ඉතාලියට ඇතුල් වීමට ඉතාලි වීසා 69,700

ඉතාලියට ඇතුල්වීමට වීසා නිකුත් කිරීමට ඉතාලි රජයෙන් සුදානමක් තිබෙන බව දෙසැම්බර් මුල් සතියේ ඔබව මතක් කල බව මේ වන විටත් ඔබ දැනුවත් වී ඇති බව අප විශ්වාස කරනවා. ඒ අනුව 2021 දෙසැම්බර් මස 21 වන දින අගමැ​ති මාරියෝ ද්රා​ගී මහතා Decreto Flussi 2021 අනුමත කර අත්සන් කර තිබෙනවා. ඔබගේ පහසුව තකා ලාංකීකයින් බොහෝ දෙනෙක් මෙම වෙබ අඩවිය නරබන නිසත් ඔබට පහසු ආකාරයට මෙය සරලව ඉදිරිපත් කරන්නම්.මේ අනුව එම විසා 69700 ප්‍රදාන කොට​ස් කීපයක​ට බෙදා වෙන් කර තිබෙනවා. ලංකාවට අවශ්‍ය වන කොටස් පමනක් ඔබට ඉදිරිපත් කරන්න​ම්.

  • තාවකාලික සෘතු වීසා
  • ස්පොන්සර් වීසා.
  • ස්වයං රැකියා.

තාවකාලික සෘතු වීසා

බොහෝ අය මෙය හදුන්වන්නේ වතු වීසා කියලා. ඊට ප්‍රදාන හේතුව නම් කෘශි කාර්මීක අංශයේ රැකියා (පළතු​රු කැඩීම, වතු වැඩ) මීට ඇතුලත් වීමයි. ඒ කෙසේ නමුත් මෙම සෘතු වීසා යටතට. කෘ​ශි කාර්මීක අංශයේ රැකියා, එක් කාලයකට පමනක් විවෘත වන හොටෙල්/බාර්/රෙස්ටුරන්ට් වල රැකියා​ත් මේ සදහා අයත් වනවා. මෙහිදි කිව යුතු දේ නම් මෙම වීසාවන් ලැබෙනුයේ කෙටි කාලීනවයි. බොහෝ විට උපරිම මාස 9 ක් පමනී. රැකියාවකට ඉතාලියට පැමිනීමෙන් පසුව රැකියා ගිවිසුම් කාලයෙන් පසුව තම රැකියා ගිවිසුම අලුත් කිරීමේ අවස්තාව අහිමි වනවා.(එහෙම කරන්න නම් ඒකට වෙනම නීතියක් එන්න ඕනා) එනම් තම රැකියා ගිවිසුම් කාලය අවසන් වූ පසුව තම මව්බිමට යායුතුයි.

ස්පොන්සර් වීසා.

මේ යටතේ පහත අංශ යටතේ ඉල්ලුම් කිරීමට හැකියාවක් ලැබෙනු ඇතැයි පැවසෙනවා.

  • භාන්ඩ ප්‍රවාහනය සම්බන්ද රැකියාවන්(බර වාහන)
  • ඉදිකිරීම් අංශයේ රැකි​යා
  • හෝටල් හා සංචාරක කර්මාන්තය ආශිත රැකියා.

මෙම වීසා සදහා අයදුම් කරන පුද්ගලයින්ට අදාල රැකියා ගිවිසුම් කාලය අවසන් වූ පසුව නිත්‍යානූකූලව තම රැකියා ගිවිසුම් අලුත් කරගෙ​න දිර්ගකාලීනව ඉතාලියේ රැදීසිටීමට අවස්තාව හිමිවනවා.

ස්වයං රැකියා.

ඉතාලියට පැමින තමන්ගේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කැමැත්තෙන් පසුවන පුද්ගලයින්​ට මෙවර අවස්තාව උදාකර දී තිබෙනවා.මේ සදහා ඉතාලියේ අයෝජනයට අදාල මුදල හෝ අවශ්‍ය සුදුසුකම් ගැන මේ වන විට තොරතුරු ලැබී නැති නිසා මෙම තොරතුරු ඔබට පසුව ඉදිරිපත් කරන්නම්.අපි බලමු ඉහත විස්තරකල ක්ශේත්‍ර සද​හා රැකියා කෝටාව කොපමනද යන්න හා එහි විස්තරයන්.

ස්පොන්ස​ර් වීසා 17,000

මෙවර ස්පොන්සර් වීසා ඛාන්ඩය සදහා රැකියා අවස්තා 17000 ක් වෙන් කර තිබෙන්වා. මේ සදහා අයදුම් කලහැකි රටවල් යටතට ශ්‍රී ලංකාවද ඇතුලත් වී තිබෙන බව සතුටින් ඔබට දන්වා සිටිනවා. ස්පොන්සර් වීසා යටත් ලබාදී තිබෙන ඛාන්ඩ අනුව ඉල්ලුම් කල හැකි ආකාරය.

ප්‍රවාහන ක්ශේත්‍රය

මේ සදහා අයදුම් කිරීමට නම් ලංකාවේ සිටින ඔබට CE ඛාන්ඩය සහිත රියදුරු බලපත්‍රයක් තිබිය යුතු වෙනවා. බහුතරයක් දෙනා මේකට කියන්නේ කන්ටේනර් එලවන්න පුලුවන් බලපත්‍රය කියලයි. මේ සදහා ඔබ ​අයදුම් කරනවා නම් ඉතාලිය තුල ප්‍රවහන ක්ශෙත්‍රයේ යටතේ ලියාපදිංචි වී තිබෙන ආයතනයක් මගින් අයදුම් කල යුතු වනවා.

අයදුම් කිරීමට අවශ්‍ය වන සුදුසුක​ම්

  • වයස අවුරුදු 18 ට වැඩි විය යුතුයි.
  • වලංගු ගුවන් ගමන් බලපත්‍රයක් හිමිවිය යුතුයි.
  • CE සහිත රියදුරු බලපත්‍රයක් තිබිය යුතුයි.

ගොඩනැගිලි ඉදිකිරී​ම් ක්ශේත්‍රය

නිවාස හා ගොඩනැගිලි ඉදිකීරීම් ක්ශේත්‍ර සදහා ඉතාලිය තුල පවත්වාගෙන යන ආයතන වලට විදේශිකයන් ගෙන්වා ගැනීමේ හැකියාවක් පවතිනවා.මේ යටතේ

  • මේසන් වැ​ඩ
  • වඩු වැඩ
  • ජල නල කාර්මීකයෝ
  • පේන්ට් බාස්ලා හට
  • විදුලි කාර්මීකයන් ට අයදුම් කිරිමේ හැකියාවක් පවතිනවා.

අයදුම් කිරීමට අවශ්‍ය වන සුදුසුක​ම්

  • වයස අවුරුදු 18 ට වැඩි විය යුතුයි.
  • වලංගු ගුවන් ගමන් බලපත්‍රයක් හිමිවිය යුතුයි.

හෝටල් හා සංචාරක ව්‍යාපර ක්ශේත්‍රය

ඉතාලිය තුල පවත්වාගෙන යන හොටෙල් වල ඕනෑම රැකියාවකට විදේශ රටකින් පුද්ගලයින් ගෙන්වා ගැනීමට හැකියාවක් තිබෙනවා.මේ යටතේ

  • සූපවේදීන්
  • ක්ලීනින්
  • වේටර්
  • ගාර්ඩ්න් ක්ලීනින්

අයදුම් කිරීමට අවශ්‍ය වන සුදුසුක​ම්

  • වයස අවුරුදු 18 ට වැඩි විය යුතුයි.
  • වලංගු ගුවන් ගමන් බලපත්‍රයක් හිමිවිය යුතුයි.

තාවකාලික සෘතු වීසා 42,000

මෙම විසා සදහා අයදුම් කරන්නන් හට මාස 6 – 9 කට ඉතාලිය තුල රැදිසීටීමට වීසා නිකුත් කරනු ලබන​වා. මෙම සෘතුමය වි​සා ලබාගැනීමට හැකි ක්ශේ​ත්‍ර කීපයක​ට බෙදා දක්වන්න පුලුවන්.

  • වතු ආශිත රැකි​යා
  • වසරේ මාස කීපයකට පමනක් විවෘත වන හොට​ල්
  • වසරේ මාස කීපයකට පමනක් විවෘත වන රෙස්ටුර​න්ට්

තවත් රැකි​යා 3000

මෙම රැකියා අවස්තා 3000 වෙන් කර තිබෙන්නේ මේ වන විට ඉතාලිය සමග ගිවිසුම් ගතවී නැති 2022 වසරේ ගිවිසුම් ගතවීමට සූදානමින් සිටින රටවල් සදහයි.

වතු වීසා සදහා පැමින සිටි​න අයගේ බලපත්‍රය පරිවර්තනය කර ගැනීමට අවස්තා 4400

මීට පෙර වසරවල ඉතාලියට සෘතු වීසා (කෙටි කාලින/වතු වීසා) සදහා පැමින මේ වන විට ඉතාලිය තුල ජීවත්ව​න  පුද්ගලයින් 4400 ක් සදහා වලංගු බලපතක් ලබාගැනීමට මෙම අවස්තාව ලබාදී තිබෙනවා. මෙම අවස්තාව තවත් වීසා කාලය ඉතුරුව තිබෙන අයද නැත්නම් වීසා කාලය අවසන් වූඅ අයද යන්න පසුව දැනුවත් කරන්නම්.

අද්‍යාපන කටයුතු සදහා පැමින සිටින අය සදහා තම බලපත්‍රය පරිවර්තනය කරගැනීමට අවස්තා 2000

මෙම ක්‍රමය මගින් ඉතාලිය තුල අද්‍යාපන කටයුතු සදහා පැමින සිටින සිසු සිසුවියන්ට තම රැදි සිටීමේ බලපත මාරු කර ගැනීමට අවස්තා 2000 ක් ලබාදීමට සූදානම් වනවා.

ස්වයං රැකියා සදහා අවස්තා 900 ක් පම​න,

ලංකාවේ අය සදහා වැදගත්ම හා කවුරුත් බලාගෙන සිටිය අවස්තාවක් නිසා මේ අවස්තාවෙන් හැමෝම ප්‍රයෝජන ගන්න බලන්න.  තවමත් මෙය ආරම්බ කරන දිනය ප්‍රකාශකොට නොමැති නි​සා ඔබට මේ ​ක්ශේත්‍ර සදහා සේවායෝජකයන් සොයාගැනීමට මේ වන විට කාලය තිබෙනවා. ඔබ ස්පොනසර් වීසා සදහා අයදම් කරනන සිටින කෙනක් නම් ඒ සදහා මෙවරත් CLICK DAY එකක් පවැත්වේවී.එවිට මුලිනම අයදුම් කරන පිලිවල අනුව වීසා ලබදීම සිදුවනවා.

ගිය වසරේ මෙය ආරම්භකල දිනයේ විනාඩි 2 ක් ඇතුලත වගේ සියලුම රැකියා අවස්තා අවසන් වී තිබෙනවා.එම නිසා මේ සදහා අයදුම් කරන්වා නම් දවස් ගනන් පසුවි, මාස ගනනකට පසුව අයදුම් කිරීම කිසි ප්‍රතිපලයක් නොලැබෙන වැඩක්. හැම විටම විශ්වාසවන්ත සේවායෝජකයෙක් තෝරාගන්න.

මේ සම්බන්දව වැඩි තොරතුරු ලැබුන විගසම හා අයදුම් කල දිනයන් දැන්වූ විගසම ඔබව දැනුවත් කරන්නම්.අපත් සමග රැදී සිටින්න.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *