Ministero dell’interno වෙබ් අඩවිය යාවත්කාලීන වෙද්දි ෆැමිලියාර්, සනතොරියා සදහා අයදුම් කල අයට මොකද වෙන්නේ?

2022 අප්‍රේල් මාසයේ 22 දින සිට 2022 මැයි 10 දින දක්වා Ministero dell’interno වෙබ් අඩවියේ sportello unico වෙබ් පිටුව යම් සේවා සඳහා තාවකාලිකව අත්සිටවනු ඇත.

2022 මැයි 11 වන දින සිට අලුත් කරන ලද ක්‍රමවේදයන් යටතේ පහත සදහන් සේවා යාවත්කාලීන කරන බව වෙබ් අඩවියේ සඳහන්ය.

  • Invio di istanze nulla Osta al lavoro සහ
  • Ricongiungimento Familiare
    මෙම කාලයේදී Ministero dell’interno වෙබ් අඩවියට පිවිසිය හැකි අතර ඔබ මේ වනවිට යවා ඇති domanda වල තොරතුරු පමනක් ඔබට දැකගැනීමට හැකියාව පවතී.

යම් හෙයකි​න් ඔබ සනතොරියා නිතිය සදහා අයදුම් කර දිනයක් ලැබී තිබෙන කෙනෙකු නම් අනිවාර්යෙන් අදාල දිනයට යන්න.ඔබට යෑමට නොහැකි වුවහොත් නැවත් දිනයක් ලබාගැනීමට වෙබ් අඩවිය යාවත්කාලීන වී අවසන් වන තුරු බලපොරොත්තුවෙන් සිටීමට සිදුවනවා.
Ricongiungimento Familiare යටතේ අවරුදු 18 සම්පූර්න වීමට ආසන්නයේ සිටින් දරුවන් සදහා අයදුම් කිරීමේදීත් මේ තත්වය ඇති වනවා.යම් හෙයිකින් ඔබගේ දරුවාගේ වයස 18 සම්පුර්න වන්නේ මේ වෙබ් අඩවියේ යාවත්කාලීන වීම සිදුවන කාලයේදි නම් ඔබගේ දරුවාගේ Ricongiungimento Familiare සදහා අයදුම් කිරීමටද නොහැකි වන්නට පුලුවන්. මෙ​ම කාලය තුලදි CAF/ Patronato ආයතන වලටද ඔබ වෙනුවෙන් අයදුම් පත් යො​මු කිරීමට අවස්තවක් හිමි නොවේ.

Ricongiungimento Familiare සදහා අයදුම් කිරීමේ ක්‍රමවේදයෙ​ත් යම් වෙනස්කම් කිහිපයකුත් ඉදිරියේ​දි සිදුවීමට නියමිත බවද ලැබෙන ආරන්චි මාර්ග වලින් දැනගන්න ලැබී තිබෙනවා. එය එසේ වුවහොත් Ricongiungimento Familiare සදහා අයදුම් කරන මුල් අවස්තාවේදීම ලංකාවෙන් ඩොකුයුමන්ට් ලීගලයිස් කර බාරගැනීමේ ක්‍රමවේදයක් ඉදිරියේදි ආරම්බවේවි යැයි සිතිය හැක. එය කෙසේ වෙතත් Ricongiungimento Familiare අයදුම් කිරීමට සිටින කෙනෙක් නම් ඉක්මනින් ඔබගේ අයදුම්පත් යොමු කිරීමට වගබලාගන්න. ඉදිරියේ නීතී තවත් තදවනවා මිස ලිහිල් වීමක් සිදුවන්නේ නැත. ඔබ​ට මෙම කාලය තුලදී Domanda යොමු කිරීමට අපොහොසත් වුවහො​ත් 2022 මැයි 11 සිට යාවත්කාලීන වන ක්‍රමවේදය ගැන අවධානයෙන් සිටිමට සිදුවනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *