නොතේරෙන ඉතාලි තේරෙන සිංහලෙන් [පාඩම් අංක 01]

අද පාඩමට කලින් පාඩමක් සමග සම්බන්ධ වන කොටස් කිහිපයක් තියෙනවා.

Mi presento

සාමාන්‍යයෙන් තමන් ගැන හදුන්වා දීමට හැකියාව ලබාගනිමු. නම, කොහේ සි‌ට පැමිණියාද, වයස කීයද යන්න.

  • Come ti chiami? ඔබේ නම කුමක්ද?
    • Mi chiamo Sara. මගේ නම සාරා
  • Di dove sei? ඔබ කොහෙන්ද? කොහෙ සිට පැමිණියේද යන්න අර්ථදැක්වේ.
    • Io sono Srilankese / Cinese.
  • Quanti anni hai? ඔබේ වයස කීයද?
    • Io ho 50 anni.

ඉහත කොටස් ටික සංවාදයක් විදිහට අපි බලමු, මුලික හැදින්වීමේ තිබුන කොටස් සහ නව කොටස් යොදාගෙන කොහොමද සාමාන්‍ය භාවිතයේ දී කතා කරන්නේ කියලා? ඒ අතර තව කෙනෙක් ව හදුන්වා දෙමු.

යාලුවෙක්, හිතවතෙක් , පවුලේ කෙනෙක් සමග කතා කිරීමේදී, (informale – tu)

ඔබට කොහොමද? යන්න ක්‍රම කිහිපයකින් ඇසීමේ හැකියාව තිබෙනවා.

  1. ciao.
  2. ciao, Come stai?
  3. Come andiamo?
  4. Come VA?

අපි බලමු මේ සදහා ලැබෙන පිලිතුරු කොහොමද කියලා, මේ සදහා පිලිතුරු කිහිපයක් තිබෙන්න පුලුවන්.

  • Sto bene, Grazie, e tu? මම හොදින්, ස්තූතියි, ඔබට?
  • Abbastanza bene, Grazie, E tu? ටිකක් හොදින්
  • Sto Male/ Non sto bene. අසනීපයි, හොදින් නෙවෙයි.

ඉන්පසුව දෙබස ගලායන ආකරය බලමු.

  • B. Come ti chiami? ඔබේ නම කුමක්ද?
    • A: Mi chiamo Paolo. මගේ නම Paolo.
  • B: Di dove sei? ඔබ කොහි සිටද එන්නේ?
    • A: Sono italiano di Roma.
  • B: Come si chiama la tua amica? (​ඔබගේ යෙහෙලියගේ නම මොකක්ද?)
    • A: Lei si chiama Anna. Lei è italiana.

ඉහත සංවාදයම අපි නොහදුනන කෙනෙක් සමග, වැඩ කරන තැනදී, ආයතනයකට ගියාම පිලිගත් විදියට කතා කරන විට වෙනස්වන විදිහ අධ්‍යයනය කරන්න.(Formale)

  • A: Buongiorno. Piacere, mi chiamo Anna. Come si chiama? (piacere යන වචනය හදුනා ගැනීම සතුටක් යන අර්ථය ඇත.)
    • B: Mi chiamo Paolo.
  • A: Come sta?
    • B: Sto bene, grazie, e lei?
  • A: Bene. grazie. Di dov’è?
    • B: Sono italiano di Roma.

Grammatica – ව්‍යාකරණ

අපි දැන් බලමු ඉහත සංවාද දෙකේ ව්‍යාකරණ භාවිතා වුනේ කොහොමද කියලා.

01.Aggettivi di nazionalità – නාම විශේෂණඉතාලි භාෂාවේ නාමපද ගැහැණු සහ පිරිමි ලෙස වෙන් කරන්න පුළුවන්. එම පද ආරම්භයේ සිටම හදුනා ගැනීම ඉතාලි භාෂාව ඉගෙන ගැනීමේ දී බොහෝ වැදගත් වෙනවා. ඉහත සංවාදයේ නම්,

පුරුෂ ලිංග – Maschile

Pablo è italiano – o අකුරෙන් අවසන් කර ඇත්තේ පිරිමි කෙනෙක් නිසා Saman è Cingalese – e ශ්‍රී ලංකාව, චීනය වැනි රටවල ට ජාතිකයන්ට ගැහැණු සහ පිරිමි යන දෙපක්ෂයටම වෙනසක් නොවේ.

ස්ත්‍රී ලිංග – Femminile

Anna è italiana. – a අකුරෙන් අවසන් කර ඇත්තේ ගැහැණු කෙනෙක් නිසා Susana è cinese. වෙනසක් නොවේ.

02. Pronomi personali soggetto ( chi?) සර්ව නාම/ උක්තය

  • Io – මම
  • Tu – ඔබ
  • Lui – ඔහු
  • Lei – ඇය
  • Lei – මහතා/ මහත්මිය

03. Presente dei verbi essere, stare, chiamarsi

අ). Verbo Essere සිංහල භාෂාවේ නැති වුනත් ඉංගීසී භාෂාවේ මෙන්ම ඉතාලි භාෂාවේත් උපකාරක වචන භාවිතා කරනවා. මෙහි දැක්වෙන්නේ ඉන් එක කොටසක්.

  • Io – sono
  • Tu – sei
  • lui/ lei/ Lei – è

උදාහරණ කිහිපයක් බලමු.

  • Io sono italiano – පිරිමි
  • Io sono Srilankese (Cingalese)
  • Io sono italiana – ගැහැණු
  • Di dove sei?
  • Tu sei indiano?
  • Lui è Paolo e italiano.
  • Lei è Anna e italiana.
  • Signor Marco è tedesco. ( මාර්කො මහතා)
  • Signora Maria è tedesca. ( මරියා මහත්මිය)

ආ). Verbo Stare

  • Io sto (stare යන වචනයේ are යන කොටස ඉවත් වී o යන්න එකතු වී ඇත.)
  • Tu stai (stare යන වචනයේ are යන කොටස ඉවත් වී ai යන්න එකතු වී ඇත.)
  • lui/ lei/ Lei sta (stare යන වචනයේ are යන කොටස ඉවත් වී a යන්න එකතු වී ඇත.)
උදා-
  1. 1. Sto bene, Grazie.
  2. Come stai?
  3. Lucio sta bene.
  4. Maria sta bene.
  5. Signor Rossi sta bene.

සරලව, මම නම් are ඉවත් වී O,ඔබ නම් are ඉවත් වී ai,ඔහු/ ඇය/ මහතා/ මහත්මිය නම් are ඉවත් වී a යන්න ආදේශ වී ඇත.

ඇ). Chiamarsi

Chiamarsi යන පදය ඉතාලි භාෂාවේ verbo riflessivi යන කොටසට අයත්වන අතර එහිදී,මම යන පදයට පෙර mi යන්නත් ඔ​බ යන පදයට පෙර ti යන්නත් ඔ​හු/ ඇය/ මහතා/ මහත්මිය නම් si යන්නත් එකතු වේ.

  • Io – mi chiamo
  • Tu – ti chiami
  • lui/ lei/ Lei – si chiama
    • උදාහරණ
    • 1. Mi chiamo Saman.
    • 2. Come ti chiami?
    • 3. Lui si chiama Sarath.
    • 4. Lei si chiama Sara.
    • 5. Questa signora si chiama Martha. මෙම මහත්මියගේ නම මාර්තා.

03. Parole interrogativi (parole – domanda/ප්‍රශ්නාර්ථ පද)

Come ti chiami? මොකක්ද යන අර්ථයෙන් Come stai? කොහොමද යන අර්ථයෙන් Di dove sei? කොහෙද යන අර්ථයෙන් දැක්කද? එකම අකුර විදි දෙකකට ලියලා තියෙනවා.අර්ථය දෙකක් තියෙන,මොකක්ද?E සහ ÈE කියන්නෙ සහ කියන අර්ථයෙන්.È කියන්නේ verbo essere වල ඔහු/ ඇය/ මහතා/ මහත්මිය සමග යෙදෙන උපකාරක පදය.

 

මේ පාඩමම තවත් සරලව ඊලග පාඩමින් කතා කරමු. ඔබට සුභ පැතුම්. ශෙවෙනි කොටසින් නැවත හමුවෙමු.

Kanchana Rajaoakshe මහත්මිය විසින් පලකරන ලදි.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *