|

ඉතාලි වතු වීසා හා ස්පොන්සර් වීසා නුල්ලා ඔස්තා නිකුත් වේ.

මේ වසරේ ජනවාරි 27 වන දින ආරම්​භ කරන ලද ස්පොන්සර් වීසා හා පෙබරවාරි 01 වනදා සිට ආරම්භ කරන ලද වතු වීසා නොහොත් සෘතු වීසා සදහා නුල්ලා ඔස්තා නිකුත් කිරීම මේ වන ඉතාලියේ ෆ්‍රෙපෙත්තූරා ආයතන මගින් ආරම්භ කර තිබෙනවා.

ස්පොන්සර් වීසා සදහා බලාපොරොත්තු තබාගත හැක්කේ කාහටද?

2020 වසරේ අප සමූහයට ලැබුන තොරතුරු අනුව ස්පොන්සර් වීසා ලබාදීම පටන්ග​ත් Click Day එක තුල පලමු තප්පර 30-40 අතර අයදුම් කල අය සුදුසුකම් ලැබූ බව දැකගන්නට ලැබුනා. මේ වසරෙත් ඒ ආකරයටම සිදුවේවි යැයි උපකල්පනය කල හැක.

වතු වීසා හෙවත් සෘතු වීසා ලැබෙනුයේ කාහටද?

මෙය ස්පොන්සර් වීසා මෙන් නොව ඔබ වෙනුවෙන් අයදුම් කරන සේවායෝජකයාගේ සුදුසුකම් මත තීරනය ​වේ. ඔහු රජයට නියමාකරව බදුගෙවූ හා තම ආයතනයේ සේවකයින්ට නියමාකාරව සේවක අර්ථසාධක ගෙවූ පුද්ගලයෙකු නම් ඔබට නුල්ලොස්තා එක ලැබීමේ වැඩි ප්‍රවනතාවයක් තිබෙනවා.

මෙය 2020 වසර සමග සැසදීමේදී මෙවල ලාංකීකයින් වැඩි පිරිසකට අවස්ථාව ලැබේවි යැයි සිතිය හැක.මෙහිදි කිවයුතු වැදගත් දෙයක් තිබේ. ඉතාලියෙන් වතු වීසා නුල්ලා ඔස්තා එක ලැබුනට ලංකාවේ පිහිටි ඉතාලි එම්බසියෙන් ඔබට වීසා දීම ප්‍රක්ශේප කල හැකිවේ.එය එසේ නොවන අවස්තාද තිබේ. එයට හේතුව ලෙස ඔවුන් දන්වන්නේ වතු වීසා ලැබෙන්නේ මාස කිහිපයකට නිසත් වීසා කාලය අවසානයේ නැවත ලංකාවට නොයේවි යන පදනමයි. එම නිසා ඔබ මුදලට යම් පුද්ගලයෙකු හරහා වතු වීසා සදහා අයදුම් කලේ නම් මුදල් ලබා දීමට ප්‍රථම සැලකිලිමත් වන්න.

නුල්ලා ඔස්තා එක අතට ලැබෙනවද?
prefettura ආයතනය system එක වෙනස්වු පසුව මිට පෙර ලබාදුන් nulla osta එකට වඩා වෙනස්කම් රැසක් තියෙනවා. මේ වන විට බොහෝමයක් prefettura ආයතනය​න් ලංකාවේ ඉතාලි එම්බසියට online මාර්ගෙන් නුල්ලා ඔස්​තා ලබාදෙනවා. අයදුම් කල පුද්ගලයාට ඉදිරියේදී ලැබෙනුයේ රිසිට් පතක් පමනී. මේ නිසා බොහෝ විට වංචා අක්‍රමිකතා අඩුවේවි යැයි සිතන්නට පුලුවන්.

මුදල් මත සේවායෝජකයෙක් සොයාගත් පුද්ගලයෙක් නම් මුදල් දීමට පෙර දහස් වතාවක් සිතා බලන්න. ලෝකේ දැන් ගොඩාක් දියුනුයි. හොර නුල්ලා ඔස්තා එකක් හදන්න මහලොකු අමාරුවක් නෑ. ගිය වරත් වෙරෝනා හා මෝදනා ප්‍රදේශයෙන් අයදුම් කර එම්බසියට බාරදුන් නුල්ලා ඔස්තා වලින් 95% ක්ම ව්‍යාජ නුල්ලා ඔස්තා බව එම්බසියෙන්ම කියලා තිබුනා. එම නිසා මේ දේවල් ගැනත් සැලකිලිමත් වන්න.

එසේනම් සියලු දෙනාට ඉතාලියට එන්න වාසනාව උදාවේවා!

Similar Posts