ප්‍රේමයේ බෝට්ටුවෙන් ඉතාලියට?

ඉතාලිය තුල ජීවත් වන බොහෝ ලාංකිකයන්ගේ සිහිනය වන්නේ සිය පවුල තමන් ලගට ගැනීමය. බොහෝ විට ඒ සදහා කරන කැපවීම් අපමණය. නමුත් ඉතාලියට පැමිනි පසු ඔබේ බිරිද හෝ සැමියා හෝ ඔබව මග හරිනවානම්?

අද ඉතාලිය තුල සිදුවී ඇති බොහෝ විවාහ සිදුවී ඇත්තේ ඉතා කෙටි කාලීන සබදතා වලිනි. මේවා සමාජ මාද්ය ජාලා වල හදුනාගැනීම් වලින් හෝ මංගල යෝජනා මගින් හෝ සිදුවී ඇත. ඉතාලියට ආපසු සැමියාට හෝ බිරිදට ඉතාලියේ සිටින සහකරුවා නොගැලපේ.soggiorno එක අතට ගන්නා තුරු තිබූ ප්රේමය ඉන්පසුව නැත. බොහෝ දුරට තමන් රැවටී ඇති බව දැනෙන විට ප්රමාද වැඩිය.

ඉතාලියට ඒමට යම් කෙනෙක් ඔබව පාවිච්චි කර ඇති බව හැගේ නම් ඔබට ගත හැකි ක්රියාමාර්ග

  • ඉතාලියට තවම පැමින නැත්නම් ඉතාලි  Embassy මගින් Nulla osta එක අවලංගු කරන ලෙස Email මාර්ගයෙන් ඉල්ලා සිටිය හැකිය. මේ සදහා Avvocato කෙනෙක් මගින් ඔබට Embassy දැනුම් දීම හා Prefettura දැනුම් දීම කල හැක.
  • ඔබේ සහකරු ඉතාලියේ සිටීනම් ඔබව රැවටූ බවට Questura එකේ පැමිනිල්ලක් දැමීමෙන් Soggiorno එක ලබාදීමට විරුද්ධ විය හැක.
  • වෙනත් යුරෝපා රටක Asilo Politico හෝ වෙනත් Visa වර්ගයක් ඉල්ලා ඇත්නම් ඔබට ඉදිරිපත් වී ඔබගේ විවාහය ඔප්පු කිරීමෙන් වෙනත් රටකට සංක්රමණය වීම වැලැක්විය හැකි වේ.

ඔබෙන් දික්කසාදය ඉල්ලා සිටීනම් ඔබේ පැත්තෙන් ඔබව රැවටූ බවට නීතිය තුල ඔප්පු කිරීම මගින් ඔබට වන්දියක් හා ඔවුන්ට දඩුවම් ලබා දෙන්නට හැකිය. ලංකාවට ගොස් විවාහ වීමට පෙර හොදින් සොයා බලන්න. කාට හෝ යුරෝපයට එන්න ඔබව බෝට්ටුවක් කරගන්නට ඉඩ දෙන්න එපා.

(සත්ය සිදුවීම් මගින් සකස් කල ලිපියකි.)

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *