නිවසින් පිටවීමේදි අවශ්‍යවන L’autocertificazione නිවැරදිව පුරවන ආකර​ය

මේ වන විට  ඉතාලියේ බොහෝ පළා​ත් ආරක්ශිත කලාපයක් බවට පත් කර තිබෙන්වා. covid 19 බලපෑම අනුව ඔවුන් විසින් කලාප 03 කට මුලු ඉතාලියම වෙන් කර තිබෙන බව ඔබ මේ වනවිටත් දන්නවා ඇති.එනම්

  1. රතු කලාප​ය (අධි අවදානම්)
  2. තැබිලි කලාපය (ඉහළ අවදානම්)
  3. කහා කලාප​ය (සාමාන්‍ය අවදානම්)

ඔබ රතු කලාපයේ ජීවත්වන පුද්ගලයෙක් නම් නිවසින් පිටවන සෑම මොහොතකම L’autocertificazione සහතිකය පුරවා ලගතබා ගතයුතු​වේ.

 

නිවසින් බැහැරවයාමේදී මේ ලිපිය නොමැති නම්,

  • යූරෝ 280 සිට 580 ක් දක්වා දඩයක් ​හෝ
  • මාස 03 සිට 18 දක්වා සිරදඩුවමක් හා යූරෝ 500 සිට 5000 දක්වා දඩයක් ගෙවීමට සිදුවේ.

ඔබ කහ තැඹිලි කලාපයේ ජීවත් වන පුද්ගලයෙක් නම් රාත්‍රී 10.00 සිට උදෑසන 5.00 දක්වා නිවෙසින් පිටවීමේ දී මෙ​ම සහතිකය ළඟ තබාගගත යුතුය.

 

නිවසින් බැහැරවයාමේදී අවශ්‍ය වන L’autocertificazione පුරවන ආකරය දැන් අපි බලමු.

 

 

01.සම්පූර්ණ නම

02.උපන් දිනය

03.උපන් ස්ථානය

04.රෙසිදෙන්තෙ තියෙන ප්‍රදේශය

05.රෙසිදෙන්තෙ තියෙන තැන ලිපිනය

06.වාසය කරන ප්‍රදේශය

07.වසය කරන ස්ථානයේ ලිපිනය

08.හදුනා ගැනීම් පත්‍රයේ නම (රියදුරු බලපත්‍රය, හැදුනුම් පත හෝ විදේශ ගමන් බලපත්‍රය)

09.හදුනා ගැනීමේ බලපත්‍රයේ අංකය

10.හදුනා ගැනීමේ බලපත්‍රය නිකුත් කල ස්ථානය

 

11.හදුනා ගැනීමේ බලපත්‍රය නිකුත් කල දිනය

12.දුරකථන අංකය

13.පිටවීමට හේතුව ඉදිරියෙන් X දාන්න

13-a). comprovati motivi di lavoro (වැඩට නම් යන්නේ, එතන නම සහ ලිපිනය)

13-b). motivi di salute (බෙහෙත් ගන්න නම් යන්නේ කොහෙටද, ෆාමසියටද/ඉස්පිරිතාලෙටද/පවුලේ වෛද්‍යවරුන්ද හමුවටද – තියෙනවා නම් සහ ලිපිනය)

13-c). Altri motivi ammessi dalle vigenti normative ovvero dai predetti decreti, ordinanze e altri provvedimenti che definiscono le misure di prevenzione delle diffusione del contagio

(වර්ථමාන රෙගුලාසි මගින් හෝ ඉහත සඳහන් නියෝග මගින් අවසර දී ඇති වෙනත් හේතු, ආසාදන පැතිරීම වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සහ වෙනත් හේතු)

14. පිටත් වූ ස්ථානයේ ලිපිනය

15. පැමිණිය යුතු ස්ථානය

16. In merito allo spostamento, dichiara inoltre che (පිටවීමට හේතුව වන්නේ,

උදා, වැඩට යන අය per i motivi di lavoro. අත්‍යවශ්‍ය දේ මිලදී ගැනීමට per i motivi di natura famigliare. බෙහෙත් ගැනිමට per i motivi di salute. ඉගනීම් කටයුතු per i motivi di scolastici. 1

 

17. මේ කොලය පුරවපු වෙලාව, දිනය සහ අත්සන

 

 

මෙහි පරිවත්නය සදහා අප හට දායකත්වය ලබා දුන්නේ නාපොලියේ වෙසෙන නිශාන් මදුසංක මහතායි.ඔහුට අපගේ ස්තූතිය මේ මොහොතේ පුදකරන්වා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *