ඉතාලියේ රැකියා සම්මුඛ පරීක්ෂණයකට යමුද?

ඔබ ඉතාලියේ  කොපමණ කාලයක් රැකියාවක් කර තිබුනත් බොහෝ අවස්තාවලදී ඔබට නැවත රැකියාවක් ලබා ගැනීම  අපහසු වී ඇති. කොපමන Appuntamenti (සම්මුඛ පරීක්ෂණ) වලට ගියත් ඔබට වඩා අඩු දැනුමක් හෝ අඩු අත්දැකීම් ඇති අයට රැකියාව ලැබීම ඔබට පෙනෙන්නට ඇති. එවන් අවස්තාවලදී අන් අයට දොස් කීමට පෙර ඔබේ අඩුපාඩු  මොනවාද යන්න ඔබ සිතා බැලුවාද?

මගේ පෞද්ගලික අත්දැකීම් අනුව ඉතාලියේ තිබෙන බොහෝ රැකියා Agency වලින් රැකියා  ශ්‍රී ලාංකිකයන්ට ලබා දීමට පෙර ඔවුන් විමසිලිමත් වන්නේ පිරිසිදුකම සහ පිලිවෙල පිලිබදවයි.

ඔබ රැකියා සම්මුඛ පරීක්ෂණයකට යනවා න​ම් මේ කරුනු ගැන විශේෂයෙන් සැලකිලිමත් වන්න

වේලාව

නියමිත වේලාවට Appuntamento එකට සහභාගි වෙන්න. එය  රැකියාව ලැබීමට  ප්‍රාදන සාදකයක්. යම් ලෙසකින් ඔබට යාමට යම් ප්‍රමාදයක් සිදුවේ නම් පනිවිඩයක් තබන්න.

Curriculum

Curriculum එකක් අනිවාර්යයෙන්  රැගෙන යන්න. එහි ඔබේ සියලුම නිවැරැදි විස්තර සදහන් කරන්න. ඔබ රැකියා කරපු තැන් වලින් ලබා ගත් Referenza ලිපි ගොඩක් වැදගත්. ඒවා වල photo copy එකක්  අනිවාර්යයෙන් දෙන්න. ඔබ ලග Referenza ලිපි නැතිනම් ඔබ ඒවා අනිවාර්යයෙන් ඉල්ලා ගන්න. නැත්නම් ඔබ සේවය කල ස්ථාන වල දුරකතන අංක Curriculum එකේ අනිවාර්යයෙන් සදහන් කරන්න.

බාහිර  පෙනුම සහ ඇදුම 

ඔබේ බාහිර පෙනුම රැකියාවක් ලබා ගැනීමට ප්‍රධාන සාධකයක් වේ. ඉතා විශාල හෝ ඉතා තද ඇදුම් ඇදගෙන යන්න එපා. ශරීරය වැහෙන ලෙස අදින්න. ශර්ට් එකක් සහ කලිසමක් නම්  කාන්තා සහ පිරිමි දෙපාර්ශවයටම වඩා සුදුසුය. Leggings වැනි ඇගට තදවූ ඇදුම් අදින්න එපා. Sports වලට තියෙන ඇදුම් Appuntamento එකට අදින්න එපා. ඉතා තද පැහැති  ඇදුම් වලට වඩා ලා පැහැති ඇදුම් වඩා සුදුසුය.

පිරිමි පුද්ගලයෙකු නම් කැප් පලදින්න එපා.ටී ශර්ට් ඇදගෙන යන්නත් එපා. සුදු යකඩ මාල බේස්ලර්ට් පෙනන ලෙස පලදින්න එපා.

  • නියපොතු පිලිවෙලට තබාගන්න. ඔබේ නියපොතු පිරිසිදු කමේ ප්‍රධාන අංගයක්.
  • අනවශ්‍ය ලෙස Make up කරන්න එපා.
  • තද පැහැති Lipstick ගාන්න එපා.
  • කකුල් වැසෙන සේ සපත්තු පලදින්න.
  • බාටා වැනි සපත්තු දාන්න එපා.
  • ඔබේ කොන්ඩය හොදින් පීරන්න.
  • මුහුනට කොන්ඩය වැටීමෙන්  ඔබව හොදින් පෙනෙන්නේ නෑ.
  • ඇස් දෙස බලා ඔබෙන් අහන ප්‍රශ්න වලට පිලිතුරු  දෙන්න. ඔබ බිම බලාගෙන කතාකරන්න එපා.
  • පලමුව ඇහුම්කන්  දෙන්න. පසුව ඔබට අවශ්‍ය  දේ අසන්න.
  • රැකියාවට අදාල නොවන දේ කතා කරන්න එපා.

එමෙන්ම ඔබ ඉදිරියේ​දි ​ Tatoo එකක් කිරීමට සිතනවා නම් ඔබගේ රැකියා ජීවිතයට බලපෑමක් නොවන විදියට කරන්න. Domastic රැකියාවන් නම් ඔබ ඉදිරියේදී කරන්න සිතන්නේ Tatoo තිබෙන අයට ඔවුන් වැඩි කැමැත්තක් නොදක්වයි.මෙය රැකියාව අනුව වෙනස් වීමට පුලුවන්.

  • ඉතාලි ජාතිකයන් හරිම සුහදශීලියි.
  • ඔබත් ඔබේ සුහදශීලි බව පෙන්නන්න. හොදින් ආචාර කරන්න.
  • සිනාමුසුව සිටින්න.
  • නිවසක් තුල Appuntamento එක තියෙන්නේ නම් අනිවාර්යයෙන් සපත්තු ගලවා ඇතුල් වෙන්න.
  • අනවශ්‍ය ලෙස කාලය ගන්න එපා.
  • Appuntamento එක ඉවර වූ පසුව ඉක්මනින් එතැනින්  ඉවත්  වෙන්න.
  • රැකියාව ඉල්ලා බැගෑපත් වෙන්න එපා. ඔබ කරදරකාරි අයෙක් බව හැගුනොත් ඔබට රැකියාව නොලැබෙන්න පුලුවන්.
  •  නිතරම whatsapp මැසේජ් යොමු නොකරන්න. ඔබට රැකියාවට තෝරාගත්තා දැයි දැනුවත් කරන්නම් යැයි කියා තිබේ නම් කතා කරන තුරු සිටින්න.

වැටු​ප හා සේවක අයිතිවාසික​ම්


සම්මුඛ පරික්ශනය මොහොතේ ඔබට අවශ්‍ය වැටුප ගැ​න බොහෝ වෙලාවට අසනු ලබයි. ඔබට තිබෙන සුදුසුකම් අනුව හා රැකියාවේ ස්භාවය අනුව ඔබ වැටුපක් තීරනය කරන්න. ඔබ හා ඔබේ සේවායෝජකයා එම වැටුපට කැමති නම් ගැටලුවක් ඇති නොවේවි.

යම් විදියකින් ඔබ පවසන වැටුපට හෝ සේවයෝජක​යා ඔබට පවසන වැටුපට ඔබ දෙදෙනාම අකමැති නම් දෙදෙනාටම තීරනයකට පැමිනිය හැකි වැටුපකට කැමති වන්න.

ඔබට සම්මුඛ පරික්ශනයේදී වැටුපක් තීරනය කරගත නොහැකි නම් නිවසට ගොස් දවසක් ඇතුලත ඔබට අවශ්‍ය වැටුප ඔවුන්ට දන්වන්න.

  • එමෙන්ම ඔබට හිමි නිවාඩු සංඛයාව?
  • කුමන මාසෙද ෆේරිය ගත යුත්තේ?
  • ලංකාවට යන​වා නම් කොච්චර දවසක් නිවාඩු ගන්න පුලුවන් ​ද?
  • නිවාඩු දිනයක වැඩ කලොත් කොපමන මුදලක් ගෙවනවද?
  • වැඩ ආරම්බ කල යුතු වේලාව හා අවසන් වන වේලාව.
  • කන්ට්‍රැක් එකේ ඔබට කොපමන පැය ගනනක් ඇතුලත් කරනවාද?

ඉතින්  ඔබේ සුදුසුකම් වලට අමතරව  මේ කරුනු ගැන සැලකිලිමත් වුනොත් ඊලග Job එකට අනිවාර්යයෙන් ඔබව තෝර ගනීවි. මතක ඇතිව සම්මුඛ පරීක්ශනයට යන විට තනිවම යන්න, දරුවන් සිටිනවා නම් දරුවන් නිවසේ තබා එන්න. ඔබට භාශාව ප්‍රශ්නයක් තිබේ නම් පමනක් යම් කෙනෙක් සමග යන්න.එසේ යනවා නම් ඔබට පුලුවන් විදියට පිලිතුරු සපයන්න.නොදන්න දෙයක් තිබේ නම් පමනක් ඔබේ සහයකයාගේ සහය ලබා ගන්න.

ජයවේවා!

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *