|

ඉතාලි වීසා 2023 [ඉතාලි ස්පොන්සර් වීසා]

හැමෝම වගේ බලාගෙන සිටි ඉතාලි වීසා නීතිය සම්බන්ද ගැසට් පත්‍රය ජනවාරි 26 වන දින ජනතාව සදහා ප්‍රසිද්ද කරන ලදී. මෙම කෝටාව මගින් රැකියා අවස්​ථා හා බලපත්‍ර පරිවර්තනය සදහා 82,705 ක අවස්තාවක් හිමිවනවා. මේ සියලුම විස්තර මුල සිට අවසන් වනතුරු හොදින් කියවන්න.

සෘතුමය නොවන රැකියා.(ස්පොන්සර් වී​සා)

සෘතුමය නොවන රැකියා ඛාන්ඩය යටතේ රැකියා අවස්ථාවන් 24,105 ක ප්‍රමානයක් ලබාදීමට තීරනය කර තිබෙනවා. මේ සදහා ශ්‍රී ලංකාව ඇතුලු තවත් රටවල් 31 ක් ඇතුලත්වේ. මෙම රැකියා ඛාන්ඩයක් සදහා ඉතාලියට ඇතුවෙන ඔබ සදහා ඉතාලිය තුර දිගු කාලීනව රැදී සිටීමට හැකියාව තිබෙනවා.ඔබ මේ සදහා කල යුත්තේ අදාල බලපත්‍රය අවසන් වීමට පෙර දැනට රැකියාව කරන ආයතනයේ හෝ වෙනත් ආයතනයක රැකියා ගිවිසුමක් සොයාගැනීම පමනයි.(වෙනත් ඩොකුයුමන්ට් තිබෙනවා)

මෙම ගිවිසුමට අදාල අනෙක් රාජ්‍යයන් නම්- Albania, Algeria, Bangladesh, Bosnia – Herzegovina, Corea (Repubblica di Corea), Costa d’Avorio, Egitto, El Salvador, Etiopia, Filippine, Gambia, Georgia, Ghana, Giappone, Guatemala, India, Kosovo, Mali, Marocco, Mauritius, Moldova, Montenegro, Niger, Nigeria, Pakistan, Perù, Repubblica di Macedonia del Nord, Senegal, Serbia, Sri Lanka, Sudan, Tunisia, Ucraina වේ.

මෙම ස්පොන්සර් නීතියට අයදුම් කල හැකි ඛාන්ඩය​න්.

  • බර වාහන රියදුරන් (ප්‍රවාහන ක්​ශෙත්‍රය)
  • ගොඩනැගිලි ඉදිකිරී​ම්
  • සංචාරක හෝටල්
  • Mechanic
  • විදුලි සංදේශ සම්බන්ද රැකි​යා
  • ආහාර නිශ්පාදන ආයතනය්
  • නැව් තැනීම හෝ අලුත් වැඩියා කිරීම් සම්බන්ද රැකි​යා.

බලපත්‍ර පරිවර්තනය කරගැනීමට අවස්​ථා 6600

01. තාවකාලික රැකියාවකට ඉතාලියට පැම්න සිටින එම බලපතෙහි කාලය අවසන් වී නොමැති අය සද​හා අවස්ථා 4400.

ඉතාලියට නිත්‍යානූකූල ක්‍රමයකට තාවකාලීක රැකියාවකට පැමින සිටින මෙම නීතියට අයදුම් කරන දින වන විට එම කෙටිකාලීන බලපත්‍රයේ කාලය ඉක්මවා නැති පුද්ගලයින් 4400 කට තම කෙටි කාලීන බලපත්‍රය ස්ථීර බලපත්‍රයක් බවට පත්කර ගැනීමට හැකියාවක් ලබා දී තිබෙනවා.

02. Student visa පරිවර්තනය කරගැනීමට 2000

මේ වන විට ඉතාලි​යේ අද්‍යාපන වී​සා සදහා පැමින සිටින තවමත් එහි කාලය ඉක්මවානැති සිසුන් සදහා තම බලපත්‍රය ඉතාලියේ රැදී සිටීමේ බලපතක් බවට පත්කරගැනීම අවස්තා 2000 ක් ලබා දීමට සූදාන කර තිබෙනවා.

03. යුරෝපා රටකින් ඉතාලියට පැමින සිටින අයට අවස්තා 200

යුරෝපා රටක දිගුකාලීන බලපත්‍රයක් සහිතව සිටින පුද්ගලයින් 200 දෙනෙකුට ඉතාලියේ දුගුකාලීනව රැදී සිටීමේ බලපතක් ලබාගැනීමට ඉල්ලුම් කිරීමට හැකියාව තිබෙනවා. මෙම අවස්තාව ගැන බොහොමයක් පුද්ගලයින් වැරදි අර්තකතනයක් පහුගිය දවස්වල ලබාදී තිබුනා. විශේශයෙන් රුමේනියාවේ ජීවත් වන ලාංකීකයින් සම්බන්දව. අප දැනුවත්ව රුමේනියාවට රැකියා සදහා යන පුද්ගලයින්ට එම රටේ දිගුකාලීන බලපතක් ගන්න අවුරුදු 5කට වඩා කාලයක් රැකියා කර තිබෙන්න ඕනා.එවැනි කෙනෙක් ඉන්නවා නම් මේකට අයදුම් කරන්න පුලුවන්.

ස්වයං රැකියා සදහා අවස්තා 500.

ඉතාලිය තුල ස්වයං රැකියාවක් කිරීමට හෝ මුදල් ආයෝජනයක් කරන පුද්ගලයින් 500 ක් දෙනෙක්ට ඉතාලියේ රැදී සිටීමේ අවස්තාවන් 500 ක් නිකුත් කිරීමට සූදානම් වනවා. ආ

පහත සඳහන් කාණ්ඩ යටතේ මෙය වර්ග කර ඇත.

  • යම් කීර්තියක් ඇති කලාකරුවන්.
  • අවම වශයෙන් යුරෝ 500,000 ක ප්‍රාග්ධනයක් ආයෝජනය කිරීමට කැමති ව්‍යවසායකයින්
  • ආයතනික කාර්යාලවල අධ්‍යක්ෂවරුන් සහ එවැනි නිලතල දරන්න​න්
  • රාජ්‍ය පරිපාලනය ආයතන රැකියා කර ඇති හෝ අදාල රටේ ප්‍රසිද්ද පරිපාලන නිළධා​රී​න්
  • නව්‍ය ආරම්භක ව්‍යාපාර ගොඩනැගීමට අදහස් කරන පුරවැසියන්.

වතු වීසා නොහොත් සෘතු වීසා 44,000

බොහෝ දෙනෙක්ට වතු වැඩ සදහා විසා ලැබීම නිසා ලාංකීකයින් අතර මෙය වතු වීසා නමින් ප්‍රසිද්ද වුනා. මෙම වීසා එක් කාර්තුවකට නොහොත් සෘතුවකට පමනක් ලැබෙන වීසා එකකී. මෙම සෘතු විසා ඛාන්ඩ කිහිපයක් යටතේ ඉල්ලුම් කල හැකිවේ. මේ අතරින් ප්‍රසිද්දම ඛාන්ඩ දෙක වන්නේ,

  • එක් කාලයකට පමනක් විවෘත වන සංචාරක හෝටල් හා බා​ර් සදහා ලැබෙන වී​​සා
  • වතු වැඩ සදහා ලැබෙන වීසා
  • මෙම වීසා වර්ග ලැබෙනුයේ මාස 6-9 ක් වගේ කෙටි කාලයකටය.මේ සදහා රැකියා අවස්ථාවන් 44.000 ක් ලබාදීමට සූදානම් වනවා.

මෙම සියලුම වී​සා සදහා අයදුම් කරන්නේ කෙසේද? අයදුම් කල හැක්කේ කාහටද?

ලංකාවේ සිටින ඔබ සදහා වෙබ් අඩවියෙන් මේ සදහා අයදුම් කිරීමේ කිසිම හැකියාවක් නෑ.මක්නිසාදයත් මෙම වෙබ් අඩවියට ඇතුල්වීමට SPID එක අවශ්‍ය වනවා. ඒ ගැන විස්තර නොදන්න අය මෙය ක්ලික් කරලා විස්තර බලන්න. 

මේ විස්තර අනුව ඉතාලියේ යම් සේවායෝජකයෙක් නම් කර තිබෙන රටවල් 31න් පුද්ගලයෙකු රැකියාව සදහා ගෙන්වීමට අදහස් කරන්නේ නම් සේවායෝජකයා තමන් ජීවත් වන ප්‍රදේශයට අදාල il Centro per l’impiego නමින් තිබෙන ආයතනයට අයදුම් පතක් යොමුකල යුතු වනවා. (මෙම ආයතනය රැකියාවක් නොමැතිව ජීවත් වන පුද්ගලයින් ලියාපදිංචි කරගන්නා ආයතනයක් ලෙස නම් කරන්න පුලුවන්)

එම අයදුම්පත යොමු කිරීමෙන් පසුව අදාල ප්‍රදේශයෙන් එම රැකියා අවස්තාව​ට පුද්ගලයෙක් සොයාගන්න පුලුවන් වුනොත් විදේශයකින් පුද්ගලයෙක් ගෙන්වන්න බැරිවෙනවා. මේ වන විට බොහෝ පිරිසක් මේ ආයතනයේ ලියාපදිංචී වී තිබෙන නිසා මෙවර වෙනත් රටකින් කෙනෙක් ගෙන්වන එකනම් හීනයක්ම වෙන්න පුලුවන්.

il Centro per l’impiego ආයතනයට ඉදිරිපත් කල යුතු අයදුම්ප​ත.

 

එතකොට කොහොමද ලංකාවෙන් ස්පොන්සර් වීසා නීතියට කට්ටිය ගේන්නේ?

  • il Centro per l’impiego ආයතනයට ලිපිය යොමු කිරීමෙන් දවස් 15ක් ගිහිල්ලත් ඔවුන්ට ඉතාලියෙන් කෙනෙක්ව හොයලා දෙන්න බැරිවුනොත් පලවෙනි චාන්ස් එක ලැබෙන​වා.
  • il Centro per l’impiego කෙනෙක් රැකියාවට එවලා ඒ කෙනා හරියට වැඩකරන්නේ නැත්නම් හෝ ඒ එවන කෙනා සුදුසු නැත්නම් ඔහුව සේවයෙන් ඉවත් කරලා ලංකාවෙන් ගේන්න පුලුවන්. (මේක ලංකාවේ කෙනෙක්ව රස්සාවෙන් අයින් කරන් තරම් ලේසි නෑ)
  • il Centro per l’impiego ආයතනයෙන් එවන පුද්ගලයා රැකියාවට වාර්තා කරන්නේ නැත්නම් හෝ සම්මුඛ පරීක්ශනයකටවත් ආවේ නැත්නම් ඔන්න තව අවස්තාවක් හම්බෙනවා.

ඉතිං මේ පාර නම් ලේසි වෙන්නේ නෑ.මුදලට විදේශිකයින් ගෙන්වන එක ගැන ඉතාලියෙන් දන්න නිසාදෝ මේ විදියට නීතී වෙනස් කලේ කියලා හිතෙනවා.මේ තීරනේ නිසා ඉතාලියේ රැකියා විරහිතව ඉන්න අයට නම් හොද කලක් උදාවෙනවා. ඒ වගේම ඒ අයට රැකියා ලැබුනාම ඔවුන් වෙනුවෙන් ලබාදෙන මුදල් ගෙවීමද අවශය වන්නේ නෑ.

මෙම සියලුම නීතීන් හා විදිවිදාන සමග මාර්තු මාසේ 27 වන් දින මෙම අයදුම් පත්‍ර වෙබ් අඩවියට යැවීමේ අවස්තාව තිබෙනවා.මාර්ත් 27 වනදා වෙබ් අඩවිය ඕපන් වීමට පෙර ඩොකුයුමන්ට් සම්පූර්න කර ගැනීමට කාලය ඔවුන් ලබාදෙනවා.ඒ වෙද්දි il Centro per l’impiego එකේ ලිපියත් ඔබේ අතේ තිබිය යුතු වනවා.

මෙම වීසා එක ආරම්බවන්නේ Click Day එකක් විදියට නැත්නම් අයදුම් පත් අටහරින් සුදුම කෙනා තොරනවද කියල වැඩිවිස්තරයක් නෑ.ඒ ගැන දැනුවත් වුන විගස විස්තර ගෙන එන්නම්.

වීසා ලැබෙන්නෙ කොහොමද?

ඔබ මෙම වීසා සදහා අයදුම් කර සුදුසුකම් ලැබූවෙක් නම් ඔබ වෙනුවෙන් අයදුම් කල සේවායෝජකයාට හෝ තුන්වන පාර්ශවයේ පුද්ගලයාට Email පණිවිඩයක් මගින් දන්වනු ලැබේ. එම දැනුම්දීමෙන් දින 30ක් ඇතුලත ඉතාලියේ ප්‍රෆෙත්තූරා ආයතනයෙන් ලංකාවේ පිහිටි ඉතාලි තානපති කාර්යාලයට ඔවුන්ගේ පරිගනක වැඩසටහන් හරහා Nulla Osta (වීසා අවසරපත) එක යවනු ලැබේ. එමෙන්ම අයදුම් කරු තමන්ගේ ඩොකුයුමන්ට් වල පරිවර්තන,මෙඩිකල් හා වීසා ඇප්ලිකේශන් ෆොම් එක එම්බසියට හෝ එම්බසිය වෙනුවෙන් ඩොකුයුමන්ට් බාරගන්න තැරැව්කාර ආයතනයට බාරදීමෙන් පසුව දින 20ක් ඇතුඅලත ඔබට වීසා අනිවාර්යයෙන් නිකුත් කල යුතු බව දැනුම් දී තිබෙනවා.

ලංකාවේ නම් ඒක ඒ විදියටම වෙයිද කියන්න බෑ.

රැවටෙන්නෙ නැතිව මේ වැඩ කරන්නේ කොහොමද?

අප සිතන විදියට 2023 අවුරුද්දේ මේ නීතිය නි​සා ලංකාවේ වැඩිම පිරිසක් හොරුන්ට අහුවෙන්න ​හා මුදල් නැති කරගන්න වස​රක් වෙන්න පුලුවන්. මේකට එක හේතුවක් තමයි il Centro per l’impiego ආයතනය හරහා සේවකයින් තෝරගැනී​ම. ඒ වගේම ලංකාවේ තිබෙන ආර්තීක තත්වය මත ලංකාවේ ඉන්න හැම කෙනාම තමන්ගේ දේපලක් හෝ විකුනා තවත් රටකට යන්න බලන්නේ. වංචාවෙන් මේ වැඩ කරන පුද්ගයින්ට ඔවුන් නිකන්ම අහුවෙන්න පුලුවන්.

වීසා හදාගන්න නම් අනිවාර්යයෙන් ඔහු ඉහත නම් කරපු රැකියා ආයතනය හිමිකරුවෙක් වෙන්න ඕනා.ඔහු ඒ ආයතනයට අදාලව රජයට බදු ගෙවන පුද්ගලයෙක් වෙන්න ඕනා. ඒ නිසා ඉතාලියේ ජීවත්වෙන ඔබේ  මාමට, බාප්පට හෝ ඉතලි පුරවැසිභාව​ය තිබුනා කියලා ඔවුන්ට වීසා හදන්න බෑ.

2020 හා 2022 වසරේ මේ විදියට වීසා හදන්නම් කියලා කෝටි ගනන් වංචා කල මිනිස්සු යහතින් තවමත් සිටිනවා. ඒ අය මේ පාරත් මිනිස්සු රවට්ටාවි. ඒ නිසා තියෙන දෙයක් විකුනලා සල්ලි දෙන්න කලින් සිය පාරක් හිතන්න.

ෆේස්බුක් එකෙන් මැසේක් කරන,Whatsapp එකෙන් මැසේජ් කරන නොදන්න අයට සල්ලි දෙන්න එපා. වැඩි විශ්වාසෙට කියලා ලෝයස්ලා ලග අත්සන් කරලා සල්ලි දෙන්න යන්නත් එපා.සල්ලි ගන්න ගියාම ඕවා නිකන්ම නිකන් කොලයක් විතරයි.

එසේනම් සියලු දෙනාට ඉතාලි සිහින සැබෑවක්ම වේවා!

 

 

 

 

 

Similar Posts