ඩෙල්ටා ප්‍රභේදයට වඩා 500% ගුණයකින් පැතීරිම වැඩි omicron ප්‍රභේදය දැන් ඉතාලියේ?

රෝගියා මොසැම්බික් සිට ඉතාලියට පැමිණ ඇත.

ඉතාලිය සෙනසුරාදා සිය පළමු Omicron covid-19 ප්‍රභේදය රටට ඇතුල්වී ඇති බව තහවුරු කළේය. මෑතකදී දකුණු අප්‍රිකාවේ අනාවරණය වූ වෛරසයේ දැඩි විකෘති වික්‍රියාවන් පෙන්නුම් කරයි.මෙය මීට කලින් අවදානම වැඩිවූ Delta ප්‍රබේදයට වඩා 500 ගුනයක් බයානකත්වයෙන් වැඩි බව පවසයි. මෙම ප්‍රබේදය ඉතාලිය​ට පැමින තිබෙන්නේ මොසැම්බික් රාජ්‍ය​යේ සිට ආපසු ඉතාලියට පැමිනි ඉතාලි ජාතිකයෙකුගෙනුයි.

කෝවිඩ් සදහා ලබාදෙන එන්නත් දෙකම ලබාසිටි ඔහු ඉතාලියට ගොඩබැස තිබෙන්නේ මිලාන් වලටයි.ඔහුගේ පදිංචිය කම්පානියා කලාපයේ කසෙර්තා නගරයෙයි.ඉතාලි බහුජාතික තෙල් හා ගෑස් සමාගමක් වන ENI හි කළමනාකරුවෙකු වන 55 හැවිරිදි පුද්ගලයා මිලාන් වෙත පැමිණීමෙන් පසු කොවිඩ් පරීක්ශනයෙන් පසුව පොසිටිව් බව ඔප්පුවී තිබෙනවා. ඔහුගේ පවුලේ සාමාජිකයන් පස්දෙනා මෙන්ම ඔවුන්ගේ සම්බන්ධතා වැලැක්වීම සදහා ඔහු​ව හුදකලාකො​ට තබා ඇති බව ඉතාලි පුවත් මේවනවි​ට වාර්තා කරයි.
B.1.1.529 ලෙසද හැඳින්වෙන නව ප්‍රභේදය පිළිබඳ අනතුරු ඇඟවීමෙන් පසුව සහ දකුණු අප්‍රිකාවේ සිට පැමිණීම සඳහා ඉතාලියේ නව සංචාරක සීමාවන් පිළිබඳව ගැඹුරු අධ්‍යයනයන් සිදු කරන ලදී.ඒ අනුව

  • දකුණු අප්‍රිකාව
  • ලෙසෝතෝ
  • බොට්ස්වානා
  • සිම්බාබ්වේ
  • මොසැම්බික්
  • නැ​ම්බියාව

යන රටවල් වලින් පැමිනෙන පුද්ගලයින්ට ඉතාලියට ඇතුල්වීම වලක්වා තිබේ.මේ වන විට ලංකාවටද මෙම රටවල් වලින් පැමිනෙන අයට ගුවන් තහනම පනවා තිබෙනවා.

 මිලානෝ නගරයට නැවතත් මුව ආවරන අනිවාර්ය කර​යි.

2021 නොවැම්බර් මස 27 වන සෙනසුරාදා සිට සෙනග ගැවසෙන එලිමහන් සාප්පු සංකීර්න වල ඇවිදීමේදී මුව ආවරන අනිවාර්ය කර තිබේ.උත්සව සමයත් සමග ඇතිවන තදබය නිසා මෙම තීරනය ගත් බව නගරාදිපති බේප්පේ සාලා මහතා පවසා තිබෙන්වා.
ඒ අනුව පහත සදහන් ප්‍රදේශ වල(පාරවල් වල) ඇවිදීමේදි මුව ආවරන රහිතව ගමන් කිරීම තහනම් වේ.

  • piazza Castello
  • largo Cairoli
  • Dante
  • piazza Cordusio
  • Orefici
  • Mercanti
  • piazza Mercanti
  • piazza del Duomo
  • Galleria Vittorio Emanuele
  • corso Vittorio Sanpiazza Emanu.
  • එලිමහන් නත්තල් කඩසාප්පු පවතින ප්‍රදේශ වල.

මෙම නීති කඩ කාරන පුද්ගලයින් හට යූරෝ 400 සිට යූරෝ 3000 ක් දක්වා දඩ මුදලක් පැනවිය හැකි බවද සදහන් කරන්වා.

නොවැම්බර් මස 28 වන දින වන විට ඉතාලියේ කෝවිඩ් බලපෑම පලාත් අනු​ව



එක් එක දිනයන්හී කෝවිඩ් බලපෑ​ම

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *