Green pass නොමැති නම් ඉතාලියේ ඉන්න පුලුවන්ද?

Delta ප්‍රබේදය ඉතාලිය තුල ඉතා ඉක්මනින් පැතිර යෑම නිසා බොහෝ ස්ථාන වලට ඇතුල් වීමට Green Pass එක අනිවාර්ය කිරීමට ඉතාලි රජ​ය සැරසේ.

මෙම Green Pass එක කොටස් 2 කට බෙදේ.

  • එන්නතක පලමු මාත්‍රාව ලබාගත් අය
  • එන්නත් මාත්‍රා 2 ලබා ගත් අය

(Johnson and Johnson එන්නතේ එක් මාත්‍රාවක් පමනක් සියලු දෙනාට ලබා දෙන නිසා මෙය මාත්‍රා දෙකේ කාන්ඩයට අයිතිවේ)

පලමු  මාත්‍රාව  ලබාගත් අයට  ගෘහස්ථ ආපනශාලා වලට  ඇතුල් වීමට හැකිවන අතර  Stadio, Discoteca සහ අධ්ක වශයෙන්  සෙනග ගැවසෙන ස්ථාන සදහා 2 කාන්ඩයේ Green Pass එක අනිවාර්ය වනු ඇත.

මෙය හදුන්වා දීමට සිදුවන්නේ  බොහෝ Delta ප්‍රභේදය ආසාදිතයින් එන්නත් නොකල අය ලෙස හදුනා ගෙන ඇති නිසා බව සෞඛ්‍ය අංශ පවසයි.

ඉතාලිය තවදුරටත් stato Emergenza මාස 3ක් දක්වා දික් කරනු ඇත. මුලු ඉතාලියම අඩුම වශයෙන් අගොස්තු 15 දක්වා වත් Zona Bianca ලෙස තබා ගැනීමට රජය  බලාපොරොත්තු වෙයි. Zona Gialla නිර්නායකයන් වෙනස් වන අතර රෝගීන්  5% වඩා ප්‍රමාණයක් Terapia Intensiva  හෝ 10% රෝහල් ගතවුනහොත් පමනක්  ප්‍රදේශයන් Zona Gialla බවට පත්වනු ඇත.

Green Pass යනු කුමක්ද?

මොකක්ද මේ අළුත්ම Green Certificate COVID-19/ Green Pass Certificazione Verde COvid-19

මේ ලිපිය කියවන්න. ඔබට අවබෝදයක් ලබාගැනීමට හැකියාව මෙය ප්‍රමානවත් වේවි.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *