| |

ලියකියවිලි සහතික කර ගැනීමේ නවතම ක්‍රමවේද​ය

ලාංකිකයන්ගේ යම් අවශ්‍යතාවයන් අනුව ඉතාලියට ගෙන්වා ගත යුතු ලියකියවිලි සහතික කරලීමට කොළඹ පිහිටි ඉතාලි තානාපති කාර්යාලයට ඉදිරිපත් කල යුතු උපකාරක ලියකියවිලි කවරේද?

ලියකියවිලි සහතික කර ගැනීම සම්බන්ධයෙන් ඉතාලි තානාපති සේවය මෑතක සිට නව ක්‍රමවේදයක් හදුන්වා දී ඇත. ඒ සදහා තානාපති කාර්යාලයට ඉදිරිපත් කල යුතු Supporting Documents හෙවත් උපකාරක ලියකියවිලි ලැයිස්තුවේ සිංහල පරිවර්තනය පහත දක්වා ඇත.

මෙම නව ක්‍රමය මගින් ලබා දිය යුතු Supporting Document හෙවත් උපකාරක ලියකියවිලි සම්බන්ධයෙන් නම් මේ වනවිට විශාල ගැටලු නිර්මාණය වී තිබේ. සමහර ගැටලු කවදාවත් විසඳාලීමට බැරිය. ඒ තරමට සංකීර්ණ වී ඇත. මෙම නව ක්‍රමවේදයෙන් යම් සහනද ලාංකිකයන්හට ලැබී තිබේ. එනම් ඉංග්‍රීසි පිටපත් සමග සිංහල පිටපත් පමනක් යොමුකිරීමට අවස්ථාව ලැබීමත්, ඉතාලි භාෂාවට පරිවර්තනය කිරීමට මෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහතික කිරීමටත් අවශ්‍ය නොවන අන්දමේ සහනද ලැබී තිබේ.

එසේ නමුත් සුලු වැරදීම් මත ප්‍රතික්ෂේප කරන අයදුම් පත් සංඛ්‍යාවද බොහෝමයකි. නැවතීමේ ලකුණු හෝ කොමා ලකුණු නොමැතිවීම, ඒ වාගේම නම් දෙකක් අතර වැඩි හිඩසක් තිබීම වැනි සුලු අඩුපාඩු වලට පවා ලාංකිකයන් අසරණ කරන අවස්ථාවන් ගැන නිරතුරුව අසන්න⁣ට ලැබේ.

 

Pronto Lanka නම් කුරියර් සේවාව මගින් අයදුම් පත් යොමු කරනුවේ අලුතින් පිහිටවන ලද Forsiter Global Services Pvt Ltd ආයතනය වෙතටයි. තානාපති කාර්යාලයට අවශ්‍ය පරිදි ඉතාලි භාෂාවට පරිවර්තනය කිරීම, ලියකියවිලි වල අඩුපාඩු පරික්ෂා කිරීම සහ IOM ආයතනය හරහා ලියකියවිලි වල සත්‍යතාවය පරික්ෂාවට ලක් කිරීම වැනි දෑ ඉහත සදහන් ආයතනය සිදු කරනු ලබයි.

සුළු වැරද්දකට පවා අයදුම් පත් නිෂ්ප්‍රභා කරනු ලබන්නේ මෙම Forsiter Global Service ආයතනය මගිනි. කිසිදු අයදුම්කරුවෙකුට එම ආයතනය හා සම්බන්ධ වීමට නොහැකි අතර ඉතාලි තානාපති කාර්යාලය ඒ ආයතනය සදහා වගකියන්නේද නැත. ඉතාලියේ ජීවත්වෙන ලාංකිකයන්ට පරිවර්තනය කර සහතික කර ගැනීමට අවශ්‍ය වන ලියකියවිලි වෙනුවෙන් ලබා දිය යුතු උපකාරක ලියකියවිලි කවරේද යන්න පිලිබඳව සිංහල පරිවර්තන සටහනක් පහත සදහන් කර ඇත. අපි දැන් බලමු ලාංකිකයන්හට සහතික කරගත යුතු ලියකියවිලි සහ ඒ සදහා ඉදිරිපත් කල යුතු උපකාරක ලියකියවිලි සිංහල පරිවර්තනය.

උප්පැන්න සහතිකය ( Birth Certificate)

  • උප්පැන්න සහතිකයේ මුල් පිටපත.
  • රෙජිස්ට්‍රාර් ජෙනරාල් කාර්යාලයෙන් ලබා ගත් ඉංග්‍රීසි උප්පැන්න පිටපතක්.
  • වලංගු ගමන් බලපත්‍රයේ අංක 1 සිට 5 දක්වා වු පිටුවල කොපි.
  • දෙමාපියන්ගේ වලංගු ගමන් බලපත්‍රයේ අංක 1 සිට 5 දක්වා පිටුවල කොපි හෝ හැදුනුම් පතේ ඉංග්‍රීසි පරිවර්තනයක්. (පිලිගත් භාෂා පරිවර්තකයෙක් කරන ලද)

කසාද සහතිකය

  • කසාද සහතිකයේ මුල් පිටපතක්.
  • රෙජිස්ට්‍රාර් ජෙනරාල් කාර්යාලයෙන් ලබා ගත් ඉංග්‍රීසි කසාද සහතික පිටපතක් විවාහක දෙදෙනාගේ වලංගු ගමන් බලපත්‍රයේ අංක 1 සිට 5 දක්වා පිටුවල කොපි.

මරණ සහතිකය

  • මරණ සහතිකයේ මුල් පිටපතක්.
  • රෙජිස්ට්‍රාර් ජෙනරාල් කාර්යාලයෙන් ලබා ගත් ඉංග්‍රීසි මරණ සහතික පිටපතක්.
  • මරණකරුගේ වලංගු ගමන් බලපත්‍රයේ අංක 1 සිට 5 දක්වා පිටුවල කොපි හෝ හැදුනුම් පතේ ඉංග්‍රීසි පරිවර්තනයක් (පිලිගත් භාෂා පරිවර්තකයෙක් කරන ලද)

පොලිස් නිෂ්කාශන සහතික

  • පොලිස් සහතිකයේ මුල් පිටපත.
  • අයදුම්කරුගේ වලංගු ගමන් බලපත්‍රයේ අංක 1 සිට 5 දක්වා පිටුවල කොපි.

දික්කසාද නයිසයි නියෝගය / දික්කසාද නියෝගය

  • උසාවියෙන් නිකුත් කරන ලද නයිසයි තීන්දුව/දික්කසාද තීන්දුව එහි ඉංග්‍රීසි පිටපත් ( බලයලත් භාෂා පරිවර්තකයෙක් කරන ලද)
  • දෙපාර්ශවයේ වලංගු ගමන් බලපත්‍ර⁣ වල අංක 1 සිට 5 දක්වා පිටුවල කොපි දික්කසාදය පිලිබඳ පලාතේ කුස්තුරා ආයතනයට දන්වන ලිපිය සහ එය ලැබූ බවට ලබාගත් රිසිට් පටය. (ඒ පිලිබදව වෙනම ලිපි පළකර ඇත)

 

අධ්‍යාපන සහතික O/L සහ A/L

අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කරන ලද ඉංග්‍රීසි පිටපත වලංගු ගමන් බලපත්‍රයේ අංක 1 සිට 5 දක්වා පිටුවල කොපි.

විශ්ව විද්‍යාල උපාධි සහතිකය

විශ්ව විද්‍යාලය මගින් ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කරන ලද උපාධි සහතිකය වලංගු ගමන් බලපත්‍ර වල අංක 1 සිට 5 දක්වා පිටුවල කොපි. (තවද අධ්‍යාපන සහතික සදහා Dichiarazione di valore සහතිකය ලබා ගැනීමට තානාපති කාර්යාලය හා සම්බන්ධ විය යුතු බව සදහන් කර ඇත.)

ඇටෝර්නි බලපත්‍රය

  • ඇටෝර්නි බලපත්‍රයේ මුල් ඉංග්‍රීසි පිටපතක්.
  • වලංගු ගමන් බලපත්‍රයේ අංක 1 සිට 5 දක්වා පිටුවල කොපි.

ග්‍රාම සේවක සහතිකය

  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් අත්සන් කරන ලද DS 4 අයදුම් පතේ මුල් පිටපත.
  • පිලිගත් භාෂා පරිවර්තකයකු කරන ලද ඉංග්‍රීසි පිටපත.
  • අයදුම්කරුගේ ගමන් බලපත්‍රයේ පිටු අංක 1 සිට 5 දක්වා කොපි.

මේ සෑම සහතික කරගැනීමක් වෙනුවෙන් ලබා දෙන ගමන් බලපත්‍රය වල වලංගු කාලය මාස 6 කට වඩා වැඩි විය යුතුවේ. තවද උප්පැන්න සහතිකයක් සහතික කර ගැනීමට ලබා දෙන උපකාරක ලියවිල්ලක් වන දෙමාපියන්ගේ හැදුනුම් පතේ සදහන් නම ඒ ලෙසටම අයදුම්කරුගේ උප්පැන්න සහතිකයේ දෙමාපියන්ගේ නම් යටතේ සදහන්ව තිබිය යුතුම වේ. එහි අකුරක හෝ වරදක් තිබීම අයදුම් පත නිෂ්ප්‍රභා වීමට හේතුවක් වනු ඇත. තවද දික්කසාද සහතික ඉංග්‍රීසි පරිවර්තන ලබා දීමේදි වැඩි සැලකිල්ලක් ගත යුතුවේ. ඒ සදහා පිලිගත් සහ පලපුරුදු භාෂා පරිවර්තකයෙකුගේ සහාය ලබා ගැනීම වඩාත් උචිත වේ. ඉතාලියෙන් නූල්ලා ඔස්තා ලැබීම⁣ට මාස කිහිපයකට පෙර සිට කසාද සහතික සහ දික්කසාද සහතික තානාපති කාර්යාලයෙන් සහතික කර ගැනීම⁣ට භාර දීමට වග බලා ගැනීම සුදුසු වේ.

උපුටාගැනීම,
අජිත් හෙට්ටිආරච්චි මහතාගෙ​න්

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *