730 ගැන ඔබ හරියටම දන්නවාද? ලිපි අංක 01

730 කියද්දිම ඔබට මතක් වෙන්නෙ ඔබට ලැබෙන දීමනාවක් කියල නේද?ඇත්තෙන්ම කියනව නම් 730 කියන්නෙ ඔබ විසින් නියමිත බදු මුදල් ගෙවීම හෝ වැඩියෙන් ගෙවා ඇති මුදල් ආපසු ලබා ගැනීම සඳහා රජය මගින් හඳුන්වා දී ඇති බදු සහන පත්‍රිකාවකි.

මෙය 730 සහ 730 precompilato යනුවෙන් වර්ග කර තිබේ. සාමාන්‍ය 730 පත්‍රිකාව මුලුමනින්ම සම්පූර්ණ කිරීමේ බලය බදු ගෙවන්නාට හිමිවේ. නමුත් 730 precompilato යනු agenzia della entrate මගින් පුද්ගලයින්ගේ මූල්‍යමය දත්ත සහතික කර නිකුත් කරන ලේඛනයයි.මෙහි කිසිදු වෙනස්කම් කිරීමට ඔබට හැකියාවක් නැත.

730 සෑදිය යුතු අවම ආදායම වගුව පහත සදහන් වේ

මෙම වගුවෙන් පෙනී යන්නේ තම නිවසට අමතරව තවත් නිවාස අයිතිය හෝ යූරෝ 8000 වඩා වැඩි ආදායමක් ඔබට ඇත්නම් ඔබ අනිවාර්යයෙන් 730 සෑදිය යුතු බවයි.
ඔබ විවාහක නම් 730 congiunto සෑදිය හැකිය .මෙයින් ඔබ දෙදෙනාගේම බදු ගෙවීම් හෝ ආපසු ලබා ගැනීම එක් බදු පත්‍රිකාවකින් කල හැකිවීම විශේෂයයි.

730 මගින් ලැබෙන සහන පිළිබඳව ඊලඟ ලිපියෙන්,

Similar Posts