|

Bonus Euro 200 සදහා අයදුම් කරන ආකරය පියවරෙන් පියවර [සිංහලෙන්]

Indennità una tantum Bonus 200 Euro සදහා INPS වෙබ් අඩවියෙන් පහත සදහන් පුද්ගලයින්ට අයදුම් කල හැකි වේ.

  • Lavoratori Domestici
  • Lavoratori Collaborazione coordinata e continuativa
  • Lavoratori Stagionali
  • Lavoratori dello Spettacolo
  • Lavoratori Autonomi
  • Lavoratori incaricati alle Vendite

ඔබට මේ සදහා SPID බාවිතා කල හැක. දැනටමත් යම් යම් CAF/Patronato හරහා ඔබ කොල පුරවලා තිබේනම් අයදුම් කිරීමට පෙර විමාසා සිටින්න.

අපි දැන් බලමු පියවරෙන් පියවර මේ සදහා අයදුම් කරන ආකරය.
මුලින්ම ඔබ මේ සදහා Inps වෙබ් අඩවියට යන්න.ගූගල් කලාම වෙබ් අඩවිය එනවා. ඔබ භාවිත කරන්නේ SPID නම් මෙහි රෙජිස්ටර් වෙන මුල් පියවරයන් ගැන ඔබ දන්නවා ඇති.එම නිසා ඒ සරල පියවරයන් අප මෙහිදී ඉදිරිපත් කරන්නේ නෑ.

හරි දැන් ඔබ SPID හරහා වෙබ් අඩවියට ඇතුල්වීසිටිනවා නම් ඊලග පියවරයන් බලමු.
මුලින්ම PUNTO කියලා සර්ච් කරන්න. එවිට එන පලවෙනි අවස්තාව ක්ලික් කරන්න.

දැන් ඒක ක්ලික් කලාම වෙබ් අඩවියේ යටම ඇති කොටසට යන්න.මෙහිදී ඔබ අයිති වන ඛාන්ඩය නිවරදිව තෝරන්න.මම මේ සදහා අයදුම් කලේ Domastic රැකියාවක් කරන කෙනෙක්ට නිසා පලවෙනි කොටස Acedi කලා.

දැන් ඔබ මුදල් ලබා ගන්නා ආකරය සටහන් කරන පියවරයි. මෙහිදී මම IBAn යන්න තෝරාගත්තා.

දැන් ඔබට ඔබගේ ගිනුමේ වර්ගය හෝ මුදල් ලබා ගන්න ආකරය තීරනය කරන්න පුලුවන්. මම මෙහිදී ලබාදුන්නේ අයදුම් කරන පුද්ගලයාගේ බැංකු ගිනුමට මුදල ලැබෙන ආකරයටයි. බෑන්ක් නම්බර් එක ලියලා එහා පැත්තේ තියෙන කොටුවට හරියත් දාලා සේව් කරන්න. ඔබ කැමති නම් තවත් ගිනුම් අංකයක් ලබා දෙන්න පුලුවන්. මතක ඇතිව තමන්ගේ ගිනුම විතරක් ලබාදෙන්න.

ඔබ මේ සදහා අයදුම් කර හමාරයි. ඔබට මෙහි රිසිට් පතක් දැන් ලබාගන්න පුලුවන්.

ඔබට පහත ආකරයට ඔබ යැවු අයදුම්පත පරික්ශා කරගන්නත් පුලුවන්.

මම හිතන්නේ මේ විදියට කලා නම් ඔබ සාර්තකව මේ සදහා අයදුම් කර අවසන් ඇති. මේ වගේ ඉතාලියේ අයට වැදගත් වෙන දේවල් නිතරම බලන්න අවශ්‍ය නම් ඔබේ මිතුරන් අතරේ මේ ලිපිය ශෙයා කරන්න අමතක කරන්නත් එපා.

Similar Posts