යූරෝ 1 ​ට ඉතාලියෙන් ගෙයක්?

ඉතාලියේ විශාල නගරවල ජනගහනය ඉහල යනමුත් ග්‍රාමීය පලාත් ජනශුන්‍ය කලාප වෙමින් පවතින බව ඔබ දන්නවාද? ග්‍රාමීය තරුණ පරම්පරාව විශාල ලෙස නගර ආක්‍රමණය කරද්දී ගම්බද විශාල නිවෙස් ප්‍රමාණයක් ගරාවැටෙමින් පවතී.

මේ පිලිබදව පුවත්පත් මගින් තොරතුරු දුටු Rubia Andrade මෙය සිය දෑසින්ම දැකගැනීමට ඇමරිකා එක්සත් ජනපදයේ සිට ඉතාලියේ දකුණු සිසිලියේ පිහිටි Mussomeli ගම්මානය වෙත පැමිනියාය.ඇය දුටුවේ සිය ගනණක් නිවාස එක කෝපි එකක මුදලට විකිණීමට දමා ඇතිබවයි.

ඉතාලියේ ජනශුන්‍ය වෙමින් පවතින ග්‍රාමීය පලාත් නැවතත් ජනාවාස කිරීමේ මූලික අරමුණ ඇතිව ජනමාධ්‍යවේදී Vittorio Sgarbi මහතා විසින් මෙය පටන් ගැනීමට මූලිකත්වය දී ඇත. දැනටමුලු ඉතාලියේම comuni 34 පුරා මෙය ක්‍රියාත්මක වේ.

මෙම නිවාස බොහෝ අබලන් තත්වයේ නිවාස වන අතර පෞරානික බිත්ති සහ නිවාස ආකෘතින්ද මේ අතරට අයත් වේ. මෙම නිවාස අත්හැර දමන ලද නිවාස නිසා මේවා කුරුල්ලන්ගේ සහ කුඩා සතුන්ගේ රජ දහන් බවට පත්වී ඇති බව ඔවුන් පවසයි.

දිනපතා දහස් ගණන් විද්‍යුත් ලිපි මගින් නිවාස සදහා ඉල්ලිම් ලැබෙන මුත් මේවා වල සැබෑ තත්වය දෑසින්ම බලා මිලට ගන්නා ලෙස අවධාරණය කර ඇත. මෙම නිවාස නැවත ගොඩ නැගීමට වැය වන මුදල යූරෝ 20000 සිට 100000 වියහැකි බව ගණනය කර ඇත.

Rubia Andrade මෙය ඉතා වැදගත් ආයෝජනයක් බව පවසයි. ඇය මෙම නිවාස වලින් අවන්හලක් , Gym එකක් සහ නිවසක් ගොඩ නගා ඇත. තවත් බොහෝ ආයෝජකයින් මෙයට ඇදී ඇත. ඔබත් ඔබේ වාසනාව caffè එකකින් උරගා බලන්න.

ඔබට මෙම වෙබ් අඩවියෙන් එම නිවාස පිලිබද තොරතුරු ලබා ගැනීමට හැකියාව තිබෙනවා.
මෙය ක්ලික් කරන්න.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *