මුළු ඉතාලියටම නොමිලේ ඉන්ටර්නෙට්

ගෙදර හිටියත්, එලියෙ හිටියත්, වෙනත් විදේශ රටක හිටියත් අපේ ජීවිතෙන් ඈත් කරන්න බැරි දෙයක් බවට පත් වෙච්ච දෙයක් තමයි ඉන්ටර්නෙට් කියන්නෙ. නොමිලේ, ස්ථාවර ඉන්ටර්නෙට් සම්බන්ධතාවයක් ලබා ගන්න තියෙනවා නම්

ඔබ දන්නවාද මුළු ඉතාලියටම නොමිලේ වගේම වේගවත් අන්තර්ජාල පහසුකමක් ලබා දෙන වැඩ සටහනක් දැනට ක්‍රියාවට නැගී ඇති බව. මේ වැඩ සටහන නම් කරල තියෙන්නෙ Piazza Wi-Fi Italia කියල. මේ ප්‍රොජෙක්ට් එකට සම්බන්ධ වූ ස්ථාන, ඇදහිය නොහැකි වේගයකින් වැඩි වෙමින් තියෙන්නෙ.

මේකට සම්බන්ධ වෙලා තියෙන්නෙ ලොකු නගර විතරක් නෙවි. කුඩා නගර වගේම පොඩි ගම් පවා මේ වැඩ සටහනට දැනටමත් ඇතුලත්. වැඩ සටහනේ පල ප්‍රයෝජන හොඳින්ම ගන්න පළාත තමයි Umbria. එහි ප්‍රධාන නගරයක් වන perugia හි නොමිලේ අන්තර්ජාල පහසුකම් ලැබිය හැකි, මධ්‍යස්ථාන පුදුම විදියට ඉහල ගිහින් තියෙනවා.

Piazza wi-fi Italia වැඩ සටහන බිහි වෙන්නෙ ඉතාලි ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ අදහසකට අනුව, ඉතාලි සම්පූර්ණ ජනගහණයටම විශේෂිත APP එකක් ආධාරයෙන් නොමිලේම සහ වේගවත් අන්තර්ජාල පහසුකම් ලබා දීමේ අරමුණින්. TIM එකෙන් හදපු Infratel Italia එකට තමයි මේ නොමිලේ ඉන්ටර්නෙට් වැඩ සටහන බාර දීලා තියෙන්නෙ. 2020 මාර්තු වල සිට ජාලයේ ව්‍යාප්තිය වැඩි කරමින් සෞඛ්‍ය සහ රෝහල් අංශවලට නොමිලේ hot spot 5000ක් ලැබුණා.

දැනට කොමුනේ 3660 කට මේ නොමිලේ අන්තර්ජාල පහසුකම් ලැබෙනවා. 2016 ඇති වෙච්ච භූමිකම්පාවට ගොදුරු උනු Abruzzo, Lazio, March, Umbria ප්‍රාන්තවලට තමයි ප්‍රමුඛත්වයක් දීලා තියෙන්නෙ. එයිනුත් 2000කට අඩු ජනගහණයක් ඉන්න කුඩා කොමුනේවලට තමයි ලොකු ප්‍රමුඛස්ථානයක් ලැබෙන්නෙ. ඊට පස්සෙ තමයි ලොකු ජනගහණයක් ඉන්න ප්‍රදේශවලට මේ පහසුකම ව්‍යාප්ත කරන්නෙ.

මේ විදියට අන්තර්ජාල පහසුකම් නොමිලේම සපයන්න රජය දැනට යුරෝ මිලියන් 45 ක අරමුදලක් ඇති කරල තියෙන්නෙ. හැබැයි වැඩේ පටන් ගන්න කොට වෙන් කරල තිබ්බෙ යුරෝ මිලියන් 8ක් පමණයි. දැන් මේ විදියට නොමිලේ අන්තර්ජාලයට එළඹෙන්න නම් APP WiFi Italia කියන එක ඩවුන්ලෝඩ් කර ගන්න ඕනෙ. Android වලට වගේම iOS පද්ධති 2ටම මේ App එක ලබා ගන්න පුළුවන්. ඊට පසුව ඔබ කොහේ හිටියත්, කොහේ සංචාරය කලත් ඒ කිට්ටුව මේ ජාලයට සම්බන්ධ hot spot එකක් තියෙනවා නම් ඔබට නොමිලේම ඉන්ටර්නෙට්.

Sujith Yaddehige

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *