ඉතාලියේ අපි job bank මෙහෙවර ව්‍යාපෘතිය

ඔවුනට උදව් කළ යුත්තේ ඇයි ?

කාලයක් තිස්සේ ගොවිතැන් උදෙසා යොදන ලබන රසායනික පොහොර හා කෘමිනාශක ආදිය නිසා එම කඨින ජලයට කෘෂි රසායනිකයන්ගේ අඩංගු ආසනික්, කැඩ්මියම්, රසදිය ආදී මිනිස් සිරුරට අහිතකර විෂ සහිත ලෝහ ද්‍රව්‍යයන් එක්ව තිබෙන බව පරීක්ෂණ වලින් තහවුරු වී තිබේ.

වකුගඩු රෝගීන් 150000 ක් පමණ උතුරුමැද පළාතෙහි සිටිනවා. 20000 පමණ ප්‍රමාණයක් වාර්ෂිකව රෝගය නිසා මිය යනවා.

ඔබට දායක විය හැක්කේ කෙසේද ?

අප දේශයේම එක් කෙළවරක වාසය කරනා බීමට පිරිසිදු පැන් පොදක් නොමැති අහිංසක ජනතාවට පිළිසරණක් වන්නට අප විසින් “මෙහෙවර ව්‍යාපෘතිය” අරඹන ලදී. ඒ ඔස්සේ දූෂිත ජලය පරිහරණයෙන් වකුගඩු රෝගය වැළදෙන පළාත් වල ජල පිරිපහදු කිරීමේ මධ්‍යස්ථාන ස්ථාපිත කරනු ලැබේ. විශේෂයෙන්ම මෙහිදී ආසනික් කැඩ්මියම් වැනි බැරලෝහ වර්ග පවා ඉහළ ප්‍රමාණයන්ගෙන් ජලයට මිශ්‍ර වී ඇති නිසා ඒවා ඉවත් කරනු පිණස රිවර්ස් ඔස්මොසිස් (RO) නම් තාක්ෂණය භාවිතා කිරීමට සිදුවේ.

ජලය පිරිපහදු කිරීමේ මධ්‍යස්ථානය ඉදිකිරිම සදහා අවශ්‍යා භාන්ඩ , සේවා හෝ මුදල් පරිත්‍යාගයන් මගින් මේ සදහා දායකත්වය ලබා දිය හැක.

As we all know, unfortunately there is an emerging kidney disease called Chronic Kidney Disease of Unknown Etiology (CKDu) in several provinces in Sri Lanka, especially including the North Central Province, making the lives of poor people in those areas at risk of facing death. In those areas, CKDu has thus become a major public health problem causing devastating socio-economic and health impacts.So many researches have been done to find out the root cause for this disease condition. Among those attempts, most researchers suggest that the cause for CKDu is drinking of polluted water from water sources in those areas with a comparatively high hardness.[2],[3] So, the main culprit for CKDu is polluted drinking water in those areas.

ශ්‍රිලංකාවේ වකුගඩු රෝගය සම්බන්ධයෙන් කෙටි පැහැදිලි කිරීමක්

       කෘෂි රසායනික භාවිතය නිසා අධිසාන්ද්‍රණයෙන් එක්ව ඇති බැර ලෝහ සහිත අපිරිසදු ජලය පානය හේතු කොටගෙන ලංකාවේ උතුරු මැද පළාව ප්‍රමුඛ පළාත් කිහිපයක සීඝ්‍රයෙන් පැතිර යන වකුගඩු රෝගය හඳුන්වනු ලබන්නේ, “නිදන්ගත වකුගඩු රෝගය ( Chronic Kidney disease – CKD )“ ලෙස ය. මෙය පසුගිය වසර 8-10 පමණ කායලක් තුළ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇති රෝගයකි. මෙම රෝගයට නිශ්චිත හේතුවක් මෑතක් වනතුරු ම හඳුනාගෙන නොතිබුණු හෙයින් එය හඳුනානොගත් වකුගඩු රෝගය ලෙස හදුන්වන්නට යෙදුනි. මෙම වකුගඩු රෝගය අනෙකුත් වකුගඩු රෝගයන්ට වඩා වෙනස් වනුයේ, දීර්ඝ කාලයක් රෝග ලක්ෂණ පෙන්නුම් නොකර රෝගියා තුළ සැඟව පවතිමින් ක්‍රමයෙන් වැඩි දියුණු වී මාරාන්තික තත්වයට පත්වන නිසා ය. විශේෂයෙන් ම මෙම රෝගය තරුණ වයසේ පසුවන අයගේ සිට කෘෂි ක්ෂේත්‍රයේ රැකියා කරන වයස අවුරුදු 40-60 දක්වා වයස් කාණ්ඩවල පසුවන අය දක්වා ම බහුළ වශයෙන් දැකිය හැකි ය. රෝගය පළමුවරට වාර්තා වූයේ 1992 වර්ෂයේ වන අතර මේ වන විට එය දහස් සංඛ්‍යාත පිරිසකගේ ජීවිත අනතුරෙහි හෙළා තිබේ.

නිදන්ගත වකුගඩු රෝගයේ දී වකුගඩුව එක්වරම අක්‍රීය තත්වයට නොවේ. වසර ගණනාවක් තිස්සේ ක්‍රමයෙන් ක්‍රියාවිරහිත වීම සිදු වේ. රෝගය මගින් වකුගඩු අක්‍රිය වීම මූලික පියවර 5ක් ඔස්සේ සිදු වන බව විශේෂයෙන් හඳුනාගෙන තිබේ. රෝගය පස්වන හෙවත් අවසාන පියවරට පත් වූ විට එය වකුගඩු අක්‍රිය වීම, අවසන් අදියරෙහි වකුගඩු රෝගය, ආදී වශයෙන් හඳුන්වනු ලැබේ. එම අවදියෙහි දී වකුගඩුවල ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන් ම හෝ සම්පූර්ණයෙන් ම අක්‍රියවීමට ආසන්න මට්ටමට හෝ පත්වේ! වකුගඩු රෝගය මෙසේ පස්වන අවදියට පත් වූ විට එම රෝගීන් ජීවත්කරවීම පිණිස නිරන්තරයෙන් රුධිර කාන්දුකරණය මගින් රුධිරය පිරිසිදු කිරීම හෝ වකුගඩුවක් බද්ධ කිරීම අනිවාර්යයෙන් කළ යුතු මට්ටමට පත්වේ! මෙම වකුගඩු රෝගය කාලක් තිස්සේ ක්‍රමයෙන් වැඩි දියුණු වන නිසා රෝගීන්ගෙන් බොහෝ පිරිසක්, අවසන් අදියරට පත්වන තෙක් ම රෝගයට ගොදුරුව ඇති බව හඳුනාගන්නේ නැත. Chronic Kidney disease

උතුරුමැද පළාතේ රෝග ව්‍යාප්තිය..

අනුරාධපුර දිස්ත්‍රික්කය උතුරින් වව්නියාව, මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්කවලට ද, දකුණින් කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්කවලට ද, බටහිරින් පුත්තල ම සහ මන්නාරම දිස්ත්‍රික්ක වලට ද නැගෙනහිරින් පොලොන්නරුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලට ද මායිම්ව පවතී. අනුරාධපුර දිස්ත්‍රික්කය ලංකාවේ විශාලතම පරිපාලන දිස්ත්‍රික්කය යි. එය රටෙහි මුලු වර්ගඵලයෙන් 10% පමණ ආවරණය කරන අතර වර්ග කි.මී. 7,179 ක වපසරියකින් යුක්ත ය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනගහණය දළ වශයෙන් 860,000 ක් පමණ වේ. ආසන හතකින් ද ග්‍රාමනිලධාරී කොට්ටාශ 649 කින් ද සමන්විත අනුරාධපුර දිස්ත්‍රික්කය බොහෝකොටම කෘෂිකර්මාන්තය මත රදා පවතින ප්‍රදේශයකි. මෙම ව්‍යාපෘතිය සදහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් ලක්ශ 13.5 කි.එහි පලමු අදියර නිමා කිරිමට ලක්ශ 3.5 අවශ්‍යා වේ.මෙම අදියරේදී මධ්‍යස්ථානය ඉදි කිරිම සිදුවේ. මෙ සදහා අවශ්‍යා බඩු ලැයිස්තුව පහලින් දැක්වේ.

දෙවන අදියරේදී

ජල පිරිපහදු යන්ත්‍රයට අවශ්‍යා බඩු භාන්ඩ සහ යන්ත්‍රය මිලදී ගැනීමට අවශ්‍යා මුදලින් කොටසක් සදහා අප සපුරා ගත යුතු මුදල ලක්ශ 5 කි.තුන්වන අදියරේදී ජල පිරිපහදු යන්ත්‍රය මිලදී ගැනිමට අවශ්‍යා ඉතිරි මුදල වන ලක්ශ 5 සපුරා ගත යුතුවේ.


ඔබගේ පරිත්‍යාගයන් පහත සදහන් බැංකු ගිණුමට යොමු කරන්න

karawe thanthrige jones fransis perera  73265650 Boc dummalasuriya

මේ සදහා,මිලානො නගරයෙන් 

  • Thilana Fernando
  • Serantha Sachithra Perera
  • Mahesh Arjuna
  • Mahinda Suraj Gayanas  ,

නාපෝලි නගරයෙන් 

  • Sydney Fernando
  • Prabath Lasantha ,

කතානියා නගරයෙන් 

  • Janith Mallawa 

රෝම් නගරයෙන්

  • Susantha Sri Ekanayaka

ෆිරෙන්සි නගරයෙන් 

  • Prageeth Perera 

වෙරෝනා නගරයෙන්

  • Malinga fernando. මහත්වරුන්ගෙන් වැඩි විස්තර ලබා ගත හැක.

Similar Posts