන් කරගැනීමේ ක්‍රමය​ක්.

EU CITIZENS ඉතාලි පුරවැසිභාවය තිබෙන අයගේ වැඩකටයුතු කරගැනීමටද දිනයක් වෙන්කරගැනීමේ ක්මයක් හදුන්වා දී තිබෙනවා.

ඔබට ඒ සදහා මේ වෙබ අඩවියෙන් රෙජිස්ටර් වී දින වෙන්කරව ගත හැකි වනවා.

https://prenotami.esteri.it/?fbclid=IwAR2O4iYsUYxIc6x9Ezq4s819Dfsqc-gEuI_UGjKYsOab8lynv_Sezg5RsU4

Similar Posts