ඉතාලියේ බහුතරයක් නිවෙස් වල දකින්න ලැබෙ​න පුස් ඔබට හානි කරන ආකරය හා නැතිකර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්​ග.

ඉතාලියේ නිවෙස් වල බිත්ති පුරා පුස් බැඳිලා තියෙන හැටි දකින්න පුළුවන්. මේ වගේ තත්වයක් උදා වෙන්නේ නිවස තුල තිබෙන තෙත් සහිත බව නිසයි. බිත්ති වල බැඳෙන පුස් Mould සහ Fungus ලෙස හැඳින්වෙනවා. මේ පුස් නිවැසියන්ගේ සෞඛ්‍ය තත්වයට දැඩි බලපෑම් එල්ල කරනවා. අද අපි මේගැන හා මෙයට ගත හැකි ක්‍රියාමාර්ග ගැන කතා කරමු.පුස් සහිත

පුස් සහිත බිත්ති ඇති නිවසක ජීවත් වීමෙන් ඇති විය හැකි රෝගී තත්වයන්

  • ඇදුම
  • පීනස තත්වය
  • සෙම්ප්‍රතිශ්‍යාව
  • ඇස් ආශ්‍රිත ආසාදන
  • කන් ආශ්‍රිත ආසාදන
  • උගුර ආශ්‍රිත අසාදන
  • කැස්ස
  • පෙනහලූ ආබාධ

නිවසේ බිත්ති මත පුස් ඇති වීමට බලපාන හේතු

ඉතාලියේ බොහෝ නිවෙස්වල පුස් ආතිවීමට ප්‍රදානම හේතුව තමයි නිවෙස් තුල පවතින වායුවේ තෙත් බව වැඩිවීමයි. මීට අමතරව බාත් රූ​ම් වල නම් ඇගපත සේදීමෙන් හා නෑමෙන් පසුව ඇතුලත පවතින තෙත් වායුව එලියට නොයෑමයි. මීට අමතරව නිවස තුළට ප්‍රමානවත් හිරු එළිය නොලැබීම. නිවසින් පිටත බිත්ති තෙතමනයට හා වැස්සට ​ඔරොත්තු දෙ​න වෝටර් පෘෆ් ආලේපනයක් නොගල්වීමයි. මීට අමතරව වැසි සහිත කාළගුනයත් මේ සදහා බලපානවා.

නිවැසියන්ට හානි කරන පුස් නැති කර ගැනීමට කල හැකි දේවල්.

Anti Muffa Spray

මේ වන විට නිවසේ මූෆ්ෆ තිබෙනවා නම් මේ ස්ප්‍රේ එක මගින් සියලුම මූෆ්ෆා ඉවත් කරගන්න පුලුවන්.මෙය හොදින් කියවන්න. මෙය පාවිච්චි කිරීමේදි ඇස් වල,මූනේ හෝ කට ඇතුලට යවාගන්න එපා.සෑහෙන විසයි මේක. ඒ වගේම මෙය ස්ප්‍රේ කරද්දි හොදින් ආරක්ශාකාරි පිලිවෙතක් අනුගමනය කරන්න.

මෙය මූෆ්ෆා වලට ස්ප්‍රේ කිරීමෙන් පැයක් වගේ ඇතුලත සියලුම මූෆ්ෆා ඉවත්වෙනවා. මෙය කාමරයකට ගහන්වා නම් ඒ කාමරය කිසිම දෙයකට සතියක් යනතුරුවත් පාවිච්චි කරන්න එපා. නිදාගන්න එක කොහොමත් කරන්න එපා. කුඩා දරුවන් සිටිනවා නම් ඒ ප්‍රදේයට යවන්න එපා.

ආලේප කර සතියක් විතර ආලේප කරන ලද කාමරයේ දොරවල් ජනෙල් හැර තබන්න. රෑට හැර අනිත හැම විටම මෙහි සැර නැතිවෙනකන්ම තියන්න. එක කාමරයක් තියෙන කෙනෙක් නම් මේක ආලෙප කරලා කාමරේ නිදාගන්න හිතන්නවත් එපා. ඊලග දවසේ මළකද තමයි දකින්න වෙන්නේ.

මේක ගහන්වා නම් මම කියපු උපදෙස් අනිවාර්යයෙන් පිළිපදින්න.ඒ වගේම බෝතලේ හා පෙට්ටියේ මේ ගැන සදහන් කරලා තිබෙනවා.

තීන්ත ආලේප​න.

මෙය කරන්නත් මුලින්ම සියලුම මූෆ්ෆා ඉවත් කරගන්න ඕනා.මේ තීන්ත එක ඒක උඩින් ගෑවට ප්‍රතිපල නම් ලබාගන්න බෑ.

Ventilatore Bagno

මෙය බාත් රූ​ම් වල සවි කරන්න පුලුවන්. මෙයින් සිදුවන්නේ ජල වාශ්ප හා වාතය එලියට යැවීමයි.

Dehumidifier

තෙතමනය සහිත ස්ථාන හොඳින් වියලා ගැනීමට කටයුතු කිරීම. මේ සඳහා Dehumidifier යන්තරයක් භාවිතා කරන්න පුළුවන්. මේවගේ ඒවා සුපර්මාර්කට්, ඉලෙක්ට්‍රික් භාන්ඩ විකිනීමට තිබෙන ශොප් වල හා හාර්ඩ්වෙයාර් වලින් ගන්න පුලුවන්.

මෙහි සාමාන්‍ය  අගය යූරෝ 25 සිට යූරෝ 100 දක්වා වනවා.

Umidità contro Condensa e Muffa, 1 Dispositivo e 1 Ricarica TAB

මෙයත් කලින් සදහන් කල ආකාරයේ ජල වාශ්ප එකතු කිරීමේ යන්ත්‍රයක්.මෙය ක්‍රියා කිරීමට විදිලි බලය අවශය නොවේ. නිවසේ නිදන කාමරයේ, සාලයේ හා බාත් රූම් වල මෙවෙනි එක් යන්ත්‍රය බැගින් තියන්න පුලුවන්. මේ සමග ලැබෙන නිල් පාට කැටය මාස 3 ක් වගේ කාලයක් පාවිච්චි කරන්න පුලුවන්. බාත් රූම් එකක නම් මෙය පාවිච්චි කරන්නේ වැඩි කාලයක් පාවිච්චි කරන්න බැරිවෙනවා.මෙයට හේතුව තමයි බාත් රූම් එකක එකතු වන ජල වාශ්ප ප්‍රමානය වැඩි වීම.

මෙම කැට වෙනමම මිලදී ගැනීමටත් හැකියාව තිබෙනවා. මෙම යන්ත්‍රය හා කැට දෙකක් යූරෝ 10 සිට -15 අතර පරාසයන්හී මිළදී ගන්න පුලුවන්.

සුපර්මාර්කට් හා හාර්ඩ්වෙයාර් වලින් මිළදී ගන්​න පුලුවන්.

image : Amazon Web Site, san-marco.com web අඩවිය මගි​නි.

 

Similar Posts