|

ඉතාලියේ දීමනා ලබාගන්න අවශ්‍යය වන ISEE කියන්නේ කුමක්ද?

ISEE එකෙන් මොකද වෙන්නේ ?

Modello Isee එක කියන්නෙ ඉතාලියේ ජීවත් වෙන අයගෙ අත්‍යවශ්‍ය ලියකියවිල්ලක් වෙලා ඉවරයි. මෙය නිකුත් කරන්නෙ inps එකෙන්. අප විසින් වර්ශයක් පුරා ලබන ලද

  • ආදායම් සහ අත්‍යවශ්‍ය වියදම්
  • පවුලේ සාමාජික සංඛ්‍යාව
  • කුඩා දරුවන්
  • රැකියා විරහිතභාවය
  • Invalidità ඇතුලුව තවත් නිර්ණායකයන් මේ සදහා යොදා ගන්නවා.

මෙහි මූලිකවම බලන්නේ ඔබේ පවුලේ ආර්ථික ස්ථාවරයයි. Isee එකේ අගය 0 සිට ඉහලට යනව. Isee එක අඩුවෙන තරමට ඔබට ලැබෙන සහන වැඩියි.

මෑත කාලයේදී හදුන්වා දුන් බොහෝ ආර්ථික සහන ලබා ගැනීමට නම් Isse එක අනිවාර්ය කරල තියෙනව. මෙහි ගණනය සදහා යොදාගන්නෙ වසර 2 පෙර ආදායමයි. නමුත් ඔබේ ආදායම් පහල වැටිල තියෙනවනම් ISEE CORRENTE මගින් ඔබේ Isee එක යාවත්කාලීන කරන්න පුලුවන්. සෑම වර්ශයකම දෙසැම්බර් 31 සියලුම Modello Isse අවලංගු වෙනව. එම නිසා අමතක නොකර ජනවාරි මාසයේ Isse එක අලුත් කරන්න අවශ්යයි. නැතිනම් බොහෝ දීමනා Inps එක මගින් තාවකාලිකව අත්හිටුවන අතර එය Isee එක අලුත් කරන තුරු ලැබෙන්නේ නෑ.

Inps එක මගින් CAF වලට අනුග්රහය දක්වනව මෙය නොමිලේ සාදා දීමට. මේ වසර අවසානය නිසා මේ ලිපිය විශේෂයෙන් ලිව්වෙ ඔබේ Isse එක අලුත් කරගැනීම ගැන මතක් කිරීමටයි.

ISEE එක හදන්න මොනාද උවමනා වෙන්නෙ?

  • ISEE එක හදන්න ඔබගේ සියලුම ලියකියවිලි අවශය්‍ය වේ. (රැදිසිටිමේ බලපත, ඉතාලි හැදුනුම්පත, Codice Fiscale)
  • Stato di Famiglia (Autocertficazione)
  • cud ,730 , Unico
  • ඔබ කුලියට හෝ නිවසක් මුලදිගෙන තිබේ නම් එහි විස්තර (Contrato di Afitto or Atto di compravendita)
  • ඔබට යම් වාහනයක් ඇති නම් (Atti di Proprieta autoveicoli. Targa or Estermo di Regitazione)
  • Saldo di conto corente e giaccenzia Media (බැංකුවෙන ලබාගන්න ඔබ සියලුම වත්කම් ගැන වාර්තාවක්)
  • Certificato di Invalidita o handicap or percentuale (පවුලේ යම් ආබදිතකෙනෙක් සිටි නම්)

ආර්ථික වාසී

  • පාසල් (මේකෙන් ලැබෙන ප්‍රධානම වාසි වලින් එකක් තමා පාසල් යන ලමයින්ට, ලමයි ඉන්න අයට ගෙවිමට සිදුවන පාසල් කෑම බිල (Milano Ristorazione) ගණනය කරන්නේ Isee අගය මත. ISEE අඩු අයට ඉතා කුඩා මුදලක් ගෙවීමට හැකිවීම.
  • විශ්ව විද්‍යාලයට ඇතුලත් වන ශිෂ්‍යයන්ටත් ISEE අගය යූරෝ 13000 දක්වා ගෙවිය යූත්තේ වාර්ෂික ලියාපදිංචි ගාස්තුව වන යූරෝ 150කි. එසේම අඩු ආදායම් ලාභී සිසුන්ට ලබා දෙන ශිෂ්‍යත්ව සදහා අයදුම් කිරීමටද ISEE අවශ්‍ය වෙනවා.
  • රජයෙන් ගැසට් කරන සහන ලබා ගැනීමට (Dote scuola, Dote sport, Nido Gratis, Carta Acquisti, Bonus Bebè, Riduzione per l’iscrizione scuola superiore e per la gita scolastica)
  • රෝහල් (යම් ගෙවීම් වලදි)
  • පොදු ප්‍රවාහන (Abbonamento ව සැදිමේදි)
  • යම් බදු ගෙවීම් වලදි ඔබට එයින් කොටසක් හෝ යම් ප්‍රමානයක් ගෙවීම.
  • ISEE අගය අඩු අයට Bonus Luce e Gas බිල්පත් අඩුවීම.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *