මෙලෝනිගේ ආගමනයත් සමග කහ කාඩ් එකට මොකද වෙන්නේ? (Reddito di Cittadinanza)

ඉතාලියේ පැවති මහ මැතිවරණයෙන් Giorgia Meloni ප්‍රමුඛ දක්ශිණාශක පක්ශ ජයග්‍රහණය කර තිබේ.මොවුන් අතර පරස්පර මතිමතාන්තර ඇතත් Giorgia Meloni ප්‍රමුඛ Fratelli di Italia මගින් පැවසූ පරිදි කහ කාඩ් එක අවලංගු කිරීම ඔවුන්ගේ ප්‍රධාන අරමුණක් බව නැවතත් සනාථ කර ඇත.

මෙම දීමනාව ලබා ගන්නා පිරිසෙන් 50% රැකියා කල හැකි පිරිසක් බවත් මෙම දීමනාව නිසා විශාල මුදලක් අපතේ යන බවත් ඔවුන් පවසයි. මෙය අවලංගු කිරීමෙන් පසුව රැකියාවන්හි නිරත විය නොහැකි පිරිස වෙනුවෙන් අනිවාර්යයෙන් දීමනාවක් ලබාදෙන බව ඔවුන් පවසන අතර වංචනික ලෙස මෙම මුදල් ලබා ගත් අයගෙන් නැවත අය කර ගැනීමටත් ඔවුන් බලාපොරොත්තු වේ.

මේ වනවිට Reddito di Cittadinanza වෙනුවෙන් අවසන් වසර 3දී ඉතාලි රජය යූරෝ බිලියන 20 පමණ වියදම් කර ඇති අතර පවුල් ලක්ශ 20 ක් මෙම සහනාධාරය ලබා ගෙන ඇත. රජය බලාපොරොත්තු වූ පරිදි රට තුල නව රැකියා ඇති නොවූ බවත් Reddito di Cittadinanza ලබාගැනීම නිසා රැකියා වලට සේවකයන් සොයා ගැනීමද ප්‍රශ්නයක් වී ඇති බව ඔවුන් පවසයි.

RDC කහකාඩ් එක ගැනීම කොච්චර බයානකද? මෙම ලිපිය කියවීමට මෙය ක්ලික් කරන්න

RDC මුදල් ලබාගැනීම අවශ්‍ය නැත්නම් එයින් අයින් වෙන්නේ කොහොමද? මෙම ලිපිය කියවීමට මෙය ක්ලික් කරන්න

REDDITO DI CITTADINANZA (කහ කාඩ් එක) අරන් වැඩ වරද්ද ගන්න එපා. මෙම ලිපිය කියවීමට මෙය ක්ලික් කරන්න

Similar Posts