Legalizzazione dei documenti in Sri Lanka

Legalizzazione dei documenti in Sri Lanka 🇱🇰

2021 ජුනි 14 වෙනිදා සිට ලංකාවෙන් ලියකියවිලි සහතික කරගැනීමේ ක්‍රියාවලිය නැවතත් කොළඹ පිහිටි VFS GLOBAL ආයතනය හරහා බාරගැනීමට, ලංකාවේ ඉතාලි තානාපති කාර්‍යාලය තීරණය කර තිබෙනවා.
මේ අනුව ඔබ තවදුරටත් PRONTO LANKA ආයතනයට ඔබගේ සහතික බාරදිය යුතු නැහැ.

නව ක්‍රමවේදයට අනුව වෙනස්කම් කීපයක් සිදුවී තිබෙනවා.

👉ඔබගේ ලිපිලේඛනයන්හි (සිංහල හෝ දෙමල ) මූලික පිටපත් VFS GLOBAL ආයතනයට අදාල අයදුම්පත්‍රයත් සමග බාරදිය යුතු වෙනවා. ඒ අනුව ඉංග්‍රීසි පරිවර්තනයන් තවදුරටත් අවශ්‍ය වෙන්නේ නැහැ.

👉මෙය අධ්‍යාපන සහතික හෝ Power of Attorney සදහා බල නොපාන අතර, එම ලේඛනයන්හි ඉංග්‍රීසි මූලික පිටපත ඉදිරිපත් කල යුතුයි .

👉මෙවර සිදුවී ඇති විශාල ප්‍රගතියනම්, සහතික ලෙගලිස්සාරේ කර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටි ඔබ සැමට විශාල ගැටළුවක්ව පැවති, දෙමව්පියන්ගේ, කාලත්‍රයන්ගේ හැදුණුම්පත් ගැටළු සදහා සහනයක් ලබා දී තිබීමයි. ඒ අනුව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කල, අදාල පුද්ගලයන්ගේ අනන්‍යතාවය සහතික කරන ලියවිල්ලක් ප්‍රමාණවත් බවයි. ඒ අනුව දෙමව්පියනගේ හැදුණුම්පත්හි ජායාපිටපත් සොයාගැනීමට නොහැකිවූ ඔබට, එම දෙපාර්තමේන්තුවෙන් මෙම සහතිකය ඉල්ලුම් කල හැක.

👉ලේඛන සහතික කිරීම සදහා, සදුදා සිට බ්‍රහස්පතින්දා දක්වා කොළඹ පිහිටි VFS ආයතනයට උදේ 8.00 සිට සවස 14.00 දක්වා කලින් දින වෙන්කර ගැනීමක් නොමැතිව(SENZA APPUNTAMENTO ) ඉදිරිපත් විය හැක.

👉ලේඛන සහතික කිරීමේ ගාස්තු වෙනස්වී ඇති අතර, නව අයදුම්පතක් නිකුත්කර තිබෙනවා.
සැකසුම
Mallika Gamageජුනි 21සිට වෙනස්වෙන ලියවිලි සහතිකකිරිම්.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *