මනූශ නානයක්කාර vfs ආයතනය සමග කතා කරයි. ප්‍රශ්නය විසදේවිද? සාකච්චා සාර්ථකද?

VFS GLOBAL ආයතනයෙන් වීසා සේවා සපයා ගැනීමේ දී ඉතා දැඩි දුෂ්කරතාවන්ට ලක් වීමට සිදු වී ඇති බවත්, දිනකට තුන් හතර දෙනකුට වඩා සේවා සපයන්නේ නැති බවටත්, ඒ සදහා කඩිනම් විසදුමක් ලබා දෙන ලෙසත් බොහෝ දෙනෙක් ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණා. මෙහි දී ඉතාලි වීසා ලබා ගැනීමේ ගැටලුව පිළිබද බොහෝ දෙනෙක් ඉල්ලීම් කර තිබුණා.

මේ නිසාම අද විදේශ කටයුතු අමාත්‍යංශයේ දී අමාත්‍යවරයා සහ අනෙකුත් වගකිව යුතු නිලධාරීන් සමග මෙම ගැටලුව සම්බන්ධයෙන් පුළුල් ව සාකච්ඡා කළා. මේ සාක්ච්ඡාවේ එක් පාර්ශ්වයක් විදියට අපි VFS GLOBAL ආයතනයේ බලධාරීනුත් සම්බන්ධ කර ගත්තා.

එහි දී VFS GLOBAL ආයතන බලධාරීන් පවසා සිටියේ ඔවුන් විසින් කරනු ලබන්නේ අදාළ රටේ වීසා ලබා ගැනීමට පහසුකම් සැපැයීමේ සේවාවක් පමණක් බවයි. එහි දී අදාළ රටෙහි තානාපති කාර්යාලය විසින් අනුමත කර එවන වීසා ප්‍රමාණයට පමණක් තම සේවාව සපයන බවත්, ඉන් ඔබ්බට ගොස් කිසිදු කටයුත්තක් කිරීමට හැකියාවක් නොමැති බවත් අණාවරණය කළා.

එසේ ම ඉතාලි වීසා ලබා ගැනිමේ ගැටලුව පිළිබද වෙනම ම සාකච්ඡා කිරීමටත් අපි කටයුතු කළා. ඉතාලි තානාපති කාර්යාලය මගින් ම නිකුත් කරන වීසා ප්‍රමාණය ඉතා සීමා කර ඇති බවත්, දෛනික ව එය තුන් දෙනකුගේ උපරිමයකට සීමා කර ඇති බවත් එහි දී අණාවරණය වූණා. මේ වන විට 2023 මැයි මාසය වන තුරු සියලු වෙන් කිරීම් අවසන් වී ඇති බැවින් ආගමික, සංචාරක, ව්‍යාපාරික සහ ශිෂ්‍ය වීසා සදහා සේවා සැපයුවත් ඒ සියල්ල ද නවතා ඇති බවත් අණාවරණය වුණා.

එබැවින් ම ඉතාලි වීසා ලබා ගැනීම පිළිබද ව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ මැදිහත් වීමක් අත්‍යවශ්‍ය වෙනවා. විදේශ කටයුතු අමාත්‍යවරයා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ඒ අනුව විෂය භාර අමාත්‍යවරයා සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සමග එක් ව ඉතාලි වීසා ගැටලුව නිරාකරණය කිරීමට ඉතා ම කඩිනමින් කටයුතු කරනවා.

ඒ මෙරට තරුණ තරුණියන්ගේ විදෙස් රැකියා සිහිනය සම්බන්ධයෙන් සේම කම්කරු ක්ෂේත්‍රය සම්බන්ධයෙනුත් අපි ඉතා ම සංවේදීව කටයුතු කරන නිසයි.

Similar Posts