|

ඉතාලියේ අපි සමූහයෙන් ඉතාලියේ ජීවත් වන සියලුම ව්‍යාපාරිකයින්ට ව්‍යාපාරික ප්‍රචාරණයක්

“ඉතාලියේ අපි” යනු ඉතාලියේ ජීවත් වන වැඩිම පිරිසක් එකතුවී සිටින සමූහයන් කිහිපයක හා ෆේස්බුක් පේජ් වල එකතුවකි.ජනවාරි මාසයේදි ඉදිරිපත් කිරීමට නියමි​ත අපගේ මෙම Android හා IOS Mobile App එක ඉදිරි වසර කිහිපයේදී ඉතාලියේ ජිවත්වන සියලුම ලාංකීකයින්ගේ දුරකතනවල ස්ථාපිත කිරීම අපගේ අරමුණයි.

මෙම Mobile App එක මගින් ඉතාලියේ ජීවත් වන ඔබගේ ව්‍යාපාර ගැන ඉතාලියේ ජීවත් ලාංකීකයින් සදහා දැනුවත් කිරීමටත්, එමගින් හොද වෙළදපල අවස්තාවක් ලබාදීම අපගේ අරමුනයි.මෙමගින් වඩාත් පහසුවෙන් ඔබගේ ව්‍යාපාරය හෝ ඔබ හා සම්බන්ද වීමට ඉතාලිය තුල සිටින ශ්‍රී ලාංකිකයන්ට හැකිවේ .

ඔබ ව්‍යාපාරයේ /සේවාවේ / ස්වේච්ඡා සේවයේ තොරතුරැ ඇතුලත් කිරීමට පහත ෆෝරම්ය පුරවන්න. මෙම පෝරමය පිරවීමෙන් ඔබ ඇතුලත් කළ තොරතුරු Mobile App එකෙහි ප්‍රදර්ශනය කිරීමට එකඟ වෙමු.
මෙම අවස්ථාව සුලු පරිමාන හෝ මහාපරිමාන ලෙස වෙන් කිරීමක් නොමැති අතර, නිවසේ සිට කෑම විකුනන පුද්ගලයාගේ සිට මහාපරිමාන ව්‍යාපාරයන් කරන පුද්ගලයින් දක්වා පරාසයටම දිවයයි.

මෙම Mobile App එක නිර්මානය කිරීමෙන් පසුව ඔබ කලින් ලබාදුන්නාවු ඊමේල් හා පාස්වර්ඩ් ලබාදීමෙන් ඔබ වෙනුවෙන් වෙන් කර තිබෙන ගිණුමට ඇතුල් වී මෙම විස්තර වෙනස් කිරීමට හො අලුතෙන් විස්තර ඇතුලත් කිරීමටද හැකිවේ.

රෙජිස්ටර් වීම සදහා මෙම ලින්ක් එක බාවිතා කරන්න.

http://registration.italiyeapi.com/User/UserLogin

මේ සදහා රෙජිස්ටර් වෙන ආකාරය මම පෙන්වන්නම්. හරිප පහසුයි විනාඩි කිහිපයක් ඇතුලත මෙය අවසන් කරන්න පුලුවන්.

ඔබේ පවුද්ගලික විස්තර ඇතුලත් කරන්න. ආයතන කිහිපයක් හෝ ශාඛාවන් කිහිපයක් කරන අය ඉන්නවා නම් එක එකවුන්ට් එකක් සෑදීම ප්‍රමානවත්වේ. ඔබ මෙහිදී ලබාදෙන ඊමේල් ලිපිනය හා පාස්වර්ඩ් එක මතක තබාගන්න.අප විසින් ඇප් එක නිර්මානය කිරීමෙන් පසුව ඇප් එක සදහා ඇතුල් වීමට මෙය අවශ්‍යයි.

ඔබ දැන් ඔබගේ ආයතනය පිලිබදව විස්තර ඇතුලත් කල යුතුයි.ව්‍යාපාරයේ ස්භාවය යන්නට ඔබ කරන ආයතනය හෝ සේවාව අදාල ඛාන්ඩය නිවැරදිව තෝරාගන්න.යම් හෙයකින් ඔබට ගැලපෙන ඛාන්ඩයක් නොමැති නම් අපව පවුද්ගලිකව දැනුවත් කරන්න. ඔබ වෙනුවන් එය ඇතුලත් කල හැකිවේ.

ලොකේශන් ලින්ක් කියලා අවස්ථාවක් තියෙනවා.මේක සමහර අයට ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. නිවසේ සිට සේවාවක් හෝ ස්වයං රැකියාවක් කරන කෙනෙක් නම් මෙය ඇතුලත් කිරීම අනිවාර්ය නෑ. නමුත් ශාඛාවක් හෝ ආයතනයක් පවත්වාගෙන යන කෙනෙක් ඉන්නවා නම් මෙය අනිවාර්යයෙන් ඇතුලත් කරන්න. පාරිබෝගිකයින් ඔබගේ ව්‍යාපාරයට ගෙන්වා ගැනීමට බොහෝ සෙයින් පිටුවහලක් වනවා.

මෙම ලින්ක් එක ලබාගැනීමට අවශ්‍ය නම් ගූගල් මැ​ප් වලට ගොස් ඔබගේ ව්‍යාපාරයේ නම හෝ ඔබගේ ව්‍යපාරි​ක ස්තානයේ එඩ්‍රස් එක ටයිප් කරන්න. එවිට පහත චායාරූපයේ ආකරයට Share කියලා එකක් පෙන්වනවා.එය ක්ලික් කරන්න.

එවිට මේ ආකාරයට දිස්වනවා.එය COPY LINK කරගන්​න

ඉන්පසුව ලොකේශන් ලින්ක් කියන එකට පේස්ට් කරන්න.හරිම පහසුයි.

ඊලගට මේ වසා තබන වේලාවන් දිනයන්.නිවසේ ස්වයං රැකියාවක් කරන කෙනෙක් නම් එයාට හැම වෙලේම ඕපන් කියන එක දාන්න පුලුවන්.කැමති නම් වසා තැබෙන දින දාන්නත් පුලුවන්.ඉතිං මෙයින් ඔබට අදාල විදියට වෙලාවන් හා දිනයන් තෝරාගන්න.

මේක තමයි ප්බේ බිස්නස් එකට බලපාන හොදම දේ. ඔබේ ව්‍යාපාරයේ ස්භාවය. ඔබ මොන වගේ සේවාවන්ද සපයන්නේ.ඔබ කැමති භාශාවකින් මේක ලියන්න පුලුවන්.මේක අනුව තමයි පාරිභෝගිකයා ඔබව තෝරාගැනීම සිදුවන්නේ.
එම නිසා ලොකු රචනාවක් වගේ විස්තර නොලියා. කරුනු වශයෙන් ඔබ සපයන සේවාවන් ලියන්න.
මම උදාහරනයක් විදියට ගත්තේ නිවසේ සිට කෑම විකුනන කෙනෙක් ගැනයි.ඒකට මම මේ වගේ දේවල් ලිව්වේ. හැමෝම මේක ලියන්න එපා.උදාහරනයක් විතරයි.

  • දිනපතා දිවා හා රාත්‍රී ආහාර
  • පරාට/ කොත්තු රොටි
  • රයිස් වර්ග හා ඩෙවල් වර්ග.
    ඉතාමත් අඩු මිලට ඔබේ නිවසටම ගෙනවිත් බාරදීම හෝ ඔබට පහසු ස්ථානයකින් ලබා ගත හැක.

ඔබගේ ව්‍ය්පාරයට අදාල ලෝගො එකක් හා ව්‍යාපාරය සම්බන්ද චායාරූප හෝ ඔබ විසින් සාදන ලද දැන්වීම් මෙහි ඇතුලත් කරන්න පුලුවන්. ඔබ ලබාදෙන චායාරූප වඩාත් ආකාර්ශනීයනම් පාරිබෝගිකයින්ගේ සිත දිනාගැනීමට හා වෙලද කටයුතු වැඩි වර්දනය කරගත හැක.

ඔක්කොම ටික සම්පූර්න කලාම SEND කරන්න පමනයි තිබෙන්නේ. දෙසැම්බර් අවසානය හෝ ජනවාරි පලමු සතිය වන විට මෙම ඇප් එක ඉතාලියේ අපේම සහෝදර සහෝදරියන් වෙනුවෙන් එළිදක්වනවා.මෙසේ එළිදක්වන විට ඔබගේ දැන්වීම සියල්ලම අපගේ ඇප් එකේ ප්‍රදර්ශනය සිදු කරනවා.

ස්තූතියි. මෙම ලිපිය බලන අය ඉන්නවා නම් කරුනාකර ඔබගේ මිතුරන් දැනුවත් කරන්න.ශෙයා කර ඔබගේ සහයෝගය ලබාදෙන්න.

Similar Posts