විදුලි / ගෑස් බිල් ඉහලට

ඔක්තෝබර් 1 දා සිට බලපැවැත්වෙන පරිදි ඉතාලියේ ව්දුලි සහ ගෑස් පාරිභෝජන බිල්පත් රජයේ අනුමැතියකින් තොරව ඉහල දමා ඇත.

විදුලි බිල්පත් 30% පමණ වැඩිවෙන අතර ගෑස් බිල්පත් 15% ලෙස දළ වශයෙන් ගණන් බලා ඇත. මෙමගින් උපයා ගන්නා ආදායම යූරෝ මිලියාර්දි 3 පමණ වේ.

සෑම පවුලක්ම වාර්ශිකව විදුලිය සදහා යූරෝ 180 ක්ද ගෑස් සදහා යූරෝ 170 වැඩියෙන් වැයවන බව මෙයින් අනුමාන කෙරේ.

ISEE අගය අඩු අය සදහා මෙම වැඩිකිරීම සිදුනොවන බව ඉතාලි රජය පවසයි. මීට පෙර වසර වල වාර්ශිකව අයදුම් කලයුතු වූ bonus gas/Luce මෙම වසරේ සිට ස්වයංක්‍රීයව බිල්පත් වලට එකතු කිරීම සිදුවෙයි. මේ සදහා රජය විසින් වෙන්කරන ලද මුදල වැඩිකර ඇති අතර එමගින් වැඩි පවුල් සංඛ්‍යාවකට Bonus ලබා දීමට බලාපොරොත්තු වේ.

Utilizzo di Apparecchiature Elettromedicali Salvavita මේ ඉහත සදහන් උපකරණ පාවිච්චි කරන අය Riduzioni Da Disagio Fisico පුරවා ඉදිරිපත් කිරීමෙන් බිල්පත් සදහා සහනලබා ගත හැක.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *