|

NAGA සේවාවන්

Naga, Via Ludovico Lazzaro Zamenhof, 7/A, 20136 Milano MI

  • මොකක් ද මේ Naga කියන්නේ?
  • මොකක් ද මෙකෙන් වෙන්නෙ?
  • යම් සේවයක් ලැබෙනවා ද?

Naga යනු 1987 දී Milano හි ආරම්භ කරන ලද ගිහි, ස්වාධීන සහ පක්ෂ නොවන ස්වේච්ඡා සංගමයකි. Naga යනු කෙටියෙන්ම ස්වේච්ඡා සංගමයක්. ඔව්, මෙයි​න් විදේශවල සිට පැමීණි නීත්‍යානුකූල වීසා නොමැතිව ඉතාලිය තුල ජිවත්වෙන ජනතාවට සේවාවන් රැසක් සපයනවා. සෑම දිනකම Naga ස්වේච්ඡා සේවකයන් 400 දෙනා විදේශීය පුරවැසියන්ට

  • සෞඛ්‍ය
  • සමාජීය
  • නෛතික
  • ආධාර

සපයන අතර සියලු දෙනාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කැපවී සිටිති. ඔවුන්ගේ දැක්ම නම් ” අපි මිනිසුන් හමුවෙමු, පාලනය කිරීමට මායිම් ගැන අපි නොසිතමු. අවශ්‍යතා සපුරාලන සෑම අවස්ථාවකම අපි අයිතිවාසිකම් ආරක්ෂා කරමු.” යන්නයි. මෙය මේ වන මිලානෝ නගරයේ පමනයි ක්‍රියාත්මක වන්නේ.එමෙන්ම ඔවුන්ගේ සියලුම සේවාවන් නොමිලේම ලබාදෙයි.

සෞඛය.

සමාජ ක්‍ෂේත්‍රයේ Naga ක්‍රියාකාරකම්වල අරමුණ වන්නේ පරිපාලනමය දුෂ්කරතාවන්ට මුහුණ දෙන, නීති ආධාර අවශ්‍ය සහ සිරගතව සිටින සියලුම විදේශීය පුරවැසියන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීමයි. බෝහෝ දුරට ඔවුන් නොමීලේ නීති උපදෙස් හා අදාල පුද්ගලයන් ලබා දෙයි.තමන්ට යම් ගැටලුවකදි lawyer කෙනෙක් ලගට යන්න මුදල් නොමැති නම් ඔවුන්ගේ සහය ඔබට ලබාගැනිමේ හැකියාව ඇත.
සරණාගත පුද්ගලයන්​ට වෘත්තිය පුහුනු වැඩසටහන් සංවිදානය කරති. දිනපතා අහාර නොමිලේ ලබාදිමේ සේවයද ඔවුන් ඉටුකරයි.

නෛතික.

මෙක වැදගත් හේතුව අපේ එජන්සී යුරෝ 1000-1500 ට කරන වැඩ නොමීලේම කරගැනිමට පුලුවන්. රීෆුජි,අසීලෝ වගේ සරණගාතභාවයන්ට ඉල්ලුම්කිරිමේදී එජේන්සීවලට නොගොස් යම් කෙනෙ​ක් සරණාගතභාවයන්ට ඉල්ලුම්කරනවා නම් මේ ආයතනය තුලින් ඔබට අවශ්‍ය සියලුම උපදෙ​ස් නොමිලේ ලබා දෙයි.

අවැසිනම් lawyer ලාගේ සහයද ඔබට ඔවුන් නොමිලේ ලබා දෙයී. ඒජන්සීගානේ ගිහින් සල්ලි ටික පුජාකරනවාට වඩා මෙවෙනි ආයතන තුලින් ඔබට නොමිලේ මේ සේවාවන් ලබාගැනිමේ හැකියාව ඇත. වදහිංසනයන්ට ලක්වෙන පුද්ගලයන්ට නීතිමය සහනයන් ලබාගැනිමේ හැකියාවද ඇත.

මීට අමතර ඔවුන් sportello immigrazione වැඩ වලටද සහයෝගය දක්වයි. ෆැමීලියාර්, රැදිසිටිමේ බලපත සම්බන්දකරනා හා ගැටලුවලට, රැකියා ගිවිසු​ම් ගැටලුවලට, පුරවැසිභාව හා ඔබගේ අනේකුත් නීතිමය ගැටලුවලට ඔබට අවශ්‍ය උපදෙ​ස් හා උදව් නොමිලේ ලබාගැනිමේ හැකියාව ඇත.

විවෘතව පවතින වේලාවන්

L’ambulatorio medico è aperto:

  • tutti i lunedì dalle 9.00 alle 12.00 e dalle 14.00 alle 17.00
  • tutti i martedì dalle 9.00 alle 12.00
  • tutti i mercoledì dalle 9.00 alle 12.00
  • tutti i giovedì dalle 9.00 alle 12.00
  • tutti i venerdì dalle 9.00 alle 12.00 e dalle 14.00 alle 17.00

Lo sportello immigrazione:- Tutti i martedì e i giovedì dalle 14.00 alle 17.00

Lo sportello legale – Aperto dal lunedì a venerdì dalle 19

Similar Posts

2 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *