|

2021 අවුරුද්දටත් වතු වීසා ස්පොන්සර් වීසා නීතිය​ක්?

කලබල නොවන්න. මේ වන විට සමාජ මාදය වල පලවන පුවත් නිසා මෙම ලිපිය පලකරනුයේ.

අද දිනයේ සිට වතු වීසා හා ස්පොන්සර් වීසා මේ මාසය තුල ලබා දීමට කටයුතු කරන බවට පුවතක් සමාජ මාදය තුල පලවූවා. දැනට එවැනි ගැසට් එකක් පිටවී නැති නමුත් ඉදිරි දින කිහිපයේ එවැන්නක් නිකුත් වීමට ඉඩ ඇති බවට ආරන්චියක් ලැබෙමින් පවතිනවා. මෙය තවමත් 100% ක් විශ්වාසවන්තම ආරන්චියක් නොවන් නිසා අපිට බැනලා කමෙන්ට් කරන්නත් එපා. කාවවත් රැවැට්වී​මේ හෝ රීච් ලබා ගැනීමේ අරමුනෙන් පලකරන ලද්දක් නොවේ.

මෙ​ය බොහෝ විට වතු වීසා හෙවත් සෘතුමය වීසාවක් හා ස්පොන්සර් වීසාවක් බවට තමයි ආරන්චිය ලැබෙමින් පවතින්නේ. බොහෝ විට එය වතු වීසාවක් පමනක් වීමටත් ඉඩ තිබේ. කෙසේ නමුත් එසේ වීසා ලබාදීමක් සිදුවනවා නම් ලබන සතිය තුල ගැසට් පත්‍රය නිකුත් වීමේ වැඩි ඉඩකඩක් තිබෙනවා.

වීසා ලබාදීමට බොහෝ විට නොවැම්බර් අවසානයේ හෝ දෙසැම්බර් මස මුල් සතිය තුල ආරම්බ වන්නට පුලුවන්.

යම් විදියකින් වතු වීසා හෝ ස්පොන්සර් වීසාවක් නිකුත් වුවහො​ත්

මෙම වීසා සද​හා ලංකාවේ සිට හෝ ඉතාලියේ සිටින සියලුම ලාංකීකයෙක්ට අයදුම් කරන්​න බෑ.මෙකට ඇප්ලයි කරන්න පුලුවන් සුදුකම් තියෙන ඉතාලි ජාතිකයේකුට සුදුසුකම් තිබෙන ලාංකීකයින්ට හෝ වෙනත් ජාතිකයෙක්ට පුලුවනී.

ඔබ අයදුම් කරනුයේ කෙටිකාලිනව ලබාදෙන සෘතු වීසා එකක් හෙවත් වතු වීසා එකකට න​ම් ඉතාලි ජාතිකයාට ඝෘතුමය කාලවලට සරිලන ව්‍යාපාරයක නියුතු අයෙක් විය යුතු අතර කෘෂිකර්මයට, හෝටල් ව්‍යාපාර වැනි අයතන හිමිකරුව​කු හෝ එ හා සමාන සමාගමක හිමිකරුව​කු විය යුතුවේ.

මේක ඉතාලි රජයේ අමාත්‍යංශයක් වල අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය මඟින් කෝටා එකක් ඉදිරිපත් කිරීම මඟින් පුද්ගලයන් තෝරාගනු ලබයි. එය හුදෙක් අපේ රටට පමණක් නොව රටවල් ගණනාවකට ලැබෙන අවස්ථාවකි.​මේ සඳහා අයැදුම් කිරීමට ලංකාවේ සිටින කෙනෙකුට සෘජුවම බැරිය. ලංකාවෙන් මෙරටට පැමිණීමට නියමිත කෙනා වෙනුවෙන් මෙරට ඉතාලි ජාතිකයෙක් පෙනීසිටිය යුතුය. මෙය හුදෙක් දැන හැඳුනුම් කම මත සිදු වන දෙයකි!

යම් විදියකින් ස්පොන්සර් වීසාවකුත් නිකුත් වුවහො​ත්,

මෙය කුමන ක්ශෙත්‍ර සදහා ලබාදිමක් සිදුවේද යන්න ගැසට් පත්‍රය ලැබෙන තෙක් කිව නොහැක.එමෙන්ම රටවල් කිහිපයකට සීමිත අවස්තාවක් පමනක් ලැබෙනු ඇත. ගිය වසරේදී ඉල්ලුම් පත් ලැබෙන පිලිවෙල අනුව 4500 ක් වැනි පිරිසක් පමනක් තෝරා ගන්නා ලදී.

මෙම ලිපිය හුදෙක්ම ලැබෙන ආරන්චි මාර්ග අනුවම පලකරන ලද්දකි.ඉදිරි සතියේ මෙය සම්මත වී ගැසට් එක ඉදිරිපත් වුවහොත් ඔබට සවිස්තරාත්මකව ලිපියක් ගෙන එන්නම්. එතෙක් එක එක්කෙනාට අසු නොවී කට කතා වලට අසු නොවී තමාගේ මුදල් ආරක්ශා කරගන්න මෙන් ඉතාලියෙ අපි වෙබ් අඩවියෙන් ඔබට මතක් කර සිටින්නෙමු.

ස්තූතියි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *